The title of the page
Anveshanam Sinhala Sub
6
77

Anveshanam (2020) Sinhala Subtitles|විමර්ශනය|සිංහල උපසිරැසි සමඟ

කතාවක් තියෙනවනෙ දරුවෙක් ඉපදුන දවසෙ තමයි අම්මෙකුයි, තාත්තෙකුයි උපදින්නෙ කියලා.. මොකද දරුවන් කියන්නෙ මේ ලෝකෙ තියෙන වටිනාම වස්තුවක්..(Anveshanam Sinhala Sub)

ඒ වගේම තමන්ගෙ දරුවට සුලු හරි අනතුරක් වෙන්න නොදී ආදරයෙන් රැක බලාගන්න එක දෙමව්පියන්ට පැවරෙන ලොකු වගකීමක්..

ඉතින් දෙමව්පියන්ට මේ තරම් වටින දරුවෙකුගෙන් එක මොහොතකට ඇස ඉවතට ගත්තොත් ඒ දරුවට මොනවගේ ඉරණමක් අත් වෙන්න පුලුවන්ද ?..

Anveshanam Sinhala Sub

2020 වසර මලයාලම් සිනමාවට සුභදායී වසරක්. වාණිජ මෙන්ම නිර්මාණාත්මක සිනමාපට කිහිපයක්ම මේ වන විටත් නිකුත්වී තිබෙනවා. ඉතින් මේ අරගෙන ආවෙත් ඒවගේ 2020 නිකුත් වුණ සුපිරිම ගණයේ Drama / Thriler / Mystery ශානරයට අයත වෙන අපූරු සිනමා සිත්තමක්..

2020 ජනවාරි මස 31 වනදා තිරගත වීම ඇරඹුනු විනාඩි 102 ධාවන කාලයක් සහිත
අන්වේශනම් චිත්‍රපටිය නොමඳ විචාරක පැසසුම් ලබාගැනීමට සමත්  වුනා..
ඒ වගේම IMDb අගය 6.2 ලෙස සටහන් කරමින්,
88% ක ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් සමත් උන මේ අපූරු සලරුව අධ්‍යක්ෂනය කරන්නෙ Prasobh Vijayan විසින්. නිශ්පාදනය කරන්නෙ AV Anoop, Mukesh R. Mehta සහ C.V. Sarathi විසින්. Shruthi Ramachandran, Jayasurya, Leona Lishoy , Lal  රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්..

මේක පවුලක් වටා ගෙතුනු කතාවක් කිව්වොත් නිවැරදියි. මේ පවුලේ සාමාජිකයෝ හතර දෙනයි.. පවුලේ පුංචි සාමාජිකයො දෙන්නා තමයි අචූ සහ මිචූ.. අරවින්ද්, කවිතා කියන්නෙ මෙයාලගෙ අම්මයි තාත්තයි.. අරවින්ද් රූපවාහිනී නාලිකාවක සේවය කරන කෙනෙක්. මෙයාගෙ බිරිඳ කවිතා ගෙදරට වෙලා ළමයි දෙන්නවත් බලාගෙන ඉන්නවා..  ඉතින් කොහොම හරි දවසක්  අචූ සෙල්ලම් කර කර ඉන්නකොට හදිසි අනතුරකට ලක් වෙනවා.. (මොකක්ද කියල කියන්නේ නැත්තේ ත්‍රිලර් චිත්‍රපටියක් පොඩ්ඩක් හරි spoil වුනොත් ඒකෙන් වැඩක් නැති වෙන නිසා.. 🙈😁)  කොහොමහරි මේ අනතුරෙන් පස්සේ ඔලුවට වදින තද පහරක් නිසා අචූට සිහිය නැතිවෙලා රෝහල් ගත කරනවා.. ඒත් මේ  ළමයා අපයෝජනයට ලක් වෙලාද කියලා රෝහල් කාර්ය මණ්ඩලයට සැකයක් ඇතිවෙනවා. ඊට පස්සේ මේ ගැන පොලිසියෙන් පරීක්ෂණ පවත්වනවා.. එතනින් එහාට කිසි දෙයක්  කියන්න යන්නේ නෑ.. මම සඳහන් නොකරපු චරිත, ඒ වගේම සිද්ධි ගොඩක් චිත්‍රපටය තුළ අන්තර්ගතයි…

ඇත්තටම පුංචි අචූට සිද්ධ වුණේ මොකක්ද ?..

කාගෙ හරි අතින් අපයෝජනයට ලක් උනාද ?..

නැත්නම් ඇත්තටම  හදිසි අනතුරකට මුහුණ දුන්නද ?..

විනාඩි එකසිය දෙකක් පුරාවට දිවෙන මේ අපූරු මලයාලම් සලරුව නරඹලා ඔයාලම දැනගන්න.. ඇත්තටම මේ ළමයට මොකක්ද උනේ කියලා අන්තිම මොහොත වෙනකම් ඔයාලට හිතාගන්නවත් බැරිවේවි…

ජයවේවා !..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Lalani Maduwanthi

    Thank you,,,,godaak duka hithena kathawak,,,,,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login