The title of the page
2012 Sinhala Sub
2012 Sinhala Sub
5.8
40
86

2012 (2009) Sinhala Subtitles |කල්ප විනාශයද? ආරම්භයද?| සිංහල උපසිරැසි සමග

(2012 Sinhala Sub) ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම කාලෙකින් ෆිලුමක් අරන් ආවා. මේක ටිකක් පරණ එකක්. හිතන්න ඕනේ එකක්. වෙන මොකවත් නෙවෙයි, අපේ ලෝකය ගැනම. අවසානෙට මං දුන්නේ OUR PLANET දෙවනි එපිය නිසා මේක දුන්නා නම් හොඳයි කියලා හිතුනා.

ඉතින් මේ ෆිලුමේ BLURAY පිටපත් ඕනේම එකකට මේ සබ් එක හරියනවා. 4K කොලිටියෙන් බලන්න පුලුවන් අය. නැත්නම් 1080P හෝ අඩුම 720P කොලිටියෙන්වත් අරගන්න. එතකොටයි මේකේ ලස්සන. මම මුලින්ම මේ ෆිලුම බැලුවේ 2010දී. මෙලෝ තේරුමක් නොදැන ඔහේ බැලුවා. හැබැයි පස්සේ සබ් එකක් දීලා තිබ්බා වෙන සයිට් එකක. ඒකත් අරන් බැලුවා. ඒත් ආයෙත් මේ ලඟදී මගෙන් අපේ පොඩි කොල්ලෙක් ඇහුවා ලෝක විනාශේ ගැන. මං කිව්වා ඒක කියනවට වඩා ෆිලුමක් තියෙයි බලන්න කියලා. එහෙම කියලා මම ඒ සබ් එක ගන්න හැදුවා හැදුවා ෆයිල් එක එන්නෙම 0KB. කෝකටත් කියලා කම්පියුටර් එකෙනුත් බෑවා. ඒත් එහෙමමයි. ඉතින් මොනවා කරන්නද, බැස්සා සබ් වැඩේට.

මේකේ ඉංග්‍රීසි SRT එක හොයන් ONLINE CONVERT කලා සිංහලට. ඊට පස්සේ වචන ටික හැදුවා. මං සාමාන්‍යයෙන් එහෙම නොකර ෆිල්ම් එක බල බලා කොටස් කොටස් තමයි හදන්නේ. එතකොට එන්නේ අර ඉංග්‍රීසි පරිවර්තනයම නෙවෙයි, ඒකේ අනුවාදනයක්. ඒ කියන්නේ නිකන් REMAKE එකක් වගේ. ඉතින් මේ සබේ අඩුපාඩු නම් ගොඩක් ඇති සමහරවිට. ෆිල්ම් එක ගැන අදහසක් ගන්න ඇතිවේවි හැබැයි. ඉතින් හදිසියේනේ හැදුවේ. සමාවෙන්න අවුලක් තිබ්බොත් කට්ටියම. අනික මේ උපසිරැසි පරිවර්තනයට මං ඒ තරම් කැමති නෑ. මං කැමති උපසිරැසි නිර්මාණයට. ඕං මං නොකිව්වයි කියන්නෙපා.

හැබැයි මේ ෆිල්ම් එක නම් නියමයි. ග්‍රැෆික් එළම. කතාවත් හොඳයි. මේකේ මං කැමතිම දේ තමයි දරුවන්ටයි සමාජයටයි ආදරේ කරන පරාර්තකාමී තාත්තා කෙනෙක් ගැනත්, තමන්ගේ දරුවන්ට විතරක් ආදරේ කරන ආත්මාර්තකාමී තාත්තා කෙනෙක් ගැනත්, පවුලේ අයට ආදරේදවත් නොදැන ආදරේ කරන තාත්තා කෙනෙක් යන තාත්තලා වර්ග තුනක් ඉන්නවා. ඒත් අවසානේ ඒ ඔක්කොගෙන්ම කියවෙන්නේ “තාත්තාගේ ආදරේ, වාගෙයි මහ සාගරේ” කියලයි. මේක බලනකොටත් හිතන්න, අඩුගානේ මිනිස් ගුණ දර්මයන් ටිකවත් රකින්න. මේක සමහරවිට ඇත්තක් වේවි. සමහරවිට බොරුවක් වේවි. කොහොම උනත් විනාශ වෙනවනේ. ඉතින් අපි ඊලඟට යන්නේ කොහෙද කියලා හිතලා වැඩ කරන්න.

සල්ලි, බලය හැමදේම රැකදේවිද? දුප්පත් චාම් මිනිස්සු නරකද? මෝඩද? මනුස්සකම් කොයි තරමට අපිට ඕනෙද? සොබාදම එක්ක තරඟකරන අපිට අවසානේ බයේ පැනලා ගිහින් ජීවිත බේරගන්න වේවිද? ඔයාලම බලන්න. හරි රස ෆිල්ම් එකක්. කම්මැලිකමක් නම් දැනෙන එකක් නෑ.

එහෙනම් ඊලඟට ඔප්ටිමස් ප්‍රයිම් ව, බම්බල් බී ව හමුවෙමු. ඒකත් හරි ලස්සනයි. ද ඕර්ඩර් ඉල්ලපු සහෝලා, ඔන්න ප්‍රයිම්ගෙන් පස්සේ ඒක එනවා. මම ඔන්න එතකොට ඒ දෙකත් එක්ක සීරීස් 6ක් කරනවා. හැබැයි එක එපිසෝඩ් එක ගානේ තමා දෙන්නේ එක පාරකට. හැබැයි සීසන් ඔක්කොම ඉවර කරනවාමයි.

එහෙනම් ලෝක විනාශය බලන්න. අදහසකුත් කියන්න. මේ සබ් කෙරුවාවට උදව් කරන සමිත සහෝ මල්ලිට, කවර හදන අංජුල මල්ලිට, වැනේසාව බලන්න සිංහල උපසිරැසි ටික නොදෙන චානක තිලංක සහෝට ස්තූතියි හොඳේ. ඒ වගේම මගේ සදහම් පුතාටත්, මහ රෑ සීතලේ තේ ගේන, අයිස් ක්‍රීම් පවා ගෙනත් කවන මගේ ආදරණීය බිරිඳ ලක්ශ්මීටත් “ආදරෙයි පැලෙන්න”. හැමෝටම බුදු සරණයි…! සදහම් සරණයි…! සඟ සරණයි…!එහෙමනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

6 comments

  1. Thanks bro elama jaya weva.

  2. Thanks bro elama jaya weva.

  3. චානක තිලංක

    මරු සබ් එක ඉක්මනට ඔයාගේ අනිත් ෂෝ වලටත් සබ් දෙන්න ඔන්න බාගෙන බලනවා හැමෝම අරන් බලන්න, වටින ෂෝ එකක් මේක.

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. thanks sub ekata jayawewa…………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login