The title of the page
9.4
100
97

Arcane (2021) S01E05 Sinhala Subtitle | “සැමටම අවශ්‍ය සතුරන් වීමටයි” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් වේවා හැමෝටම​!

අද ඔයාලට අරගෙන එන උපසිරැසිය ගොඩක් විශේෂ එකක්. මේක මගේ 100 වෙනි සිංහල උපසිරැසිය​. ඇත්තටම මාර සතුටක් තියෙන්නෙ මේ වගේ කඩයිමක් පහු කරගන්න ලැබුණු එක ගැන​. මේකට ලොකුම ස්තුතිය ලැබෙන්න ඕන සමිත රමේෂ් සහෝදරයට​. උපසිරැසි කරන්න තිබුණු කැමැත්ත හින්දා සිනේරු අඩවියට සම්බන්ධ වෙන්න මේල් එකක් යවපු සැනින්ම ඒකට පිලිතුරක් එවලා උපසිරැසියකුත් තෝරලා දීලා මේ ගමනට පාර කපලා දුන්නෙ සමිත සහෝදරයා. එදා ඉඳලා, චිත්‍රපටියකට හෝ වේවා කතා මාලාවකට හෝ වේවා, උපසිරැසියක් දාගන්න මාරම උදව්වක් එයාගෙන් ලැබුණා. ඉතින් සමිත සහෝදරයාට​ ස්තුති කරන ගමන්ම,​ කියපු ගමන් උපසිරැසියකට කවර් එකක් හදලා උපසිරැසියත් වෙලාවට වෙබ් අඩවියට දාලා දෙන අංජුල උමේෂ් සහෝදරයාටත් මේ වෙලාවේ ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා.

ඒවගේම මගේ උපසිරැසි ගමනේ 100 වෙනි කඩයිම වෙනකන් පළ වුණු උපසිරැසි වෙනුවෙන් කමෙන්ට් එකක් ලියාගෙන ගියපු සහෝදර සහෝදරියන් හැම දෙනෙක්වමත් ආදරයෙන් මතක් කරනවා. ඉස්සරහටත් ඒවගේම කමෙන්ට් එකකින් සහයෝගයක් දීලා යන්න කියලත් ඉල්ලනවා. සෙන්චරියක් දැම්මා කියලා දැන්ම අවුට් වෙන්න හිතක් නැහැ. දිගටම බැට් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නෙ. ඒ හින්දා දිගටම සිනේරු අඩවියත් එක්ක රැඳිලා ඉන්න, ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් අලුත්ම කතා මාලාවලට​ වගේම චිත්‍රපටවලටත් උපසිරැසි අරගෙන එන්නම්.

Arcane කියන්නෙ League of Legends විශ්ව⁣යේ සිදු වන කාටූන් කතා මාලාවක්. League of Legends ලාගේ 10 වෙනි සංවත්සරයේදි තමයි මේ කතා මාලාව ගැන මුළින්ම ප්‍රකාශයට පත් කෙරුණේ. ඒකේ දැනට සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු Riot Games Inc. සමාගම විසින් සිදු කරනවා. ඒ වගේම ඒකෙ කාටුන් නිර්මාණය කරන්නෙ ප්‍රංශයේ, පැරිස්වල තියෙන Fortiche Productions සමාගම විසින්. පළවෙනි කතා සමය විකාශය වෙන්න නියම වෙලා තිබුණේ 2020 අවුරුද්දෙදි, නමුත් COVID-19 වසංගතය හින්දා ඒක 2021 වෙනකන් කල් දාන්න සිද්ධ වුණා. 2021 මැයි 3 වෙනිදා Netflix සමාගම නිවේදනය කරලා තිබුණා, එන දෙසැම්බර් කිට්ටුව Netflix වල විශේෂිත දර්ශන වාරයකින් මේ කතා මාලාවේ විකාශය ආරම්භ කරනවා කියලා. ඒ අනුව, 2021 සැප්තැම්බර් 25 වෙනිදා ඔවුන් ප්‍රකාශ කරා පළවෙනි Episode 03, 2021 නොවැම්බර් 03 වෙනිදා විකාශය වෙනවා කියලා. කතාවේ Episode නිකුත් වෙන්නෙ අංග 03 ක් හැටියටයි. මේ එක අංගයක්, Episode 03 කින් සමන්විත වෙනවා. Episode එකක් දළ වශයෙන් මිනිත්තු 40 ක් තරම් දිගයි.

League of Legends ලෝකයේ තිරයේ පිටුපස කතාව පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතා මාලාවෙදි පුරවර දෙකක සියුම් සමබරතාවය ගැන ගැඹුරෙන් පෙන්වා දීමක් සිද්ධ වෙනවා. ඒ පොහොසත් යූටෝපියානු නගරයක් වන, පිල්ටෝවර් පුරවරය සහ පීඩිත උමං නගරයක් වන, ෂෝන් පුරවරයයි. ෂෝන් පුරවරය රුන්ටේරාව පුරාම හැඳුන්වූවේ “දියුණු වෙන පුරවරය” කියලයි. ගොඩක් බුද්ධිමත් අය බෙහෝ දෙනෙක් මේ නගර, තමන්ගේ ගෙවල් කියලා හඳුන්වාගත්තා. ඒත්, ඕනෑම කෙනෙකුට මායා ශක්තිය පාලනය කරන්න පුළුවන් “හෙක්ස්ටෙක්” නිර්මාණය කරපු එකෙන් ඒ සමබරතාවයට තර්ජනයක් වෙනවා. විරුවන් කණ්ඩායමක ඉන්න සංකේතාමත් විරුවන් දෙදෙනෙකුගේ නිදන් කතාව සහ ඔවුන් දෙකඩ කරවන බලය වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. මේ කතා මාලාව පාදක කරගනිපු පරිගණක ක්‍රීඩාව වගේම මේකත් “14+” ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරගෙන නිර්මාණය වුණු එකක්. නමුත්, ගොඩක් දුරට වැඩිහිටි මාතෘකා ගැනත් කතාවට බාජනය වෙනවා.

විරුවන්ගේ කල්ලියේ විරුවන් :-

“මාත් එක්ක වළියක් අවුලව ගත්ත එක තමයි ඔහේ අද දවසට කරපු ගොබ්බම වැඩේ – එතනම​ ගොඩක් දේවල් කියවෙනවා.”

                                                                – ජේස්.

ජේස් කියන්නෙ පිල්ටෝවර් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ එහි නොනැවති සිදුවන ප්‍රගතිය​ වෙනුවෙන් කැප වෙලා ඉන්න විශිෂ්ට නව නිපැයුම්කරුවෙක්. වෙනස් වෙන සුළු හෙක්ස්ටෙක් මිටියක් අත දරාගෙන සිටින ඔහු, ඔහුගේ ශක්තියත්, ධෛර්යයත් සහ ප්‍රබල බුද්ධියත් භාවිතා කරමින් ඔහුගේ උපන් නගරය ආරක්ෂා කිරීමට වෙහෙස වෙනවා. පුරවරය පුරා වීරයෙක් ලෙස ජනප්‍රිය වි සිටියත් ඔහු එම සත්කාරවලට එතරම් වැඩි කැමැත්තක් නොදක්වයි. ඒ වුණත්, ජේස්ගේ හදවත ඇත්තෙ හරිම තැනයි. ඔහුට ඊර්ෂිය කරන අය පවා ඔහු මෙම ප්‍රගතිමත් නගරය ආරක්ෂා කරන දරන වෑයමට කෘතඥ වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

21 comments

  1. 🎀100🎀 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ🥳

  2. 100 ta suba pethum..
    Digatama demu..
    Thank you..

  3. amila
    Cineru Family Member

    congratulations 😍👌

  4. Sub එකට thanks සහෝ sub එක දෙනකම් බලාගෙන ඉන්නේ , site එකට ඇවිල්ලා බල බල යනවා 😉 ආසාවෙන් බලන්න සෙට් උන සීරීස් එකක් 😀 ජය 🔥😈🖤

  5. Supiri bnn.. suba suba 100ta..

  6. 100ට සුබ පැතුම් මචං..❤️

  7. අද දවසට 5ස් පාරක් ඇවිත් සයිට් එක රී ෆ්‍රෂ් කර කර ගියා 😂 Congratulations For 100 subs bro❤️

  8. Thnx for sub

  9. Auto sub nadda machn

  10. ad ekak denne nadd guys

  11. Shan Shenow
    Cineru Family Member

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ! ❤

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  13. Sub ekata thank you.ithuru tikath ikmanata denawada.♥️🤘

  14. nice bro. good luck

  15. good. thanks for sub

  16. 100 sub. well done bro

  17. congratulations Bro for your 100th Sub
    Good Luck ❤️

  18. සබ් එකට ගොඩක් තෑන්ක්ස් අනේ පුලුවන් නම් beauty and the beast tv series එකේ සබ් දෙන්ඩකො

  19. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login