The title of the page
8.1

ANUKTA (2019) Sinhala Subtitles | “සැඟවී තිබූ ඝාතන නඩුව ” | සිංහල උපසිරැසි සමග

දකුණු ඉන්දියානු සිනමා රසිකයින් තුළ කණ්නඩ සිනමා නිර්මාණයන් පිළිබඳව නව පිබිදීමක් ඇති වෙමින් තිබෙනවා. KGF චිත්‍රපටියත් සමග ඇරඹුන මෙම පිබිදීමට මෑතකදී අන්තර්ජාලයට මුදාහැරුනු දියා, ලව් මොක්ටේල් වැනි සිනමා නිර්මාණ බෙහෙවින් ඉවහල් වුනා. අද දින උපසිරැසිය රැගෙන එන්නේද ⁣නුදුරු දිනක අන්තර්ජාලයට මුදා හැරුණු 8.1/10 ක IMDb අගයකට හිමිකම් කියන අනුක්තා(Anukta) නමැති ත්‍රිලර් ශානරයට අයත් වන කණ්නඩ චිත්‍රපටිය වෙනුවෙනුයි. චිත්‍රපටිය පිළිබඳව යමක් පැවසීමට පෙර කණ්නඩ සිනමා කර්මාන්තය පිළිබඳව වචන කිහිපයක් පැවසිය යුතුමයි.(anukta 2019 sinhala sub)

පළමු කණ්නඩ කථා නාද චිත්‍රපටිය ?

ලෙස සැලකෙන්නේ 1934 වසරේ තිරගත වුනු, Y.V. Rao අධ්‍යක්ෂණය කළ Sati Sulochana නමැති චිත්‍රපටියයි.

එතැන් සිට තිරගත වුනු කණ්නඩ සිනමා නිර්මාණයන් අතර;

🔰 B. V. Karanth අධ්‍යක්ෂණය කළ Chomana Dudi (1975) චිත්‍රපටිය.

🔰Girish Karnad අධ්‍යක්ෂණය කළ Kaadu (1973) චිත්‍රපටිය.

🔰Pattabhirama Reddy අධ්‍යක්ෂණය කළ Samskara (1970) චිත්‍රපටිය.
U. R. Ananthamurthy විසින් රචනා කල නවකතාවක් මත පදනම් වුනු මෙය Locarno International Film Festival උත්සවයේදී සම්මානයට පාත්‍රවිය.

🔰T. S. Nagabharana අධ්‍යක්ෂණය කළ Mysuru Mallige චිත්‍රපටිය (සම්මානනීය කිවිවර K. S. Narasimhaswamy⁣ගේ නිර්මාණයක් මත පදනම්වී ඇත)

🔰Girish Kasaravalli අධ්‍යක්ෂණය කළ Ghatashraddha (1977).
මෙය ජර්මනියේ පැවැති Manneham Film Festival හිදී සම්මානයට පත්විය.

🔰Dweepa (2002), මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටිය ලෙස සම්මානයට පාත්‍රවිය.

🔰Singeetam Srinivasa Rao අධ්‍යක්ෂණය කළ Pushpaka Vimana (1987). මෙම චිත්‍රපටිය Cannes Film Festival හිදී තිරගත විය.

🔰Prashanth Neel අධ්‍යක්ෂණය
K.G.F: Chapter 1 (2018).

මෙය ලොව පුරා තිරගත කිරීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 250 ආදායමක් උපයා ඇතැයි කියැවෙන අතර එවැන්නක් සිදු කළ පළමු කණ්නඩ චිත්‍රපටියද වේ.

රාජ්කුමාර්, විශ්නුවර්ධන් වැනි නළුවන්ගෙන් ඇරඹීම සනිටුහන් කල කණ්නඩ සිනමාව අද වන විට ප්‍රකාශ් රාජ්, උපේන්ද්‍ර, සුදීප්, රක්ශිත්, Puneeth, දර්ශන් සහ යාශ් වැනි රිදී තිරයේ පෙරළිකාර නළු සමූහයකින් සමන්විතවී ඇත.
අද ජනප්‍රියත්වයක් උසුලන නිළියන් කිහිප දෙනෙකුම සිනමා ජීවිතයට අත්පොත් තබා ඇත්තේ කණ්නඩ සිනමාව තුලිනි.

කණ්නඩ සිනමාව පිළිබඳව මෑත කාලයේ සියලු දෙනාගේම අවධානය ලක්වීමට හේතු වූයේ ප්‍රශාන්ත් නීල් අධ්‍යක්ෂණය කළ KGF Chapter 1 චිත්‍රපටියයි. නමුත් කණ්නඩ සිනමාව යනු බොහෝ කලකට පෙර සිටම ඉතා තාත්වික, මනහර, පෘථුල ජීවන දර්ශනයකින් හෙබි, නරඹන්නාගේ ජීවන විඥානය පුළුල් කරවන සිනමා නිර්මාණයන් බහුල සිනමා ධාරාවක් ලෙස හැඳින්වීම නිවැරදිය. අද වන විට තාත්වික යැයි පවසන ඇතැම් සිනමා කර්මාන්තයන් ඉතා අතාත්ත්විකව තිබුණු ඈත අතීතයේ පවා කණ්නඩ සිනමාවෙන් තාත්වික සිනමා නිර්මාණයන් බිහිවී තිබේ.
………………………………………………………..
නැවතත් අපගේ චිත්‍රපටිය දෙසට අවධානය යොමු කරමු.
Anukta සිනමාපටය සඳහා රංගනයෙන් දායක වනු ලබන්නේ සම්පත් රාජ් සමග අනූ ප්‍රභාකර්, කාර්තික් අතර්වා ඇතුලු නළු නිළියන් සමූහයකි.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත්තේ අශ්වන්ත් සැමුවෙල් විසින් වන අතර සංගීත නිර්මාණය නොබින් පෝල් විසින් සිදුකර ඇත.
චිත්‍රපටියේ කතාව ගෙතී ඇත්තේ අබිරහස් අයුරින් සිදුවුනු මරණයක සුලමුල සොයා යන අපරාධ පරීක්ෂණයක් වටාය. දේශපාලන නායකයකු මරා දැමෙන අතර ඔහුගේ මරණය පිළිබඳව විවිධ කථාන්තර පැවසෙයි. මේ සැකකටයුතු මරණය පිළිබඳව සොයා බැලීමට පැමිණෙන විශේෂ විමර්ශන නිලධාරියා හට අපරාධකරු සොයා ගැනීමට හැකි වේවිද?

සටහන :- ඉන්දීවරී හේරත්

මේ ෆිල්ම් එක සිංහල උපසිරැසි ගන්වපු කෙනා විදියට ⁣මමත් පොඩි දෙයක් කියන්නම්…ෆිල්ම් එකට නිකුත් වුණු ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ ගොඩක් තැන් වල වැරදි තිබුණා..ඒ නිසා මට පුලුවන් ආකාරයට මම ඒ වැරදි නිවැරදි කරලා ෆිල්ම් එකට සාධාරණයක් කරන්න උත්සහා කරා..ඒ නිසා මම මේ සිනමා සිත්තම සිංහල උපසිරැසිය එක්ක රසවිඳින අයගෙන් ඉල්ලීමක් කරනවා..කිසිම වෙලාවක මේ සිංහල උපසිරැසිය ඉංග්‍රීසි උපසිරැසි පිටපතත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා කියලා…මොකද ඒ පිටපතේ චිත්‍රපටියෙ දෙබස් වලට කොහෙත්ම අදාළ නැති වචන යොදාගෙන තියනවා…කොහොම හරි අන්තිමට ඔන්න ගොඩක් අය බලාගෙන හිටපු ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන ආවා..එහෙනම් සිංහල උපසිරැසිය අරගෙන ෆිල්ම් එක රසවිඳිනවා වගේම කමෙන්ට් එකක් දාලා යන්නත් අමත කරන්න එපා..එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම,

බුදු සරණයි..!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

8 comments

  1. ස්තූතියි මචං..බලාගෙන හිටපු එකක් ❤️😍

  2. Thanks broo mekata sub denakan balan hitiye puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri Thriller film ekak

  3. Thanks broo mekata sub denakan balan hitiye puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri Thriller film

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    Request :
    * 41: Naalpathyonny (2019) Malayalam
    * Bol (2011) Hindi
    * Operation Nakshatra (2019) Kannada
    * Eeb Allay Ooo (2020)
    *Mounam (2020) Kannada

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Sthuthi obata…

  7. සන්දීප මල්ශාන්
    Cineru Family Member

    නියමයි බන්

  8. Vimukthi Sampath

    bohoma isthuthi bro.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login