The title of the page
Abigail (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
7
85
87

Abigail (2024) Sinhala Subtitles | “අත්භූත දැරිය” | සිංහල උපසිරැසි සමඟ

(Abigail (2024) Sinhala Subtitles) (Abigail (2024) Sinhala Sub) (Abigail Sinhala Subtitles) (Abigail Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න සෑහෙන කාලෙකින් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Abigail (2024)

Horror/Thriller කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 49යි. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Matt Bettinelli-Olpin විසින්. එතකොට චිත්‍රපටිය බෙදාහරින්නේ Universal Pictures ආයතනය. ඩොලර් මිලියන 28ක් වගේ පොඩි බජට් එකකින් හැදුවත් ලස්සනට නිර් මාණය කරපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. සංගීතය එක්ක ඒක වෙනම වයිබ් එකක් දෙනවා.

චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Alisha Weir, Melissa Barrera, Kathryn Newton, Angus Cloud, Kevin Durand, Dan Stevens, Giancarlo Esposito, Matthew Goode, William Catlett සීමිත නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් කණ්ඩායමක් ගෙදරකට පැනලා පුංචි අවුරූදු 12ක ගෑණු ලමයෙක්ව පැහැරගන්නවා සල්ලි වෙනුවෙන්. ඊටපස්සේ පාලු ප්‍රදේශයක තියෙන මන්දිරයකට අරගෙන ගිහින් තියාගන්නවා. මෙහෙම ඉන්න අතරේ කට්ටිය දැනගන්නවා මේ ළමයගේ තාත්තා දාමරික ලෝකේ ලොක්කෙක් කියලා. මේ ගැන බයවෙලා ඉන්න අතරතුරේ කණ්ඩායමේ එක්කෙනෙක්ගේ ඔලුව කදින් වෙන් කරලා තිබිලා කට්ටියට හම්බවෙනවා. මේකෙන් බයවෙන කණ්ඩායම හිතන්නේ මේ මැර තාත්තාගේ ඝාතකයෙක් කරපු වැඩක් කියලා. ඒත් ඒක ඇත්තටම එහෙමද? නැත්නම් එතන වෙන මොකක්හරිද වුණේ කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
මේක බැලුවට පාඩු නැති entertainment චිත්‍රපටයක්.
එහෙනම් ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

9 comments

  1. බොහොම ස්තූතියි

  2. madgoan express please

  3. Ok nice good jobs these website

  4. ස්තූතියි සබ් එක දුන්නට

  5. Thanks for the sub!!!!!!

  6. Sithum
    Cineru_users

    the ministry of ungentlemanly warfare මේ film එකේ සබ් එක දෙන්නකෝ 🥲

  7. thanks …………………

  8. Malith samarawickrama

    Thanks saho sub ekata

  9. the ministry of ungentlemanly warfare meka ona machooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login