The title of the page
95

Arjun Suravaram (2019) Sinhala Subtitles|සහතිකපත් වංචාවේ සුල මුල සොයා|සිංහල උපසිරැසි සමග|

හැම ශිෂ්‍යයෙක්ගෙම පිටිපස්සේ ,
අම්ම කෙනෙක්ගේ සිහිනයක් තියෙනවා..
තාත්තා කෙනෙක්ගේ මහන්සියක් තියෙනව..
අපි ගොඩක් මහන්සිවෙලා ගන්න සහතික
නිකම්ම කඩදාසියක් විතරක් නෙමෙයි…
ඒක අපේ අනන්‍යතාව ….

අද ලෝකය ගත්තම මොනවද වංචා නොවෙන්නේ කියල තමා අහන්න තියෙන්නෙ.මොකද ඒ තරමට හැමතැනම දූෂණය , වංචාව පිරිලා.සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පෙළඹුනු මිනිස්සු ඒ වෙනුවෙන් කරන්නෙ හිතාගන්නවත් අමාරු විදියෙ වංචාවල්..
පොඩි කාලෙ ඉදන් අපි කා ලග වුනත් ඇති ලබාගත්ත සහතික ලැයිස්තුවක්.උප්පැන්න සහතිකේ ඉදන් අර, මේ සහතික අරගෙන අවසානයේ මරණ සහතිකේ දක්වාම අපේ ජීවිතේ මේ මේ දේවල් වුනා කියන්න සාක්ෂියක් තමා සහතික ඒ වගේම පිලිගැනීමක් තියෙන්නෙත්..
ඉතින් තමන්ට අයිති සහතිකයක් තව කෙනෙක් එයාගෙ විදියට පාවිච්චි කලොත් ..?

ආයුබෝවන් හැමෝටම අදත් එහෙනම් ආවෙ සුපුරුදු පරිදි තෙලිඟු සලරුවකට උපසිරැසි අරගෙන තමයි.ඉංග්‍රීසි භාශාවෙන් උපසිරැසියක් නිකුත් නොවුනු නිසා පොඩ්ඩක් පරක්කු වුනා අසාලිවීමක් කරන්න වුනු හන්දා.එහෙනම් ෆිල්ම් එක පැත්තට බහිමු..

Action | Crime වර්ගයට අයත් මේ චිත්‍රපටිය පසුගිය 2019 වසරේ නොවැම්බර් 29 වෙනිද තමයි තිරගත වීම ආරම්භ කලේ.IMDB දර්ශකය තුල 7.8 අගයකුත්, 95% ක ගූගල් පරිශීලකයන්ගෙ මනාපයත් මෙයට හිමි වී තිබෙනවා.. T. Santhosh ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ප්‍රධාන නලුවා ලෙසින් Nikil Siddarth සහ නිලිය ලෙසින් සුරූපි Lavanya Tripathi එක් වනවා.
කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

අර්ජුන් කියන්නේ ටීවී 99 චැනල් එකේ වාර්තාකාරයෙක්.ඉතින් මෙයා වාර්තාකාරයෙක් කියන කාරනය තාත්තගෙන් හංගන් ඉන්නෙ එයා අකමැති නිසා.පබ් එකක කුඩු විකුනන එකක් හොරෙන් වීඩියෝ කරන්න ගිහින් හෙනම ජංජාලයක් වෙනවා.එතනදි මෙයාට කාව්‍යව හම්බෙනව.එයත් ප්‍රවෘත්ති වාර්තාකාරනියක්.කොහිම හරි අර්ජුන්ට තියෙන්නෙ බීබීසී එකට ජොයින් වෙන්න හීනයක්.ඉතින් මෙයා කාව්‍යට බොරු කියනවා එයා බීබීසී එකේ වැඩ කරනව කියල.ඔහොම කතාව ගලාගෙන යනකොට තමයි අර්ජුන්ට ලොකු චෝදනාවක් එල්ල වෙන්නේ සහතික හොරට හදල අධ්‍යාපන ණයක් ගත්ත කියල..

ඉස්සරහට කතාව නියමෙට ගලාගෙන යනවා. ඒක දැනගන්න ඔයාට කතාව බලන්නම වෙනවා.
තවත් විශේෂම කාරණාවක්.මේකෙ නිකුත් වුනු ඔර්ජිනල් පිටපතේ සමහර දර්ශනයක් අඩුයි.ඒකෙ වෙන්නේ මොකක්ද කියල මං සබ් එකේ ගහල තියෙන්නෙ අවධානයෙන් බලන්න නැත්නම් ප්‍රශ්නයක් වෙයි..

හරි එහෙනම් මම ගිහින් එන්නම්, මේ තෙලිඟු සලරුවත් අරගෙන බලන්න එහෙනම් , තවත් අපූරු චිත්‍රපටයක සිංහල උපසිරැසිත් එන්නම් ඉක්මනින් ඔයාලා හම්බවෙන්න..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

7 comments

  1. Tharindu madushan

    Thanks bro…puluwannam 90ml akatath ikmanata sub aka denna…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. thanks brooooo

  4. Thanks

  5. ගොඩක් ස්තුතියි සහොදරයා

  6. SUb aka madaka idan aul ni mcn..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login