The title of the page
9.4
100
97

Arcane (2021) S01E07 Sinhala Subtitle | “ගැලවුම්කාර කොල්ලා” | සිංහල උපසිරැසි සමඟ

(Arcane (2021) S01E07 Sinhala Subtitle) (Arcane 2021 Sinhala Subtitles)

හැමෝටම සුබ දවසක්!

Arcane කියන්නෙ League of Legends විශ්ව⁣යේ සිදු වන කාටූන් කතා මාලාවක්. League of Legends ලාගේ 10 වෙනි සංවත්සරයේදි තමයි මේ කතා මාලාව ගැන මුළින්ම ප්‍රකාශයට පත් කෙරුණේ. ඒකේ දැනට සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු Riot Games Inc. සමාගම විසින් සිදු කරනවා. ඒ වගේම ඒකෙ කාටුන් නිර්මාණය කරන්නෙ ප්‍රංශයේ, පැරිස්වල තියෙන Fortiche Productions සමාගම විසින්. පළවෙනි කතා සමය විකාශය වෙන්න නියම වෙලා තිබුණේ 2020 අවුරුද්දෙදි, නමුත් COVID-19 වසංගතය හින්දා ඒක 2021 වෙනකන් කල් දාන්න සිද්ධ වුණා. 2021 මැයි 3 වෙනිදා Netflix සමාගම නිවේදනය කරලා තිබුණා, එන දෙසැම්බර් කිට්ටුව Netflix වල විශේෂිත දර්ශන වාරයකින් මේ කතා මාලාවේ විකාශය ආරම්භ කරනවා කියලා. ඒ අනුව, 2021 සැප්තැම්බර් 25 වෙනිදා ඔවුන් ප්‍රකාශ කරා පළවෙනි Episode 03, 2021 නොවැම්බර් 03 වෙනිදා විකාශය වෙනවා කියලා. කතාවේ Episode නිකුත් වෙන්නෙ අංග 03 ක් හැටියටයි. මේ එක අංගයක්, Episode 03 කින් සමන්විත වෙනවා. Episode එකක් දළ වශයෙන් මිනිත්තු 40 ක් තරම් දිගයි.

League of Legends ලෝකයේ තිරයේ පිටුපස කතාව පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතා මාලාවෙදි පුරවර දෙකක සියුම් සමබරතාවය ගැන ගැඹුරෙන් පෙන්වා දීමක් සිද්ධ වෙනවා. ඒ පොහොසත් යූටෝපියානු නගරයක් වන, පිල්ටෝවර් පුරවරය සහ පීඩිත උමං නගරයක් වන, ෂෝන් පුරවරයයි. ෂෝන් පුරවරය රුන්ටේරාව පුරාම හැඳුන්වූවේ “දියුණු වෙන පුරවරය” කියලයි. ගොඩක් බුද්ධිමත් අය බෙහෝ දෙනෙක් මේ නගර, තමන්ගේ ගෙවල් කියලා හඳුන්වාගත්තා. ඒත්, ඕනෑම කෙනෙකුට මායා ශක්තිය පාලනය කරන්න පුළුවන් “හෙක්ස්ටෙක්” නිර්මාණය කරපු එකෙන් ඒ සමබරතාවයට තර්ජනයක් වෙනවා. විරුවන් කණ්ඩායමක ඉන්න සංකේතාමත් විරුවන් දෙදෙනෙකුගේ නිදන් කතාව සහ ඔවුන් දෙකඩ කරවන බලය වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. මේ කතා මාලාව පාදක කරගනිපු පරිගණක ක්‍රීඩාව වගේම මේකත් “14+” ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරගෙන නිර්මාණය වුණු එකක්. නමුත්, ගොඩක් දුරට වැඩිහිටි මාතෘකා ගැනත් කතාවට බාජනය වෙනවා.

විරුවන්ගේ කල්ලියේ විරුවන් :-

“ඔහේ දැන්මම නොමැරුනොත් හොඳයි. මට ඔහේගේ දුර්වල ව්‍යූහ විද්‍යාවෙන් ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා​.”

                                                           – සින්ජ්ඩ්.

සින්ජ්ඩ් කියන්නෙ ෂෝන් පුරවරයේ සිටින ශ්‍රේෂ්ඨ බුද්ධියක් හිමි ආදිරසායනාඥයෙක්. ඔහු තමන්ගේ ජීවිතය කැප කරලා තියෙන්නෙ දැනුමේ සීමා මායිම් ඉක්මවා යන්නයි. ඔහුට වැය කිරීමට නොහැකි කිසිම ගෙවීමක් නැහැ, ඉතා උසස් වටිනාකමක් ඇති ඔහුගේම සිහි බුද්ධිය පවා ඔහු ඒ වෙනුවෙන් වැය කරාවි. ඔහුගේ මේ පිස්සුවට කෙලවරක් තියෙනවද​? ඔහුගේ බෙහෙත් වට්ටෝරු වරදින්නෙ කලාතුරකින්. ඒත්, සින්ජ්ඩ්ගේ මනුෂ්‍යත්වය පිරිහිලා තියෙනවා කියලයි බොහෝ දෙනෙක් දකින්නෙ. ඔහු යන තැන ඉතිරි වන්නෙ දුක්ඛිතබාවය සහ සන්ත්‍රාසය මුසු විෂ වළාකුලක් පමණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

10 comments

  1. sub eka mechchara ikmanata dunnata thanks 👌

  2. Thanks bro 🤘

  3. lock and key tv series ekt sub denwada

  4. Thnx for the sub

  5. අනිත් ටකෙත් සබ් දාන්නකො , tnx ahh 😀😍😍

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. well done.thanks bro

  8. දිසානායක බණ්ඩාරළාගේ අවිශ්ක පැතුම් සමරදිවාකර

    සුපිරියි… ♥️♥️♥️♥️

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login