The title of the page
50 States of Fright (2020) Complete Season 01 Sinhala Subtitles
50 States of Fright (2020) Complete Season 01 Sinhala Subtitles
6.5
85
90

50 States of Fright (2020) Complete Season 01 Sinhala Subtitles | හොල්මන් අවතාර හා මිනීමැරුම් | සිංහල උපසිරැසි සමග

(50 States of Fright (2020) Complete Season 01 Sinhala Subtitles) කොහොමද යාලුවනේ? ඔන්න මම පුරුදු විදිහටම අද අරන් ආවා තවත් සම්පූරන සීසන් එකක්ම. මේක වෙබ් සීරීස් එකක්. හැබැයි සුපිරිම සුපිරියක්. මෙච්චර කාලෙකට ඔයාලා බලපු හොඳම බයවෙන ෆිල්ම් මොනවද? රෝන් ටර්න්? අයිටී? නන්? නැත්නම් වෙන මොකක් හරිද? හරි ඒවා ඔක්කොම අමතක කරන්න. මේ ටික බැලුවම ඔයාලටම හිතෙයි ඒවා මොනවද කියලා. ඒ තරම් සුපිරියි මේ ටික නම්. අනික ඉතින් පොඩි පොඩි කතා. එපා නොවී එක හුස්මට බලන්න පුලුවන්. අද දෙන්නේ පළවෙනි සීසන් එක. අපි හෙට ගේනවා මේකෙම දෙවනි එක. මේ මාලාවේ තියෙන්නෙ එක එක ප්‍රාන්තවල මිනිස්සු අතරේ කියවෙන කතා කීපයක්. මේක විකාශය උනේ මේ 2020 අවුරුද්දේමයි. ඒ වගේම අර නෙට්ෆ්ලික්ස් වගේම ස්ට්‍රීමින් එකක් තියෙයි QUIBI කියලා. අන්න ඒකේ ගියපු සෙට් එකක් තමයි මේ. මේකේ කතා පොඩියි. වටේ යන්නේ නෑ. හරිම රසවත්. මං කලින් දීපු මෝස්ට් ඩේන්ජරස් ගේම් බලපු අය නම් දන්නවා ඇති මේ ගැන. නැති අය ඒකත් අරන් බලලා මේකත් බලන්න. ඒවා, ඒ කියන්නේ මේ කතා සමහරවිට ඇත්ත වෙන්නත් පුලුවන්. බොරු වෙන්නත් පුලුවන්. ඒ ගැන නොහිතා මේ ටික බලන්න කියලා ආරාධනය කරනවා. ඒකේ දීපු කතා මාලා ටික එක දිගට සති අන්තයේ ඔයාලට ගේන්නත් ඔන්න මම ලෑස්ති කරන් ඉවරයි. මෙහෙමයි කතා පිලිවෙල

01 The Golden Arm – රත්තරං අත (මිචිගන් ප්‍රාන්තය)
ආදරෙන් ඉන්න යුවලක්, වියදම් අධික බිරිඳක් හා බිරිඳට ගොඩක් ආදරේ කරන සැමියෙක් වටා කතාව ගෙතී ඇත. අධික තන්හාව නිසා සිදුවන විපතක් හා භීෂනයක් ලෙස හැඳින්වීමටත් හැකියාවක් ඇත.

02 Ball of Twine – ට්වයින් නූල් බෝලය (කැන්සාස් ප්‍රාන්තය)
මවක් හා මව ගැන වැර්දි මතයක සිටින දුවක් අතරේ සිදුවන සිදුවීමකි. අති විශාල ට්වයින් නූල් බෝලයක් නිසා ඇතිවී ඇති භයානක භීෂනයක් පෙනවා දෙයි

03 Scared Stiff – දරු සෙනෙහස මමීකරණය (ඔරිගන් ප්‍රාන්තය)
හඳුනා නොගත් සතෙක් සහ හුදෙකලාවේ සතුන්ව මමීකරනය කර සං‍රක්ශනය කරන මිනිසෙක් අතර කතාවකි. මිනිසුන් මෙන්ම සතුන්ද තමන්ගේ පැටවුන්ට ඇතී ආදරය හා ඒ වෙනුවෙන් කොයි තරම් දරුණු විය හැකිද යන්න පෙන්වන කතාවකි

04 Grey Cloud Island – රාක්ෂයෝ සහ රාක්ෂ දඩයම්කරුවෝ (මිනසෝටා ප්‍රාන්තය)
මිනිසුන් විසින් නිර්මානය කරන ලද දොරටුවකින් රාක්ෂයෝ ලෝකයට එන අතර එය වලක්වන පිරිසක්ද ඒ අතරම සිටියි. මේ කොටස් දෙක මැද අතරමන් වූ තරුනයින් පිරිසකට අත්වන අතිශය භයානක ඉරනමක් පෙනවා දෙයි.

05 Destino – මායාකර්ම (ෆ්ලොරීඩා ප්‍රාන්තය)
පුරාණ මායා චාරිත්‍රයකට බාධා කරන පොලිස් නිලදාරීන් පිරිස්කට අත්වන දරුණු ඉරනමක් ගැන මෙයින් කියැවේ.

“ඉතින් දවස් දෙකට එක දිගට සීසන් දෙකක් දෙන්න හිතුවේ විශේෂ හේතුවක් නිසා. නොවැම්බර් 27 ට මගෙයි, මගේ ආදරණීය බිරිඳ ලක්ෂ්මිගෙයි ආදර කතාවට අවුරුදු 11ක් වෙනවා. ❤❤❤❤❤❤❤❤ අන්න ඒ වෙනුවෙන් දෙන තෑග්ගක් තමයි සෙනසුරාදා හා ඉරිදා දවස් දෙකේ මේ පළවෙන්නේ”

හැමදාම වගේ මගේ ආදරනීය ලක්ෂ්මීවත්, මගේ චූටි පුතන්ඩියා සදහම්වත් ආදරෙන් මතක් කරනවා. එක බොක්කෙන් ඉන්න චානක තිලංකවත් මතක් නොකරම බෑ. සමිතේ, අංජු, අශේන්, දරේ මතක් කරන්නත් ඕනේ. එහෙනම් දිග ලිපි නෑ. ඔන්න අරන් බලන්න. ඒ වගේම ඩේටා කිලෝ බයිට් 5කට ලෝබ නැති කෙනෙක් ඉන්නවා නම්, අපි දෙන සබ්වලට ආදරෙයි නම් කමෙන්ටුවක් ලියලා යන්න කියලා මතක් කරනවා. හැමදාම කමෙන්ට් ලියන ටොප් ෆෑන්ස් ලා හැමෝටම ස්තූතියි. එහෙනම් හෙටත් හමුවෙමුකෝ අපි! හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කියලා ප්‍රාර්ථනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

21 comments

  1. ෆට්ට අයියේ..කම්ප්ලීට් සීරිස් දෙනව ගොඩක් නෙහ්..තෑන්ක්ස් ගොඩක් ❤❤❤

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  3. Thanks jayawewa…..!

  4. Happy anniversary ❤️

    සතුටින් ඉන්න..

    Complete series දෙනවට ගොඩක් ස්තූති 💕😊

  5. අම්මෝ නියමයි දර්ශන සහෝ💓💪

  6. චානක තිලංක

    ලිපිය කියෙව්වම තේරුනා මේක සුපිරි හොල්මන් කතා මාලාවක් කියලා. මං ගොඩක් ආස කැටකරියක් තමයි මේ හොල්මන් කැටකරිය. මේ වගේ කතා මාලාවකට සබ් දුන්න එකට බොහොම ස්තූතියි.

  7. චානක තිලංක

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ආ අක්කටයි ඔයාටයි දෙන්නටම සුභ පැතුම් අවුරුදු 11 ක් පිරෙන ඔයාලගේ ආදර කතාවට ඔන්න මං හදවතින්ම සුභ පතනවා. හැමදාම දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියලා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  8. චානක තිලංක

    සිනෙරු වෙනුවෙන් මේ විදිහට කාලය කැප කරන එකට නම් කියන්න වචන නෑ, බොහොම පිං හොදේ. හැමෝටම ආරාධනා කරනවා මේක අනිවාර්යයෙන්ම අරගෙන බලන්න කියලා. මේ සබ ඩවුන්ලෝඩ් කරන ගමන් කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.👍👍👍👍👌👌👌👏👏👏👊👊🙌🙌🙌🙌🙌

  9. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තුතියි දර්ශන අයියෙ 😊❤..
    ජය වේවා.! 👊

  10. අනේ මේකේ උපසිරැසි නෑනේ.. Subtitles ටික කොතනින්ද බාගන්නේ… Plzz help

  11. අනේ මේකේ Subtitles ටික නෑනේ… කොතනින්ද බාගන්නේ Subtitles ???? Plzz Helpppp

  12. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Nuwan N Bandara සහෝ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. ඩවුන්ලෝඩ් දෙනවා සබ් ටික කිසිම අවුලක් නෑ

  13. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඩවුන්ලෝඩ් බටන් එකේ දෙනවා ඩවුන්ලෝඩ්. කිසිම අවුලක් නෑ සහෝ

  14. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    හශාන් සහෝ, සතුටුයි ඈ 🚬

  15. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බොක්ක බොහොම ස්තූතියි 🚬

  16. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි සහෝදරයා 🚬

  17. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඔව් සහෝ මං කාලෙකින් බලපු හොඳම හොල්ම එකක් ඈ. 🚬

  18. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි මධුවා මල්ලී. හැමදාම කමෙන්ටුවක් හලනවා නේ

  19. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ***((( කමෙන්ට් කරපු )))***
    හැමෝටම ගොඩක්ම ස්තූතියි ඈ

  20. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta bro 👻👻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login