The title of the page

Ammammagarillu (2018) Sinhala Subtitles | ආච්චිඅම්මගෙ ගෙදර | සිංහල උපසිරැසි සමග |

තෙලුගු සිනමා වාසි හැමෝටම සුභ දවසක් වේව… මේ පාර අරගෙන ආවෙ 2018 වර්ශයේ මැයි 25වන දින තිරගත වුන Romance කියන ඛාණ්ඩයට අයත්වුන පැය 2 : 31 දිවෙන ආදරණීය කතාවක්.. මේකෙ රේටින් ගැන කිව්වොත් IMDB දර්ශකය 6.3/10 සහ Facebook 4.8/5 සහ ගූගල් පරිශීලක 88% ක මනාපයක් මෙනම India Times වලින් 2.5/5 අගයකුත් මේ සලරුවට ලැබිල තියනව. මෙය Sundar Surya කියන අධ්‍යක්ෂක තුමාගෙ පලවෙනි නිර්මාණය. මේකට නලු නිලියම්ගෙන් සහය වෙන්නෙ වර්ථමානය වන විට බොහෝ දෙනා අඳුර Naga Shaurya (සන්තෝශ්) සහ Shamili (සීතා) කියන අය තමයි ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත්, වර්ථමානය වෙනකොට හැමරටකටම වගේ (සාමාන්‍යයෙන් ආසියාතික) තියෙන කාලෝචිත ප්‍රශ්නයක් ගැන තමයි මේ සිනමාපටයෙන් කියවෙන්නෙ. ලොකු ආදර්ශයක් මිනිස්සුන්ට දෙන චිත්‍රපටියක්.. අපි හැමෝටම ආච්චිල සීයල ඉන්නව හැමෝම ඉන්නෙ එකම ගෙදර නෙවෙයිනෙ ගොඩක් වෙලාට කසාද බැන්දම හැමෝම අලුත් ගෙදරකට ගිහින් ජීවත් වෙනව. ඉතින් ඒක සම්ප්‍රදානු කූල සාමාන්‍ය දෙයක්නෙ. ඉතින් මේ කසාද බැඳල දරුවො මල්ලො හදාගෙන සතුටින් ඉන්නව දකින එක තමයි අම්මල තාත්තලගෙ එකම පැතුම.ඒ වගේම එයාල නොකියන එයාල බලාපොරොත්තුවෙන දෙයක් තමයි නිතරම වගේ එයාලව ඇහට දකින එක. එ වගේම මිනිස්සුන්ට තියෙන තව දෙයක් තමයි ආශාව කියන්නෙ. ඒක හැමෝටම තියනව. තියනව උනාට සමහරුන්ට ඕනාවට වඩා තියනව. සමහරු දේපළට කෑදරකමේ පවුල් ප්‍රශ්න ඇති කරගෙන ගහ මරාගන්නව, සමහරු රත්තරං වඩු වලට කෑදරකමෙ සහෝදර සහෝදරියො තරහ මරහ වෙනව. ඉතින් මේ දෙවර්ගෙම මේ සිනමා සිත්තමෙත් ඉන්නව. මම කතාව ගැන කියන්නෙ නැ මොකද එතකොට රසවින්දනයට හානි වෙන නිසා.. පුංචි ආදර කතාවත් එක්ක පවුලක් එක්කාසු කරන්න වෙරදරණ මුණුපුරාගෙ කතාව..

තෙලුගු ෆිල්ම් බලන ගොඩක් අය නම් රොමෑන්ස් ඛාණ්ඩයට අකමැති නෑ. ඒත් සමහරු ඉන්නව අක්මැති. මේක තනිකර රොමෑන්ස් ඛාණ්ඩයේ සලරුවක් නිසා තමන් රොමෑන්ස් ඛාණ්ඩයෙ ෆිල්ම් නරඹනවානම් අනිවාරෙන්ම මෙයත් නරඹන්න.. ලස්සන කතාවක් ගමේ සුන්දරත්වයත් එක්ක පවුලෙ වටිනාකම අපුරූවට කියල දෙන පට්ට ෆිල්ම් එකක්..

එහෙනම් උපසිරැසය සමග චිත්‍රපටිය නරඹන ලෙස ආරධනා කරන ගමන් අඩු පාඩු සහ ඉල්ලීම් පහලින් කොටන් යන්න. ආයෙත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය ✌ ❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

8 comments

  1. Meyagema Nartanasala kiyana film. Akatath sub dennako

  2. Thanks for sub bro…(Oka manasu 2016) movie ekata sub denna bro please…..

  3. Natana 2019 movie eke sub denna bro

  4. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Elam sahoo

  5. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Request :

    Article 15 (2019) Hindi

  7. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

  8. ගොඩක් පිං සහෝ..
    ජය වේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login