The title of the page
Alienoid : Return to the Future (2024) Sinhala Subtitle
Alienoid : Return to the Future (2024) Sinhala Subtitle
6.6
63
93

Alienoid : Return to the Future (2024) Sinhala Subtitles | අනාගතය වෙත | සිංහල උපසිරැසි සමග

(Alienoid : Return to the Future (2024) Sinhala Subtitles) (Alienoid : Return to the Future (2024) Sinhala Sub) (Alienoid : Return to the Future Sinhala Subtitles) (Alienoid : Return to the Future Sinhala Sub)

Alienoid : Return to the Future

Information – විස්තර

Movie: Alienoid: Return to the Future

Country: South Korea

Release Date: Jan 10, 2024

Duration: 2 hr. 2 min.

Content Rating: 13+ – Teens 13 or older Related Content

Alienoid 1 (Korean prequel)

Native Title: 외계+인 2부

Also Known As: Alien + People: Part 2 , Alien + Person: Part 2 , Alien + Man: Part 2 , Alien: Part 2 , Alienoid: Part 2 , Oegye+In 2 Bu , Wegye+In 2 Bu , 외계인2

Screenwriter & Director: Choi Dong Hoon

Genres: Action, Adventure, Sci-Fi, Fantasy

Tags: CGI, Time Rift, Historical Fiction, Robot, Goryeo Dynasty, Time Travel, Alien, Historical (Vote or add tags)

කාස්ට් – Cast
Ryu Jun Yeol – Mu Reuk
Kim Tae Ri – Yi An
Kim Woo Bin – “Thunder”
Lee Ha Nee – Min Kae In
Yeom Jung Ah – HeuK Seol
Jo Woo Jin – Cheong Woon

Summary – සාරාංශය

හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා, කොහමද ඉතින් හැමෝටම, ඔන්න එහෙනම් මම Alienoid චිත්‍රපටයේ දෙවනි එකට උපසිරැසි අරගෙන ආවා, හැමෝම මේකෙ පලවෙනි කොටස බලලා තියනවා නේද? චිත්‍රපටිය කොටස් දෙකකට හදපු එකක් නිසා අනිවාර්යයෙන්ම පලවෙනි එක බලන්න වෙනවා, ඉතින් මම පලවෙනි එකේ පොඩි හැදින්විමක් කරන්නම්කෝ…

Alienoid : Return to the Future

“ගොඩක් ලොකු කාලයක් තිස්සෙ, පිටසක්වල ජීවීන් එයාලගේ අපරාධකාරයෝ මිනිස්සුන්ගේ ශරීර වල හිර කරලා තියලා තියනවා. එත් මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. සමහර වෙලාවට තමන්ට කැමති වෙලාවට මිනිස්සුගේ ශරීර වලට ඇතුළු වෙන්නත් පිටවෙන්නත් පුළුවන් ජිවින් හිටියා, එයාලාව පාරෝ කියලා හැදින්නුවා. “

ගොර්යෝ රාජවංශ සමයේ ඉදන් පිටසක්වල ජිවීන් එයාලගේ අපරාධකාරයෝ මිනිස්සුන්ගේ ශරීර වල හිර කරලා තියලා තියනවා. ඉතින් මේ පිටසක්වල ජිවින්ගේ එක් කොට්ඨාශයකට තමන්ට කැමති වෙලාවට මිනිස්සුගේ ශරීර වලට ඇතුළු වෙන්නත් පිටවෙන්නත් පුළුවන්, එයාලට තමයි පාරෝ කියලා කියන්නේ, ඉතින් මේ පැනලා යන පාරෝලාව අල්ලන්න එයාලගේ ග්‍රාහලෝකයෙන් ආරක්ෂකයෙක්ව එවලා තියනවා, ඒ තමයි ගාඩ් සහ තන්ඩර් (Kim Woo Bin).  මේ දෙන්නාගේ රාජකාරිය වෙන්නේ පැනලා යන පාරෝවරු අල්ලලා විනාශ කරන එකයි. ඉතින් මේ දෙන්නා ගොර්යෝ රාජවංශ සමයේදි මරලා දාපු පාරෝ කෙනෙක්ගේ මිනිස් දරුවෙක් බේරගෙන හදාගන්නවා, ඒ තමයි යියන් (Kim Tae Ri )…

 1391 වර්ෂය : මුරුක් (Ryu Jun-Yeol), ඔහු හොරු අල්ලනවාට තෑගි ගන්න දෝසා ඉන්ද්‍රජාලිකයෙක් තව විදියකට කියනවා නම් ඔහුට හොරෙක් කියන්නත් පුළුවන්, ඉතින් ඔහුට උදව් කරන්න හුළංපෙත්තේ අද්භූත බළල් ජොඩුව ඉන්නවා, මුරුක් වැඩිම තෑගි මුදලට හොරුන්ව අල්ලගන්න කැමති කෙනෙක් වගේම තමයි ඔහු වටිනා භාණ්ඩයක් වුනත් එක අවශ්‍ය වෙලා තියනවා ඒක හොරකම් කරලා හරි ගන්නවා, මේ අතර තමයි ඔහුට දිව්‍යමය පිහිය ගැන අහන්න ලැබෙන්නේ, ඉතින් මුරුක් හුළංපෙත්තේ අද්භූත බළල් ජොඩුව එක්ක මේ දිව්‍යමය පිහිය හොයාගෙන යනවා, එතකොට තමයි ඔහුටත් යියන්ව මුණගැහෙන්නේ, ඉතින් අනාගතේට අරන් ගියපු යියන් අතීතයේ ඉන්නේ කොහමද කියලා අපි පලවෙනි චිත්‍රපටය බලලා දැනගත්තානේ…

ඉතින් පලවෙනි චිත්‍රපටයේ පිටසක්වල ජිවින් පෘතුවිය ආක්‍රමය කරලා එයාලගේ විශ වායුව හවා නිදහස් කරන්න හදනවා, ගාඩ්ට සහ තන්ඩර්ට මේක නවත්තන්න බැරි වුන නිසා, එයාලා අනාගතේ ඉදන් අතීතයට එනවා…

ගාඩ් අතීතේට ගිහිල්ලා මේ හවා පුපුරන එක නවත්තන්න ඔනේ, ඉතින් පලවෙනි චිත්‍රපටයේදි ගාඩ්ට හානි වෙනවා හැමෝම දැක්කා නේද? දැන් යියන්ට තමයි ඒ වගකීම භාර වෙලා තියෙන්නේ, ඉතින් පලවෙනි කොටසෙදි යියන්ට දිව්‍යමය පිහිය ලැබෙනවා, යියන් දැන් දිව්‍යමය පිහියත් අරගෙන තන්ඩර්වත් හොයාගෙන ආපහු අනාගතේට ගිහින් හවා පුපුරණ එක නවත්තන්න ඔනේ, ඉතින් බලලාම දැනගමුකෝ…

~ එහෙනම් හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..

    …………………….

  2. EXHUMA ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login