The title of the page
8.1
94

Ante Sundaraniki (2022) Sinhala Subtitle | ” සුන්දර්ගේ අපූරු සැලැස්ම ” | සිංහල උපසිරැසි සමඟ

ජයග්‍රාහී දිනයක සිට හමුවන යාලුවො හැමෝටම ආයුබෝවන් !
සුපුරුදු පරිදි අලුත් තෙලිඟු සිනමාපටයකට උපසිරැසි අරගෙන තමයි අද වෙබ් අඩවියට ගොඩ උනේ.

Ante Sundaraniki..මේ තෙලිඟු චිත්‍රපටය නිකුත් උනේ පසුගිය මාසෙ එනම් ජුනි 10 වෙනිදා.Drama / Rom : Com කාන්ඩයට අයත් මෙය ඉන්දියානු රුපියල් කෝටි 39ක පමණ බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උනා.ඒ තවත් චිත්‍රපට කිහිපයක්ම එක්ක තරඟ කරලා.ඉතින් තෙලිඟු සිනමාවේ තියෙන තරඟකාරිත්වය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.චිත්‍රපටය තෙලිඟු භාෂාව ප්‍රධාන කොටගෙන දමිල සහ මලයාලම් භාෂාවලින්ද සිනමාහල් වලට නිකුත් උනා.අද අපිට මෙහි ඔර්ජිනල් පිටපත් ලැබුනෙ Netflix හරහා.

චිත්‍රපටය ගැන වැඩි දුරට කතා කලොත් මේක ගැන මුලින්ම දැනගන්න ලැබෙන්නෙ 2020 නොවැම්බර් මාසයේදි.පසුව 2021 අප්‍රෙල් මාසයේ රූගත කිරීම ආරම්භ කරල 2022 ජනවාරි වන විට රූගත කිරීම් අවසන් කරන්න හැකිඋනා.ඒ කොරෝනා වයිරසය හමුවේ පැමිනි බාධා වලටද මුහුණ දෙමින්.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ නවක තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂක Vivek Athreya විසින්.මීට පෙර මොහු විසින් අධ්‍යක්ෂණය කල Brochevarevarura චිත්‍රපටය සහ Mental Madhilo කියන චිත්‍රපට දෙකත් සමහර අය බලල ඇති.අපේ සයිට් එකේ ඒවටත් සබ් තියේ බැලුවෙ නැත්නම් අරගෙන බලන්න අධ්‍යක්ෂක තුමාගෙ වෙනස්ම විදියේ හැකියාව ඔයාට බලාගන්න පුළුවන්.ඉතින් මේ ඔහුගේ තුන්වෙනි චිත්‍රපටය.ඒ වගේම Vivek Sagar ගෙ සංගීතයෙන් හැඩ වන මෙය Mytri Movies Makers බැනරය යටතේ තමයි නිෂ්පාදන වෙන්නේ.

එහෙනම් අපි යමු වැදගත්ම කොටසක් වෙන Cast එක පැත්තට.තෙලිඟු සිනමාවේ Natural Star නමින් හඳුන්වන Nani විසින් තමයි මෙහි ප්‍රධාන නලුවා ලෙසින් රංගන දායකත්වය සපයන්නෙ.ඉතින් මම පුද්ගලිකවම කැමති නලුවෙක් කියල ගොඩක් අය දන්නවත් ඇති.මොකද මම මේ ඔහුගේ චිත්‍රපටයක් වෙනුවෙන් කරන නවවන උපසිරැසි ගැන්වීම.ඉතින් මෙවර Nani එක්ක ප්‍රධාන නිලිය ලෙස එක්කාසු වෙන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන හැඩකාර මලයාලම් තාරකාවිය Nazriya Nazim විසින්.ඉතින් ඔන්න හා හා පුරා කියල ඇය තෙලිඟු සිනමාවට පා තබමින් රංගනයෙන් එක් වන පලමු චිත්‍රපටය තමයි මේක.දෙන්නගෙ Chemistry එක මොන තරම් දුරට සාර්ථක ද කියල ඔයාලම බලල තීරණය කරන්න.

මීට අමතරව තෙලිඟු සිනමාවේ දක්ෂ නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.විෂේශයෙන්ම මීට පෙර මම උපසිරැසි ගන්වපු නිතින්ගේ “Rang De” සහ “Bheeshma” චිත්‍රපට වලින් විනෝදකාමී පියෙක් විදියට රගපෑ Naresh ගරූ සහ Rohini ගරූ දෙන්න තමා මේ චිත්‍රපටයේ නානිගෙ අම්මටයි , තාත්තටයි රගපාන්නෙ.

ඉතින් එහෙනම් මම පොඩ්ඩක් කතාවත් මතක් කරන්නම්.

සුන්දර් කියන්නෙ සාමාන්‍ය සාම්ප්‍රදායික  හින්දු පවුලක අම්මයි , තාත්තයි , අත්තම්මයි එක්ක ජීවත් වෙන කොල්ලෙක්.ඔය සුන්දර කිව්වට මෙයාගෙ සම්පූර්ණ නම කිව්වොත් කියෝගන්න ගිහින් දිවත් පැටලෙයි.ඉතින් මේ පවුල මාර විදියට සම්ප්‍රදායට ලැදි පවුලක්.මේ කාරනේ හින්දා අපේ සුන්දර්ට වෙන්නෙ මාර වැඩ තමා.
එතකොට ලීලා කියන්නෙ ක්‍රිස්තියානි පවුලක කෙල්ලෙක්.එයාට ඕන කරන්නෙ තමන් වැඩක් කලහම ඒකට තමන්ගෙ නම ප්‍රසිද්ධ වෙනව බලන්න.සරලව කිව්වොත් එයාට ඕන එයාගෙ නම යන වැඩ කරන්න.ඉතින් සුන්දර්ට පොඩි කාලෙ වෙන වැඩක් හින්දා ඇමරිකා යන්න ඕන කියල හීනයක් ඇතිවෙනවා.ඒත් ඒක එහෙම ලේසි දෙයක් නෙමේ.

ඒ මොකද ? සුන්දර්ට පොඩි කාලෙ උනේ මොකද ? එතකොට ලිලී කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ? මේ හැමදේම දැනගන්න වෙන්නෙ නම් ඔයාට මේ ෆිල්ම් එක බලල තමා.

ඉතින් මට තව දෙයක් කියන්න අමතක උනා. ගොඩක් දෙනෙක් ආදරය කරන තවත් හැඩකාර නිලියක් වෙන මලයාලම් සිනමාවෙන් ප්‍රවිශ්ඨ උනු Anupama Parameshwaran ද මෙහි රංගනයෙන් එක් වෙනවා.

ඉතින් පොඩ්ඩක් චිත්‍රපටයේ ධාවන කාලය නම් වැඩි උනත් හරිම විනෝදෙන් කම්මැලි නැතුව ඔයාට මේ නිර්මාණය රසවිඳින්න හැකියාව ලැබෙනවාට නම් සැකයක් නෑ.හැමෝටම නරඹන්න ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.

හීන වලට මග පෑදෙනා නවමු වෙනසක් සමඟින් අලුත් හෙටක අසිරි දකින්නට මං පෙත් විවර වේවා’යි පතනවා.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

18 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Thanks for sub 👍👍 santhu straight forward 2016 movie ekatath sub one

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. සිනෙරූ සයිට් එකේ තෙළිඟු නම් මදුශාන් තමා.. තෑන්ක්ස් මල්ලි සබ් එකට ❤️🔥

  5. Supiri machooo….

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
    (Madushan Priyankara)

  7. Thnx Mcn ekenma 😍 Bs prsmin inda

  8. නාරා
    Cineru Family Member

    පාර පාර.. අන්ටේ සබ එක කරා 😂😂
    ධන්යවඩලු 😁😁

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  10. බොහොම ස්තුතියි නියම වැඩක්

  11. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ……….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  12. Jurrasik world domain eka dennakoo

  13. Jurassic world akata kauruth sub dunne nane den davas 3k venava webrip aka avith

    • WEBRip ආවේ නෑ මචං..HC HDRip කොපියක් ආවේ..ඒකට සබ් දෙන්නම් ඉක්මනටම..

  14. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏

  15. කමෙන්ට් කරපු හැමෝටම තෑන්ක්ස් ♥️

  16. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  17. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..h

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login