The title of the page
8.7
97

Anbe Sivam (2003) | සිංහල උපසිරැසි සමග |

පැය 2 යි විනාඩි 40 ක් දුවන මේ ෆිලුමේ අධ්‍යක්ෂණය Sundar C විසින් මනාව නිමවා ඇති අතර. K. Muralitharan, V. Swaminathan,G. Venugopal හා Sunder C ගේ සම නිෂ්පාදනයෙන් Lakshmi Movie Makers විසිනි.

මෙය කොමඩි / ඩ්‍රාමා ඝණයට අයත් 2003 තිරයට පැමිණි දමිළ සලරුව 8.8/10 IMDb මීටරය කරකවා ඇති අතර දමිළ සිනමා ලොවේ නොමැකෙන නාමයක් රදවා දැනටත් Top Ratings Tamil Movies කියන කැටගරියේ දෙවෙනි වී ඇත්තේ මා මීට පෙර සිංහල සබ්ටයිටල් එක ගෙනා කමලහාසන්ගේම නිර්මාණයක් වන නායගන් වලට පමණි.

මෙහි විශ්ෂත්වය නම් කතාව මෙහි ප්‍රධාන චරිතයට පන පොවන කමලහාසන්ගේම වීමයි. මෙහි රංගනයෙන් කමලහාසන්ට සහය වන්නේ මාධවන් හා කිරන් විසිනි .

ඉන්දියානු රුපියල් මිලියන120 ක් වියදමකින් නිෂ්පාදනය වූ සිනමා පටය කොමියුනිස්ට් වාදය, අදේවවාදය, පරහිතකාමිත්වය තේමාවක් කරගෙන ඇති අතර කමලහසන්ගේ චරිතය විදහා දක්වන්නේ මානවහිතවාදියෙක් ලෙසයි.

මෙය 2003 ජනවාරි මස 15 වන දින තිරගත වු අන්බේ සිවම්ට ධනාත්මක විචාරයන් ලැබුනත් ආදායම් වාර්තා තබන්නට නොහැකිවීම කනගාටුවකි. මේක ආදායම් වාර්තා තැබු චිත්‍රපටි පමණක් විශිෂ්ට ඝණයේ චිත්‍රපටි යයි සිතා සිටින අපට නැවත සිතීමට ඉඩ සලස්වනවා ඇත.

51වෙනි Filmfare Awards South හි විශේෂ ජුරියේ සම්මානය ලබාගත් අතර එහිදි හොදම සිනවාව හා හොදම නලුවා (කමලහාසන්) සදහා නාමයෝජනා විය. නමුත් මේ ෆිලුම මගින් මාධවන් හොදම නලුවා ලෙස 2003 Tamil Nadu State Film Awards දිනා ගන්නා ලදි.

කමලහාසන්ගේ රගපෑම ගැනනම් මට කට්ටියට වෙනම කියන්න ඕන නෑ නේ. රංගනයේ විශ්වකෝෂය කියල කියන්න පුලුවන් කෙනෙක් තමයි කමලහසන්. ඒ නිසා එයා ගැන විශේෂයෙන් මොනවත් කියන්න යන්නේ නෑ. එක දෙයයි කෙටියෙන් කියන්න තියෙන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එහා ගිය මානූෂිය චරියක් , එය කෙනෙකුට මේම මිනිසෙක් ඉන්නවා නේද කියල හිතෙන තරමටම රංගනය තාත්විකයි.

මාධවන් මෙයත් පොඩිපහේ මිනිහෙක් නෙවෙයි, බොලිවුඩ් සිනමාවේ සාර්ථකත්වයක් ලබා ගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒකත් දකුණු ඉන්දියානු සිනමාවෙන් ගිහින් ඒක කරන එක කොහෙත්ම ලේසි නෑ. ඒ රසිකයන් බලන කොනය වෙනස්. නමුත් මේ මාධවන් බොලිවුඩයෙත් සාර්ථක වූ නලුවෙක් කිව්වනම් රංගනය ගැන කුමන කතාද. දැන් වගේ නෙවෙයි මේ මාධවන් වසර පහලවකට පෙර රගපෑ මේ සලරුව ඒ කාලේදීම ඔහුගේ ඉදිරිගමන පැහැදිලි කලා කියන්න පුලුවන් . ඒ තරුණ මාධවන් දමිළ සිනමාවේ පතාකයෙක් සමග රංගනෙයේ යෙදී හොදම නලුවා ලෙස තමිල්නාඩු රජයෙන් පිරිනමන Tamil Nadu State Film Awards මේ සිනමාවතුලින් දිනා ගැනීමයි.

කතාව, තරුණ මාධවන් ( අර්ෂ් නොහෝත් අන්බරසන්) හා අංගවිකල කමලහසන් ( නල්ලසිවම් නොහෝත් නල්ලා) අහඹුලෙස ගුවන් තොටේදී මුන ගැසෙන මොවුන් පවතින අයහපත් කාලගුනය නිසාත් මොවුන් දෙදෙනාගේ ගමනාන්තය එකම වූ නිසාත් එක්ව ගමන් කිරීමට සිදුවේ. එනම් බුවනේස්වර් සිට චෙන්නායි දක්වා එන ගමන අතරතුර මොවුන් දෙදෙනා අතර ඇතිවන සම්බන්ධකම් කොතෙක් දුරට ගෙනියනවාද කියන එකත් ඒ වගේම තරුණ අර්ෂ්ගේ ජීවිතයේ සිදුවන මානසික වෙනස්කම් හා එයට බලපෑම් ඇති කරන සිවම්ගේ මානුෂීයභාවය විදහා දක්වන සිත්තමක් මේක.

අපි දෙවියන් වදින්න කෝවිල්, පන්සල්, පල්ලිගානේ යනවා, අපි වැද වැටෙනවා ඒ වුනත් අපි තවත් මිනිහෙකුට කරුණාව, මෛත්‍රිය පෙන්නල තියෙනවද. කවදාද අප හදවත් තුලින් නල්ලාවගේ වෙන්න පුලුවන් ද අර්ෂ්වගේ වෙනස් වෙන්න පුලුවන් ද මේ ලෝකය තවත් ලස්සන වෙනවා සිකුරුයි .
අපට අහම්බෙන් මූණ ගැසෙන සමහර අය නිසා අපේ ජීවිත වෙනස්වෙන අවස්ථාවන් වගේම පුදුමකිරීම්ද එමටයි. මේකත් ඒ වගේ කතාවක් බලලම කියන්නකෝ කොහෝමද කියල.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login