The title of the page

24 Kisses (2019) Sinhala Subtitles | හාදුවකින් පුදන්නම් ආදරේ | සිංහල උපසිරැසි සමග |

  ” ක්‍රිශ්නා , රාධාව 24 පාරක් කිස් කරල       තියෙනවා වෘන්ද්‍යා වනේදි “

” රෝමියෝ,ජුලියට් පලවෙනි පාර මුණ ගැහුනම , පැය 24ක් තුල , 24 වතාවක් කිස් කරල තියෙනවා..”

” ග්‍රීන්ලන්තෙදී.. පෙම්වතුන් ජෝඩුවක් Akna (සශ්‍රීකත්වයේ දේවතාවිය) ඉස්සරහ 24 වතාවක් කිස් කරගන්නවා..”

ප්‍රබන්ධ වල තියෙන මේ සියල්ල ආදරය වෙනුවෙන් නිමැවුනු වෙනස්ම කතා කිහිපයක්

හාදුව.. ආදරයේ තවත් එක් සංකේතයක්.ආදරවන්තයින්ගේ ආදර තාවත් දලුලා වැඩෙන්න හේතුවන දිව්‍යමය ඖධ්‍ය වගේ  මේ හාදුව..

ඔන්න ඉතින් මේ අරන් එන්න හදන්නේ තවත් ලස්සන තෙලිඟු සලරුවක් ගැන තමා.උපසිරස ගැන්වීමක් කරන්නට අදහසක් නොතිබුනත් බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා ඉතා කෙට් කාලයකදි ඉවර කරල තමා මේක අරන් එන්නේ.

චිත්‍රපටය ගැන කතා කරනවනම් 2018 නොවැම්බර් 18 තිරගත කිරීම ආරම්භ කල මෙහි ඔර්ජිනල් පිටපත් නිකුත් වුනේ නොබෝ දිනකය ඉහතදී. 6.8 ක් දක්වා IMDB අගයක් ලබා ගැනීමටත්..67% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත මේ සඳහා හිමි වී තිබෙනවා..Romance කාණ්ඩයෙන් ඉදිරිපත් වන මේ සලරුව පැය 2යි මිනිත්තු 3 දක්වා ඔබට රස විඳිය හැකියි..
මෙහෙ නලු නිලියන් ගැන බැලුවොත්..තෙලිඟු සිනමාවටම.ආවේනික රංගන හැකියාවෙන් පරිපූර්ණ ශිල්පීන් රැසකගේ දායකත්වය ලැබී තියෙනවා..
ප්‍රධාන නලුවා ලෙස එක් වන්නේ දමිල , තෙලිඟු චිත්‍රපට රාශියකට තම දායකත්වය ලබා දී ඇති Arun  විසින්…ඒ වගේම ඔබ ඉතා හොඳින් දන්න ප්‍රධාන නිලියනම් kumari 21f, Angel,Mister ආදී නිර්මාණ සඳහා දායකත්වය ලබා දුන් Hebha Patelවිසින්..

හරි එහෙනම් මං පොඩ්ඩක් කතාව මතක් කරන්නම්..ආනන්ද් කියන්නේ ළමා චිත්‍රපටය හදන කෙනෙක්.ඉතින් මෙයාට දවසක් ආරාධනා ලැබෙනවා කෙටි චිත්‍රපට සම්මාන උත්සවයකට..එතනදි තේරීපත් වන ජයග්‍රාහිකාව තමා ශ්‍රී ලක්ශ්මි කියන්නේ..ඉතින් මෙයා ආන්න්ද් ව හම්බෙනවා..චිත්‍රපට ගැන ඉගෙනගන්න…

ඉතින් ඔයිට වඩා දෙයක්නම් කියන්න බෑ..අරගෙනම බලන්න තවත් ලස්සන තෙලිඟු සලරුවක්..
❤ බලන්න මේ හාදුව ඔයාට කොච්චර සමීප වෙයිද කියලා ❤

කිස් දීල මිස් වෙනව වගේ..සබ් එක අරන් මිස් නොවී..අදහසක් කොටාගෙන යන්න පහලින්..ඒක තමයි අපිට ඔයාලට මේ වගේ කිස් ගේන්න ජීව වායුව වෙන්නේ…😊

එහෙනම්…නැවත උපසිරසකින් හමුවනතුරු
ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login