American Primeval (2025) S01 E01 Sinhala Subtitles
American Primeval (2025) S01 E01 Sinhala Subtitles
8
72

American Primeval (2025) S01 E01 Sinhala Subtitles | “ අඳුරු මාවතක ඇරඹුම ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටිය, අද එහෙනම් පළවෙනි වතාවට ටීවී සීරීස් එකකට සබ් කරන්න ගත්තා. මේ අරගෙන එන්න යන්නේ ‘American Primeval’ කියන 2025 වසරේ නෙට්ෆ්ලික්ස් (Netflix) හරහා නිකුත් වුන උද්වේගකර වගේම ප්‍රචණ්ඩකාරී බටහිර (Western) ගණයේ සීමිත ටීවී සීරීස් එකක්.
කතා මාලාව ගැන හැඳින්වීමක් (About the Series)
මේක ‘Western’ සහ ‘Historical Drama’ (ඓතිහාසික නාට්‍ය) කියන ගණයට අයත් වෙනවා. 1857 අවුරුද්දේ ඇමරිකානු බටහිර ප්‍රදේශයේ සිද්ද වුන ‘යුටා යුද්ධය’ (Utah War) වගේම, සැබෑ ඓතිහාසික සිදුවීම් පදනම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ‘The Revenant’ චිත්‍රපටියේ තිර රචක මාර්ක් එල්. ස්මිත් තමයි කතාව ලියලා තියෙන්නේ. පීටර් බර්ග් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මේකේ ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ ඇමරිකානු බටහිර ප්‍රදේශය අත්පත් කර ගන්න විවිධ කණ්ඩායම්, ආගමික කල්ලි වගේම ස්වදේශික ගෝත්‍රිකයන් අතර ඇති වෙච්ච දරුණු වගේම රුදුරු ගැටුම්.
පළවෙනි කොටස: “The Wilderness of 1857”
කතාව පටන් ගන්නේ සාරා රොවෙල් (Sara Rowell) වගේම එයාගේ පොඩි පුතා ඩෙවින් (Devin) එයාලගේ අතීතයෙන් මිදිලා අලුත් ජීවිතයක් හොයාගෙන ඇමරිකාවේ බටහිර පැත්තට යන ගමනකින්. රොවෙල් එයාගේ සැමියා මුණගැහෙන අරමුණෙන් ‘ෆෝට් බ්‍රිජර්’ (Fort Bridger) කියන වෙළඳ මධ්‍යස්ථානයට එනවා, ඒන් එතනදි එයාලට දැනගන්න ලැබෙනවා තමන් බලාපොරොත්තු වෙච්ච මාර්ගය ගොඩක් අනතුරුදායක වගේම මරණය අතලග තියෙන පළාතක් කියලා.
සාරාටයි එයාගේ පුතාටයි මඟ පෙන්වන්නෙක් හොයාගන්න අමාරු වෙච්ච මොහොතක, එයාලට අයිසැක් රීඩ් (Isaac Reed) කියන අද්භූත කඳුකර වැසියෙකුයි, තමන්ගේ ආගමික විශ්වාසයන් වෙනුවෙන් ගමන් කරන මෝමන් (Mormon) බැතිමත්තු පිරිසක් මුණ ගැහෙනවා. ආරක්ෂාව වෙනුවෙන් මෙයාලා ඒ පිරිස එක්ක එකතු වෙනවා.
ඉතින් මෙයාලට ආරක්ෂාකාරී ගමනාන්තයක් ලැබෙයිද? ඔන්න එහෙනම් පළවෙනි එපිසෝඩ් එක ගෙනල්ලා තියෙනවා. අනිත් එපිසෝඩ් ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්.
සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් මචං සබට

  2. සබට තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login