The title of the page
6.9
89

Hostages (2020) S02E06 Sinhala Subtitles | “අල්ලන් සෙල්ලම්” | සිංහල උපසිරැසි සමඟ

(Hostages (2020) S02E06 Sinhala Subtitles)  (Hostages S02 Sinhala Subtitles)

2019 අවුරුද්දේ Hotstar එකෙන් රිලීස් වුන සුපිරි Web කතාමාලාවක දෙවනි කතා සමය තමයි අද ඔයාලට අරගෙන එන්නෙ..මේ කතා සමය නිකුත් වෙන්නේ පලවෙනි කතා සමය නිකුත් වෙලා අවුරුද්දකින්..ඒ කියන්නේ 2020 අවුරුද්දෙදි.. Indian Web සීරීස් කියන්නෙ දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියන සෙට් එකක්.. Family man , Scared Games , Mirzapur , වගේ සීරීස් බැලුවා නම් දන්නවනේ මේ වෙද්දි ඉන්දියන් වෙබ් සීරිස් හොඳ මට්ටමක තියනවා කියලා..ඉතින් අද අපි අරන් එන්නේ ඒ වගේ හොඳයි කියලා කියන්න පුලුවන් වුණ සීරිස් එකක දෙවනි කතා සමය…මේ කතා සමය කතාංග 12කින් සමන්විත වෙනවා…

2019 වසරේ Hotstar වෙතින් නිකුත් වුණු Hostages සීරිස් එකේ පලවෙනි සීසන් එක, බලපු අයට මතක ඇතිනේ..ඉතින් අද මේ විදියට පටන් ගන්න යන්නේ ඒ Hostages සීරිස් එකේ දෙවනි කතා සමය…මුලින්ම අපි සීරිස් එකේ රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.9/10 වගේ හොඳ අගයකුත් ගූගල් පරිශිලක මනාප 89% කුත් ගන්න මේ සීරිස් එක සමත් වෙලා තියනවා..

මේ කතා සමයට Ronit Roy,Mohan Kapoor,Dalip Tahil,Aashim Gulati,Divya Dutta සහ තවත් නලු නිළයන් රාශියක් රංගනයෙන් දායක වෙලා තියනවා..

ඉතින් දෙවනි සීසන් එක්දී වෙන්නේ පලවෙනි කතා සමය ඉවර වුණ තැනින් කතාව ඉදිරියට අරගෙන යන එක..ඒ නිසා මේ දෙවනි කතා සමය නරඹන්න කලින් පලවෙනි කතාසමය නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒක බලලම ඉන්න එක හොඳයි..පලවෙනි කතා සමය නොබලපු කෙනෙක්ට මෙතනින් ගිහින් පලවෙනි කතා සමයට අදාළ වීඩියෝ පිටපත් වගේම සිංහල උපසිරැසිත් ලබා ගන්න පුලුවන්..

ඉතින් මේ දෙවනි කතා සමය පටන් ගන්නේ ප්‍රිත්වි ප්‍රධාන අමාත්‍ය කේ.එල්.හන්ඩව සාර්ථකව පැහැර ගන්න එකෙන්..ඒ කියන්නේ හරියටම පලවෙනි කතා සමය අවසන් වන තැනින්ම මේක ආරම්භ වෙනවා..ඊට පස්සේ ප්‍රිත්වි තීරණය කරනවා හණ්ඩාවත් අරගෙන සබාගේ සැත්කම කරන්න වෙනත් ප්‍රාන්තයකට යන්න.. මේ නිසා ප්‍රිත්වි ඒකට ඕනකරන දේවල් ලෑස්ති කරනවා.. මේ අතරේ හණ්ඩා මැරුණා කියලා මුළු ප්‍රාන්තයේම ප්‍රචාරය කරනවා.. ඒත් ඒක එහෙම නැ කියලා හණ්ඩාගේ නෝනා දන්නවා.. සුබ්බ්‍රමනියම් නොහොත් සුබ්බු වෙන හණ්ඩගෙ ආරක්ෂක ප්‍රධානිත් මේ ගැන දැනගන්නවා.. සල්ලි වලට යටවුණු සුබ්බු හණ්ඩව මරන්න සැලසුම් කරලා හොයනවා..හොයද්දි ප්‍රිත්වි හණ්ඩවත් අරගෙන යනවා සුබ්බු දකිනවා.. කාර් එක යන පස්සෙන් සුබ්බුත් සහයකයා එක්ක යනවා.. මේ අතරේ පාරේ සිද්ධවෙන ප්‍රශ්නයක් නිසා කාර් එක නවත්තපු තැනකින් හණ්ඩා පැනලා යනවා.. දැන් ප්‍රිත්විත් සුබ්බුත් දෙන්නම හණ්ඩාව හොයනවා.. මේ අතරේ සබාට අසනීප වෙන නිසා පීටර්, සාරා සහ සබාගෙ මල්ලි එකතුවෙලා සබාව ඒ ළඟ පරණ මන්දිරයකට අරන් යනවා.. ප්‍රිත්විත් හණ්ඩාව කොහොමහරි හොයන් මන්දිරයට එනවා.. මෙතන හොයාගෙන එන සුබ්බුගෙ සහයකයා හා ප්‍රිත්වි අතරේ වෙඩි හුවමාරුවක් යනවා.. ඒකෙන් සහයක මැරෙනවා.. සුබ්බුත් මෙතනට එනවා.. ඒ අතරේ වෙඩි සද්දේ ගැන පොලිසියට ආරංචිවෙලා පොලිස් නිළධාරියෙක් හා නිළධාරිනියක් එතනට එනවා.. එයාලා ඇතුල් වුණාට පස්සේ ඇතිවෙන ගැටුමකින් පොලිස් කාන්තාව හිර කරගන්න ප්‍රිත්වි කටයුතු කරනවා.. මේත් එක්කම මේ සිද්ධිය දුරදිග ගිහින් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හන්වඩු ගැහෙනවා.. ත්‍රස්ත විමර්ශන අංශය පවා ඇවිත් කදවුරු බැදලා ආරක්ෂාව තහවුරු කරනවා..ඔන්න ඔය විදියට තමයි මේ කතා සමය ගලාගෙන යෑම ආරම්භ වෙන්නේ..

ඉතින් මීට වඩා කතාව ගැන මුකුත් කියන්න බලාපොරොත්තුවක් නෑ…අවසානෙට වෙන්නේ මොකද්ද කියලා ඔයාලම බලාගන්නකෝ…එහෙනම් ඉක්මනින් ඉතුරු කතාංග වලින් හමුවෙමු…හැමෝටම බුදු සරණයි…!!!

(Hostages Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Anith episodes kawadada denne ? ikmanata denna balanna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login