An Action Hero (2022) Sinhala Subtitles
An Action Hero (2022) Sinhala Subtitles
7.7
92
92

An Action Hero (2022) Sinhala Subtitles | ක්‍රියාදාම නළුවෙක් | සිංහල උපසිරැසි සමඟ

(An Action Hero (2022) Sinhala Subtitles) (An Action Hero (2022) Sinhala Sub)

ඔන්න තවත් අලුතෙන්ම ආපු සුපිරි හින්දි ෆිලුමක් අරන් ආව 😋 වැඩේ කරන්න කියලා අංජුල අයියයි, සමිත අයියයි දෙන්නම බාරදුන්න.. ඒ දෙන්නටම ස්තුතියි ❤️

යමුකො ෆිලුම දිහාට 👌

මේ An Action Hero කියන හින්දි ෆිල්ම් එක නිකුත් උනේ 2022 දෙසැම්බර් 02 වෙනිදා.. මේක අයත් වෙන්නෙ Black Comedy / Action / Thriller කියන Category එකට..මෙහි අධ්‍යක්ෂණය Anirudh Lyer විසින් කරලා තියෙනවා වගේම කතාව Neeraj Yadav ගේ..😋IMDB අගයත් 7.7ක් වගේ ඉහල අගයකුත් ලබාගෙන තියෙනවා..ලස්සන සින්දු 6ක්ම තියෙනවා..එවත් අහන්න බලන්න!

ප්‍රධාන චරිත සදහා ඉන්දීය නළු Ayushmann Khurrana, Jaideep Ahlawat දායක වෙලා තියෙනවා..😋♥️
Ayushmann Khurrana ගේ Andhadhun 2018, Article 2019 ෆිල්ම්ස් බලපු අය නම් දන්නවා මෙයාගේ ෆිල්ම් කොහොමද කියලා.. ඒ නිසා මිස් කරගන්න එපා.. මරු අවසානයක් තියෙනවා, කවුරුත් බලාපොරොත්තු නොවෙන 🥺❤️

Cast

Ayushmann Khurrana as Maanav Khuranna
Jaideep Ahlawat as Bhoora Solanki
Jitender Hooda as Roop Kumar, a police inspector
Neeraj Madhav as Sai
Gautam Joglekar as Masood Abraham Katkar
Malaika Arora as Maanav’s heroine in the song “Aap Jaisa Koi”
Nora Fatehi as Maanav’s heroine in the song “Jehda Nasha”

විස්තරේ පොඩ්ඩක් කියන්නම් 🤘

කතාවෙ ප්‍රධාන චරිතය තමයි මානව් කියන්නේ.. මොහු ක්‍රියාදාම නළුවෙක්..මෙයා චිත්‍රපට රූගත කිරීමකට හර්යානා වලට ගිහින් ඉන්නේ.. එහෙ ඉන්නවා විකී සෝලංකි කියලා දේශපාලනයට එන්න හදන පුද්ගලයෙක්.. මේ පුද්ගලයාගේ අයිය නාගරික මන්ත්‍රී කෙනෙක් වගේම මැරයෙක්.. විකී සෝලංකිට ඕන වෙනව සුපිරි තරුව මානව් එක්ක ෆොටෝ එකක් ගන්න එයාගේ දේශපාලන ගමනට වැදගත් වෙයි කියලා..විකී මානව් වෙනුවෙන් කොච්චර බලන් හිටියත් මානව් ගේ රූගත කිරීම් වැඩ නිසා එයාට ඒක අතපසු වෙනවා..විකී මේකට මානව් එක්ක තරහින් ඉන්නේ..හැබැයි විකී කොහොම හරි පස්සෙන් පන්නල මානව් තනියම ඉන්නකොට අල්ලගන්නව..මේ වෙලාවේ දෙන්නා අතර පොඩි බහින් බස් වීමක් වෙලා, මානව් විකීව තල්ලු කරනවා..තල්ලුකරාම ඔළුව වැදිලා විකී එතනම මැරෙනවා.. 😳💔 මං මේ කිව්වේ මුල් පැය බාගේ 🤧

මෙතනින් එහාට මොකක් වෙයිද..කියලා දැනගන්න ෆිලුම බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා..😍❤️

තවත් ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්.. බුදුසරණයි! ජේසු පිහිටයි!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |9161|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


59
Total Subtitles

13 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  2. Pattaaaaaaaaaaaaa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Raangi (2022) Tamil

  4. සුපිරි thank u subtitle akata

  5. supiri wedak machan thank you

  6. sub eka support kranna nati ekata mkkda krana oone????

  7. …බොහෝම ස්තූතියි උපසිරැසියට.

  8. Sub eke aulak tynwa mcn. Support krne naane KM Player ekata.

    • Anjula Umesh
      Cineru Family Member

      Pot Player එක යූස් කරන්න..KM player එකේ අවුලක් ඕක…සමහර සබ් වල ඔය අවුල එනවා KM එකේ..

  9. Thanks mchn sub ekata

  10. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *