The title of the page

Anjaam Pathiraa (2020) Sinhala Subtitles |පස්වන මැදියම් රැය|සිංහල උපසිරැසි සමග|

⁣මේ වසරේ මුල් භාගය ලෝකේ සෑම රටකම සෑම අංශයක්ම කඩාවැටි හමාරයි . සමහර තැන් ආපසු ගොඩ ගන්න අපහසු තරමට වැටිලා හමාරයි. ඉන්දියානු සිනමාවත් මේ වන විට මග නතරවී හමාරයි. ඒ කොරෝනා වෛරසය ලෝකෙම අසරණ කරවූ නිසා. පසුගිය මාර්තු මාසය වන විට කොරෝනා වෛරසය ඉන්දියාවත් ගිල ගනිද්දි. ඉන්දියාවේ සියලුම සිනමා ශාලා වසා දැමුනා. තිරගත වෙන්න තිබු චිත්‍රපට ද දින නියමයක් නොමැතිව කල් ගියා. ඒ අතරේ පසුගිය ජනවාරි මාසයේ තිරගත වීම අරඹා. අතිසාර්ථකව කොරෝනා නිසා සිනමා ශාලා වැසි යන තෙක්ම තිරගත වුන සුපිරි මලයාලම් චිත්‍රපටය anjaam pathira. කෝටි පනහක බොක්ස් ඔෆිස් ආදායමක් ලබමින් දැනට මලයාලම් සිනමාවේ මෙම ව⁣සරේ වැඩිම ආදායම ලැබු චිත්‍රපටය බවට පත්ව හමාරයි .(anjaam pathiraa 2020 sinhala sub)

එතරම් ඉහල ආදායමක් ලබන්න හේතුව කුමක්ද? ඊට හේතුව තමයි ත්‍රිලර් චිත්‍රපට නිර්මාණකරණයේ ඉන්දියාවේ නිජභූමියක් බඳු කේරලයෙන් බිහිවු විශිෂ්ඨතම ඝනයේ ත්‍රිලර් චිත්‍රපටයක් වීම. ආරම්භයේ සිට වෙන දා දකින ත්‍රිලර් චිත්‍රපටයකට වඩා වෙනස්ම අත්දැකීම් සම්භාරයක් අවසානය වන තෙක්ම ලබාදෙන්නට සමත් ආකාරයේ සුපිරි නිර්මාණයක් ANJAAM PATHIRAA .

Crime/Thriller වර්ගීකරණය යටතේ 8.1%ක ඉහල IMDB අගයක් සේම ගූගල් පරිශීලකයන් ගෙ 97%ක ඉහල කැමැත්තක් ලබා ඇති මෙම නිර්මාණය .Midhun Manuel Thomas විසින් රචනා කොට අධ්‍යක්ෂණය කල අතරම SUSHIN SHYAM ගේ සුපිරි ඝනයේ සංගීතය චිත්‍රපටය පුරාවටම කාගේත් අවධානය චිත්‍රපටය තුලම රඳවා ගන්නට සමත්. ඊට හේතුව ත්‍රිලර් චිත්‍රපටයක් තුල තිබිය යුතුම භයංකර පසුබිම් සංගීතය විශිෂ්ඨ ලෙසම ඔහු විසින් නිර්මාණය කර තිබුනා. එමෙන්ම මෙය AASHIK USMAN ගේ නිශ්පාදනයක්.

චිත්‍රපටයේ චරිත නිරූපණය කරන රංගන ශිල්පීන් ගැන කතා කලොත්.

බලලා තියෙනවද Vettah,Virus,Take Off , twenty twenty වැනි සුපිරිම ත්‍රිලර් මලයාලම් චිත්‍රපට . එම චිත්‍රපට තුලින් ප්‍රෙක්ෂකයා ආදරය ඉහලින් දිනාගත් Kunchacko Boban මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. කවදත් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරන ඔහු මෙවරත් තමාගේ රංගන විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කොට හමාරයි.

ඔහුට අමතරව Sharaf U Dheen,Unnimaya Prasad,Jinu Joseph, සෙසු චරිත නිරූපණය කරනවා .

2020 ජනවාරි 20 වැනි දා කේරලයේදි තිරගත වුන මෙය අතිසාර්ථක ලෙස සීනමා ශාලා රැසක දින පනහක් පමණ තිරගත වුනා.

කතාව ගැන මම යමක් කිව්වොත් එය ඔබේ රසවින්දනයට කරන බාධාවක්. මොකද ත්‍රිලර් මලයාලමක නියම රහ දැනෙන්නනම් කතාව ගැන කිසිවක් නොදැන . නරඹාම දැනගත යුතුයි. එම නිසා කතාව ඔබම නරඹා රසවිඳින්න . ඉතිං මේ වගේ සුපිරි නිර්මාණය මග අැරගන්නේ නැතිව නරඹන්න කියලා ඉල්ලන ගමන්. මම නතර වෙනවා. තෙරුවන් සරණයි .

සටහන :- මධුශංඛ ලියනගේ

මම වචනයක් කිව්වොත් හොඳයි කියලා හිතනවා..මේක මම පලවෙනියටම සිංහල උපසිරැසි ගන්වපු මලයාලම් චිත්‍රපටය..මීට කලින් ගොඩක් භාෂාවල චිත්‍රපට වලට සිංහල උපසිරැසි කරලා තිබ්බට මලයාලම් ෆිල්ම් එකක් කරලා තිබ්බෙ නෑ..ඉතින් මම ආසම ෆිල්ම් කැටකරිය වෙන ත්‍රිලර් කාණ්ඩයේ චිත්‍රපටියක් නිසා මම මේක තෝර ගත්තා සිංහල උපසිරැසි ගන්වන්න..මේකට මට දිනේෂ් රුවන් සහෝදරයා සහ සචිත් විදුර සහෝදරයා හොඳ සහයෝගයක් ලබා දුන්නා…ඒ වගේම පසිඳු ජයශාන් අපේ මලයාලම් වැඩ්ඩව මතක් කරන්න ඕන…පසියා නැත්තන් මට කොහොමවත් මේ උපසිරැසිය සාර්තකව කරගන්න වෙන්නෑ….ඉතින් පසිඳු ජයශාන් සහෝට ගොඩක් විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕනි..

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙන බලාපොරොත්තුවෙන් නවතින්නම්..හැමෝටම,

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

5 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    පුලුවන්නම් Full Speed 2016 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ..මග ඇරිච්ච හොද එකක්…

  2. Thanx malli ❤️❤️❤️

  3. සිවෙන්ද්‍ර

    Thank for Sub

  4. Thanks very good

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login