The title of the page

Andhhagadu (2017) Sinhala Subtitles | පලිගැනීම වෙනුවෙන් අපූරු සැලැස්මක් | සිංහල උපසිරැසි සමග|

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවුනු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..ඒ ඛේදනීය සිදුවීමත් සමඟ අපේ වෙබ් අඩවියේ වැඩකටයුතුත් අපි තාවකාලිකව නතර කරල දාලයි තිබුනේ..

ඉතින් කොහොමහරි ඒ අමිහිරි මතකයන් සදහටම හිතේ තබාගෙනම ඔයාලා වෙනුවෙන් තවත් තෙලිඟු  උපසිරසක් අරගෙනයි මේ ආවේ..

කාලෙකට කලින් පටන් ගත්තත් ගොඩක් අයගෙ ඉල්ලීම් අනුව උපසිරස නිර්මාණය කරන්න වුනු නිසයි මේක පරක්කු වුනේ..

මේ සලරුව තිරගතවීම ආරම්භ කරන්නේ 2017 අවුරුද්දේ ජුනි 02.. Akhil (2015) , Winner (2017) වගේ තෙලිඟු සිනමාපට අධ්‍යක්ෂණය කල  Veligonda Srinivas අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මෙය සඳහා IMDB දර්ශකය තුල 5.7 ක අගයක් වගේම, Google පරිශීලකයන්ගෙන් 86% ක මනාපයකුත් මේ සඳහා හිමි වී තිබෙනවා.

ප්‍රධාන නලුවා ලෙස එක්වන්නේ Lover 2018 හි රංගනයෙන් එක් වුනු අපි කව්රුත් දන්න Tharun Raj ..ඒ වගේම ප්‍රධාන නිලිය ලෙස එක් වන්නේ අපි හොඳින් දන්න හුරුබුහුටි හැඩකාර Hebah Patel විසින්.ඉතින් මං අවසාන වරට උපසිරස කරපු 24 Kisses (2018) එකෙත් ප්‍රධාන නිලියට හිටියේ මෙයාම තමා.ඒ වගේම 2015 අවුරුද්දේ තිරගතවුනු Kumari 21f චිත්‍රපටයේ ප්‍රධාන නලු නිලියන් වශයෙන් කටයුතු කලෙත් මේ ජෝඩුව තමා..ඒකත් බලල නැත්නම් බලන්න.ඒකෙන් පස්සෙ තමා ආයි මේ දෙන්න මෙහෙම චිත්‍රපටයකින් එකතු වෙන්නේ..

හරි එහෙනම් පොඩ්ඩක් කතාව මතක් කරන්නම්.. ‘ගෞතම්’ අපේ කතා නායකයා..එයා උපතින්ම අන්ධයි.තමන්ගෙ යාලුවො තුන් දෙනත් එක්ක අන්ධ පාසලක තමා මෙයාල හැදී වැඩෙන්නේ..කොහොමහරි ගෞතම්ට පෙනීම ලැබෙනවා..ඒ කොහොමද කියල ෆිල්ම් එක බලද්දි දැනගන්න පුලුවන් ඔයාලට…ඒත් ගෞතම් තමන්ට ඇස් ඕනි නෑ ඒව අයින් කරන්න කියල ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් කියනවා..

ඒ මොකක් නිසා වෙන්න ඇත්ද ? මේක පිටිපස්සෙ සැඟවුනු ලොකු කතාවක් තියෙනවා.තේරුම් ගන්නනම් අන්තිම වෙනකම්ම බලන්න ඕනි ඉතින් …

එහෙනම් තවත් ලස්සන තෙලිඟු සලරුවක් බලන්න ආරාධනා කරන ගමන් ගිහිං එන්නම්..

පුලුවන් අය ඉතින් කමෙන්ටුවක් එකතු කරල තව තවත් උපසිරැසි නිර්මාණ අරන් එන්න දිරියක් වෙන්න කියලා ඉල්ලනවා…

තවත් උපසිරසකින් හමුවනතුරු ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

18 comments

  1. Godak stuthi sahooo sub ekata…

  2. Peter Barthelot
    Cineru Family Member

    එල එල , ඕම්ම යමු. Good Luck

  3. Thanks for sub bro (juvva 2018 / ABBAITHO AMMAYI 2016 ) films walata sub dennako bro please……….!!!!!!!!

    • මදුශාන් ප්‍රියංකර
      Cineru Family Member

      අනිවා සහෝ..දෙන්න බලන්නම් 👍

  4. Bro. Me sub eka ( VANTHA RAJAVANTHAAN VARUVEN 2019) film eke sub ekane………….. Ikmanata andhhgadu film eke dub eka Hadala dennako…..please…..

    • මදුශාන් ප්‍රියංකර
      Cineru Family Member

      හරි සහෝ..දැන් හදල තියෙන්නේ ..තෑන්ක්ස් දැනුවත් කලාට

  5. මචං ෆිල්ම් එකේ නමයි සබ් එක දිලා තියෙන නමයි වෙනස් බං. එක හදලා දහන් ඇඩ්මින් සබ් එක දුවන්නේ vantha rajavanthaan varuven කියන ෆිල්ම් එකට. එත් ඔයාලා නම ඩවුන්ලොඩ් කරන්න දලා තියෙන්නේ andhagadu කියන ෆිල්ම් එක. මම ඩවුන්ලොඩ් කරත් එක්ක වැරදි ෆිල්ම් එක. හරි ගස්සන්න

    • මදුශාන් ප්‍රියංකර
      Cineru Family Member

      තෑන්ක්ස් සහෝ දැනුවත් කලාට..සොරි..දැන් අව්ලක් නෑ ගන්න..හරිගස්සල තියෙන්නේ ❤

  6. Thanks bro …..

  7. Ela Ela ,Good luck 👍👍👍💕💕

  8. සුපිරි මචන් එලම ❤️❤️

  9. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  10. thanx mchoo thwa sub gemu… jaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login