The title of the page
Animal Sinhala Subtitle
Animal Sinhala Subtitle
6.7
31
80

Animal (2023) Sinhala Subtitles | “පිය සෙනෙහස වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(Animal (2023) Sinhala Subtitles) (Animal (2023) Sinhala Subtitle) (Animal (2023) Sinhala Sub) (Animal Sinhala Subtitle) (Animal Sinhala Sub) (Animal 2023 Sinhala Subtitle)

සුභ දවසක් හැමෝටම,

ඔන්න එහෙනම් හැමෝම කාලයක් තිස්සේ උද්‍යෝගයෙන් එනකන් බලන් හිටපු “ඇනිමල්” හින්දි ෆිල්ම් එකට මම උණු උණුවෙන් සිංහල උපසිරැසි අරගෙන ආවා.. මං සබ් ගහන්න අරන් මහ කාලයක් නෑ.. ඒ අතරින් පැය තුනකට අධික ධාවන කාලයක් හිමිවෙන මේ ෆිල්ම් එක මම තනියම රිස්ක් එකකුත් අරගෙන කරන්න ගත්තා. ඉතින් OTT රිලීස් වෙන්නත් ප්‍රමාණවත් කාලයක් තිබුනු නිසා මට ගාණට සබ් එක කොටලා ඉවර කර ගන්න පුළුවන් උනා.

2023 දෙසැම්බර් 1 වෙනිදා තිරගත කිරීම් ඇරඹි මේ ඇනිමල් ෆිල්ම් එකට 18+ කියලා ටැග් එක වැදුනත් හිතුවෙවත් නැති විදියට මේ ෆිල්ම් එක ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගන්න සමත් උනා. 2019 “කබීර් සිං” එකෙන් පස්සේ සන්දීප් රෙඩ්ඩි වන්ගා කරපු වෙනස්ම අත්හදා බැලීමක ප්‍රතිඵලයක් විදියට එළියට එන ඇනිමල් ෆිල්ම් එක කෙමෙන් කෙමෙන් 1000CR ආසන්නෙටම ඇවිත් තියෙනවා බලාගන්න පුළුවන්. ඒවගේම අද වෙද්දි 69 වෙනි Filmfare Awards එකටත් මේ ෆිල්ම් එක නිර්දේශිත වෙලා තියෙනවා බලාගන්න පුළුවන්.. කොටින්ම කිව්වොත් මේක රැල්ලක් හදපු ෆිල්ම් එකක්.

Animal Movie Lengthiest Run-Time in 2023 - RatpacCheck

මේ ෆිල්ම් එක කොච්චර හොද උනත් සුපිරි උනත් මේකට මික්ස් රිවීව්ස් තමයි ඇවිත් තිබුනේ.. ඒ ඇයි කියලා හොයලා බැලුවොත්.. මේ ෆිල්ම් එකේ පෙන්නන ප්‍රචන්ඩත්වය සහ කාන්තා හිංසනය වගේ දේවල් ගැන තමයි ඔවුන් කතා කරලා තියෙන්නේ.. ඉතින් අපිට විචාරකයොන්ගේ විචාර නවත්තන්න බෑ.. කොහොම උනත් මේ ෆිල්ම් එකේ තේමාව කරගෙන තියෙන්නේ තාත්තා කෙනෙක් වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන්න සූදානම් පුතෙක් ගැන. ඇත්තටම ඒක ආදරයකට එහා ගියපු එක්තරා විදියක පිස්සුවක්.. ඒ පුතාගෙන් ඒ තාත්තත් ඉගෙන ගත්තා වගේම මේ ෆිල්ම් එකෙනුත් අපිට ඉගෙන ගන්න හොද දේවලුත් නැතුවාම නොවෙයි.

බ්‍රහ්මස්ත්‍රා (2022) , තු ජෝති මේන් කක්කර් (2023) වගේ රොමෑන්ස් සම්භවයක ෆිල්ම් කර කර ඉදලා අන්තිමට ඇනිමල් එකෙන් ඇතුළේ හිටපු සතා එළියට ගත්තා නේද.. ඔව්.. මේ කියන්නේ රන්බීර් කපූර් ගැන තමයි. ඉතින් මං කලින් කියපු ෆිල්ම් දෙකත් මීට කලින් රැලි හදපු ෆිල්ම් දෙකක් තමයි.. ඉතින් කවදත් පර්ෆෙක්ට් විදියට වැඩක් කරන රන්බීර් ගැන කියන්න අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නෑ

ඒක නෙවෙයි මෙන්න මේකනේ රස කතාව මේ ෆිල්ම් එක වෙනකන් ඉන්දියාවේ නැෂනල් ක්‍රෂ් වෙලා හිටපු අපේ රෂ්මිකා මන්දනා අක්කගේ ටැග් එක ඔන්න මෙදා පාර ත්‍රිප්ටි ඩිම්‍රි අක්කට ගිහින් තියෙනවා. කොහොමින් හරි මේ දෙන්නම ඇනිමල් එකේ අපේ රන්විජේ සිංගේ පෙම්වතියෝ දෙන්නා විදියට අගනා රංගනයක නිරත වෙනවා බලාගන්න පුළුවන්.

ඒවගේම අනිල් කපූර් කියන්නෙත් හොද චරිතාන්විත නළුවෙක් කියලා අපි එදා ඉදන් දන්නවා..විටෙක දුෂ්ඨයෙක් විදියට විටෙක වීරයෙක් විදියට පෙනී හිටපු අනිල් කපූර් මෙදා විටෙක දඩබ්බර තාත්තා කෙනෙක් ලෙසිනුත් තවත් විටෙක ලයාන්විත තාත්තා කෙනෙක් විදියටත් බල්බීර් සිංගේ චරිතයට පණ පොවනවා බලාගන්න පුළුවන්.

බොබී ඩියෝල් සමගින් බැබ්ලෝ ප්‍රිත්වීරාජ් ඇනිමල් එකේ විලන් රෝල් අතට ගනිද්දි මේ දුෂ්ඨ චරිත වෙනම විදියකට කෲරත්වයක් එක් කරලා හදලා කියලයි මට නම් හිතුනේ.. ඒ අතරේ ගොඩක් අය මැසිවිලි නගලා තිබ්බෙ නම් ප්‍රිත්විරාජ්ගෙන් තව වැඩ ටික ගන්න තිබුනා කියලා.. ඔය සමහරු කියන කතා ඉතින්.. ඔයාලත් බලලා එහෙමද කියන්නකෝ..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Ranbir Kapoor – [රන්විජේ සිං]
Anil Kapoor – [බල්බීර් සිං] / [කෛලාෂ්]
Bobby Deol – [අබ්‍රාර් හක්]
Babloo Prithiveeraj – [අස්‍රාර් හක්]
Rashmika Mandanna – [ගීතාංජලී]
Triptii Dimri – [‍සෝයා]

Karthik 🚩 on X: "The cast of ANIMAL movie #AnimalTeaser #RanbirKapoor https://t.co/OytMPHHujB" / X

වර්තමානය වන විට ස්වස්තික් ස්ටීල් වානේ සමාගමේ ප්‍රධානී වන බල්බීර් සිං කියන්නේ තමන්ගේ බිස්නස් එකටම කැපවෙලා හිටපු පුද්ගලයෙක්.. බල්බීල්ට ළමයිනුත් තුන් දෙනෙක් ඉන්නවා වගේම ඔහුගේ දෙවෙනි දරුවා උනු රන්විජේ සිංට පොඩි කාලේ ඉදලම තාත්තගේ ආදරේට පිස්සු වැටුනු කෙනෙක්. ඒත් ඒ කෑදර ආදරේ හින්දම අන්තිමට එයා අහක යන කරදර වලත් පැටලෙන්න ගත්තා.. දරුවෙකුට ආදරේ අවශ්‍ය කාලෙදි ඒ ආදරේ නොලැබුනාම තමයි ඒ දරුවෝ වෙන වෙන දේවල් වලට යොමු වෙන්නේ.. ඉතින් එහෙම කිව්වා කියලා රන්විජේ අපතයෙක් උනේ නෑ.. හැබැයි එයා ටික ටික මුරණ්ඩු වෙලා එයා තනි තීරණ අරන් තාත්තා වගේ ස්වාධීන වෙන්න උත්සහා ගන්නවා අපිට බලාගන්න පුළුවන්..

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

ඒවගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ විදින්න පුළුවන් ලස්සන ගීත 9ක් තියෙනවා. අවසානෙට ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා ඔන්න.. අවසාන වශයෙන් කියන්න ඕන චිත්‍රපටියක උපසිරැසි ගන්වන එක ලේසි කර්තව්‍යක් නෙවෙයි. ඉතින් මේ වෙනුවෙන් තිරය පිටුපස ඉදන් උදව් කරපු හැමෝටම මෙසේ ස්තුති කරනවා !

එහෙනම් ගිහින් එන්නම් ,තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.

ඔබට ජය !

Animal | Anil Kapoor, Ranbir Kapoor, Rashmika Mandanna, Bobby Deol | Page 6 | DreamDTH Forums - Television Discussion Community

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


31
Total Subtitles

14 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    aapugaman sub eka apata dunnata
    godak pin saho ………………………!!

  2. සුපිරි සුපිරි යාලුවා තැන්ක්ස් යු 🙂😍

  3. Hindi Tamil films download karaganna puluwan website monad kiyala danna knk kynkooo

    • Anjula Umesh
      Cineru Family Member

      අපේ සයිට් එකෙන්ම අපි සබ් දෙන හැම ෆිල්ම් එකක්ම ටීවි සීරිස් එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

      • Sudeera රාජපක්ෂ

        මට video ඩව්න්ලෝඩ් ලින්ක් එක පෙන්නන්නෑනේ

        • samitha
          Cineru Family Member

          සයිට් එකට ලොගින් වෙලා බලන්න පෙන්වයි ඔයාට

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Thank you for subtitle

  6. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

  7. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  8. thanks machan

  9. sub ekata godak pin malli..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login