The title of the page
6.3
72
90

2.0 (2018) Sinhala Subtitles | රොබෝ නැවතත් | සිංහල උපසිරැසි සමග |

2.0 2018 sinhala subtitles

Thriller/Science Fiction ‧ 2h 30m

7/10  IMDb

 ශංකර්ගේන් දමිළ සිනමාව වෙනස්ම මගකට යොමු  සිනමාවක් තමයි රොබෝ නොහෝත් එන්දිරන් ඒ මූවි එකේ එකට ගොඩාක් විවේචන එල්ල වුනා. ඒ විශාල වශයෙන් තාක්ෂණික දුර්වලකම් හා මසාලා ගතිය අධික වීම අපේ භාෂාවෙන් කියනවනම් ගොන් පාට් නිසා. ඉතින් ඒම තියෙද්දී වසර අටකට පසුව රොබෝ දෙවෙනි කොටස වන 2.0 තිරයට එනවා ඒකත් 3D තාක්ෂණය තුලින්. මෙය ඉන්දියානු රුපියල් කෝටි 543ක වියදමක් දරා ඇති අතර දැනට ඉන්දියානු රුපියල් කෝටි 800 ආදායමක් ලබා ඇත. මෙය මැයි මාසයේදී චීනයේදී තිරගත වීමට නියමිත බැවින් ආදායම තවත් වැඩි විය හැක. මේකනම් සුපිරිම එකක් වුනා දමිළ සිනමා රසිකයන්ට නම් ( සම්භාව්‍ය රසිකයන්ට නොවේ).

2.0 නිෂ්පාදක සුභාෂ්කරන් ගේ ලයිකා ප්‍රොඩක්ෂන් විසින් ඉන්දිය සිනමාවේ ඉන්ද්‍රකීලයක් වූ ශංකර්ගේ අධ්‍යක්ෂණයෙන් දමිළ සිනමාරසිකයන්ගේ ජිවය ලෙආ වු සුපර්ස්ටාර් රජිනිකාන්ත් ගේ ප්‍රධාන රංගනයෙන් බොලිවුඩ් තරුව ආක්ෂේ ගේ විල්ලන් ලෙසින් හා සංගීතයෙන් ලොව ජයගත් ඒ. ආර්. රහුමාන් ගේ සුපිරිම සංගීතයෙන් දමිළ සිනමාවේ සන්ධිස්ථානයක් වු මේ සිනමාව බිහිවිය.

මේක අනිවාර්යයෙන් 3D එකෙන්ම බලන්න ඕන එකක්. සාමාන්‍යයෙන් 3D මූවි එකකින් මේක විශේෂ වෙන්නේ මේ සදහා 3 D කැමරා යොදා ගැනිමයි. මගේ පෞද්ගලික මතයනම් 3D effects නම් සුපිරිම තත්වයේ. එය ටයිටල් එකේම දැනෙන්න දීල තියෙනවා. VFX තත්වයත් පලවෙනි එකට වඩා ඉහල මට්ටමක් අරන් තියෙනවා. මේ ෆිලුමේ විශේෂයෙන් දැක්ක දෙයක් තමයි පලවෙනි එකේ තිබුන අර කිව්ව වගේ ගොන් පාට් හා සින්දු ඉවත්කර තිබීම.

කතාව නම් වැරදි ආකාරයෙන් භාවිතා කිරීම නිසා අද කාගෙත් ජීවිත වලට හිසරදයක් වී තිබෙන ජීවිත විනාශය කරා ගෙන යන එය සියදිවි හානිකරගැනීම් දක්වා දුරදිග යන්න තරම්ම සමාජ පරිහානියට වගකිවයුතු ඇතුවත් බැරි නැතුවත් බැරි සෙල්ෆෝන් සම්බන්ධවයි. මේ ප්‍රශ්නය මිනිසාට පමණක් නෙවෙයි සතුන්ටත් බලපෑම් ඇති වෙන බවත් විශේෂයෙන් සංක්‍රමණික කුරුල්ලන්ට මෙයින් විශාල හානියක් සිදුවන බවත් මෙයින් පෙන්වා දෙන්න උත්සහ කරල තියෙනවා. ඒ කියන්නේ සෙල්ෆොන් කුලුණු ඉදිකිරීමේ දී සුදුසු ප්‍රදේශය තොරා නොගැනීම හා සංඥා නිකුත්කිරීමේදී ඒවා ප්‍රමිතියෙන් තොර හා අධිතරංග භාවිතාකිරීම නිසා කුරුල්ලන්ගේ මානසික හා ජීවිත වලට වන හානි පෙන්වා දෙන්න උත්සහ කරල තියෙනවා.

 කුරුල්ලන් නිසා ජීවය ලැබු ඔවුන් වෙනුවෙන්ම ජීවිතය කැප කරපු පක්ෂිරාජා ( ආක්ෂේ කුමාර්) මේ අධිතරංග මගින් වන හානිය පෙන්වා දීමට උත්සහ කිරීමෙන් පරාජයට පත්වන අතර ඔහු සියදිවි හානිකර ගනි. දැඩි පීඩනයකින් හා සිත්වේදානාවකින් මිය යන මොහුගේ මනෝකාය හා මිය ගිය පක්ෂීන්ගෙ මනෝකාය හා එක්වීම මගින් බලවවේ. මොහු සෙල්ෆෝන් භාවිතාකරන්නන් හා බෙදාහැරීන්න ගෙන් පලිගන්නා අතර එය වලක්වාගැනීමටත් ඔහුගෙන් මානවයා බේරාගැනීමට තහනමට ලක්වී සිටින නොහෝත් ද රොබෝට් වන චිට්ටිව නැවත කැදවීමට රජයට සිදුවේ. මේ මනෝකාය හා රොබෝවකගේ ගැටුම අවසානය කෙසේ වේවිද ?

 නිෂ්පාදන වියදම ගනන් බලා ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි443 (US$76 මිලියන), 2.0 මෙතෙක් බිහි වු අධික වටිනාකමකින් යුත් චිත්‍රපටියයි. නිෂ්පාදනය 2015 දී ආරම්භ වු අතර මූලික ඡායාරූපකරනය එම වසරේම AVM ස්ටූඩියෝහී ආරම්භ විය. ප්‍රථම දර්ශනය EVP World හී රූපගතකරන ලදි. මුලික රූගතකිරීම ඉන්දියාවේ, චෙන්නායි මෙඩ්‍රාස් බෝට් ක්ලබ් හා දිල්ලිහි ජවාර්ලාල් නේරු ස්ටේඩියම් වල දී සිදු විය. මෙම රූගත කිරීම 2017 දී අවසන් විය. මෙය 3D තාක්ෂණයයෙන් රූගතකිරීම කරන ලද ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බවට පත්විය. මෙය සිනමාකරනය Nirav Shah විසිනි. ඉන්පසුව Effects හා ශරීර හැඩගැන්වීම හා සජීවිකරණය සමග දෘෂ්‍ය ප්‍රයොග V. Srinivas Mohan ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. සංස්කරණ කටයුතු Anthony විසින්ද නිෂ්පාදන නිර්මාණයන් T. Muthuraj විසින් ද හොබවන ලදි.

මෙය පලමු දින ඉන්දියානු රුපියල් කෝටි 117.34 (US$16 මිලියන)( worldwide) ආදායමක් ලබාගත් අතර මෙය ඉන්දියානු සිනමාවේ මෙම ආදායම් ලගාගත් දෙවෙනි සිනමාව විය. ඒ වගේම වැඩ්ම ආදායමක් ලබා ගත් දෙවෙනි ඉන්දියානු චිත්‍රපටය ද විය. මෙය ඉන්දියානු රුපියල් කෝටි 520 (US$72 මිලියන ) ආරම්භක සතියේ ආදායමක් ගෙන (opening weekend highest-grossing film worldwide) වැඩිම අදායමක් ලැබු චිත්‍රපටය විය. ඉන්දියාවේ වැඩිම ආදායමක් ලැබූ දෙවෙනි ෆිලුම වූ මෙය. ලෝකයේ වැඩිම ආදායමක් ලබා ගත් හයවන ඉන්දියානු චිත්‍රපටය විය.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login