7.9
96

18 Pages (2022) Sinhala Subtitles | ” දෙහදක් යා කල පිටු දහඅටක් ” | සිංහල උපසිරැසි සමඟ

(18 Pages (2022) Sinhala Subtitle) (18 Pages (2022) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

අදත් මම ආවෙ මීට පැය කීපයකට පෙර ඔර්ජිනල් පිටපත් නිකුත් වුනු  අලුත්ම තෙලිඟු ෆිල්ම් එකකට සබ් අරගෙන.

ෆිල්ම් එක තමයි 18 Pages.මේක අද Netflix සහ Aha Video කියන ප්ලැට්ෆෝම් දෙක හරහාම නිකුත් කෙරුනා.ෆිල්ම් එක නිකුත් උනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 වෙනිදා.ඉතින් මම කලින් සබ් එක ගෙනාව Dhamaka ෆිල්ම් එකයි මේකයි එකටම තමා රිලීස් උනේ.ඉතින් මේ ෆිල්ම් එකත් සාර්ථකව තිරගත වුනා වගේ හොඳ ප්‍රතිචාර ලැබුනා.ඉන්දියානු රුපියල් කෝටි 16 ක වියදමකින් නිෂ්පාදන කෙරුනු මේ ෆිල්ම් එකට ඉන්දියානු රුපියල් කෝටි 25 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න හැකි වුනා.Current , Kumari 21f වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කල වගේම Pushpa : The Rise හි තිරපිටපත ලිව්ව Palnati Surya ගේ අධ්‍යක්ෂණයක් තමයි මේ ෆිල්ම් එක.ඉතින් සුවිශේෂී කරනු වෙන්නේ ජනප්‍රිය තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂක Sukumar තමයි මේ කතාව ලියල තියෙන්නෙ.කලින් එහෙම සුකුමාර් ලියපු Uppena චිත්‍රපටයත් හැමෝම ආදරයෙන් වැලඳගත්තා ඔයාලට මතක ඇති.ඉතින් මේ ෆිල්ම් එකේ සංගීතය සපයන්නෙ Gopi Sundar විසින්.GA2 Pictures බැනරය යටතේ තමා නිෂ්පාදනය සිද්ද වෙන්නේ.

ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නෙ Nikhil Siddartha විසින්.ප්‍රධාන නිලිය වෙන්නෙ හුරුබුහුටි Anupama Parameshwaran.ඉතින් මේ දෙන්න Karthikeya 2 ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිත නිරූපණය කලා ඒ වගේම අතිසාර්ථක ෆිල්ම් එකක් වුනා ඒකත්.ඒ වගේම බොහෝ දෙනෙක් දකින්න ආස විදියට තමා අනූපමා මේ ෆිල්ම් එකේ යොදාගෙන තියෙන්නෙ.

ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් මතක් කලොත්.සිද්දු කියන්නෙ කොයිවෙලෙත් ෆෝන් එකේම එල්ලිලා ඉන්න තාක්ෂණය එක්කම ගැටෙමින් ඉන්න කෙනෙක්.වෙනම ෆ්ලැට් එකක තමා මෙයා ඉන්නෙ ගෙදරින් පිටවෙලා.ඉතින් ඔය අතරේ මෙයා ගොඩක් ආදරේ කරන එයාගෙ පෙම්වතිය මෙයාට වංචා කරනවා.ඒකෙන් මෙයා ගොඩක් අප්සට් යනවා.එතනින් තමා මෙයාගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න ගන්නෙ.හැබැයි ඒ වෙනසට හේතුව එක ඩයිරියක්.

ඉතින් ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා දැනගන්න ඔයාලට හෝරා දෙකක් පුරාවට මේ ෆිල්ම් එක රසවිඳින්න වෙනවා..අපූරු ගීත කීපයකුත් තියෙනව ඒවටත් උපසිරැසි ගන්වල තියෙන්නෙ ස්කිප් නොකරම බලන්න කියල ඉල්ලනවා.

ආදරේ කරන්න හේතුවක් තියෙන්න හොඳ නෑ…
මොකටද ආදරේ කරන්නෙ කියල ඇහුවම..
උත්තරයක් තියෙන්න හොඳ නෑ…

ගිහින් එන්නම් එහෙනම්..
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |14586|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


283
Total Subtitles

22 comments

  1. Pattaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට හදවතින්ම ආදරෙයි ……!!!

  3. Google drive link nathda

  4. Love you Cineruuu. THnks For Subtitles

  5. niyamayi maduwa

  6. මදුශාන් අයියෙ සුපිරියි ආ ❤️❤️

    සබ් එක ගත්තා , සබට ස්තූතියි ❤️

  7. subtitle ek wenma download krnna onid

    • Anjula Umesh
      Cineru Family Member

      HC වීඩියෝ කොපි වලට විතරයි සබ් ඇඩ් කරලා තියෙන්නේ..නෝර්මල් වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරනවනම් සබ් එක සිංහල උපසිරැසිය කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..

  8. thank youuuuu

  9. .srt වලින් සබ් එක දෙනවට ස්තූතී මචන්. ගෙදර අය එක්ක ටීවී එකේ දාල බලන්න සපෝර්ට් කරන්නෙ srt විතරයි. ජය !!

  10. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  11. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  12. Hay mata oyage subtitle file eka tiktok youtube wala video walata use karanna permission denna puluwanda

  13. HDRip|720p|X264 Video nathda

  14. Sසුපිරි thank u

  15. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි ! ❤❤

    • machan patta delay sub eka hadanna be kohomath karanna deyak nedda. wena evanam hadanna puluwan meka bene

      • Anjula Umesh
        Cineru Family Member

        සබ් එකේ නෙවෙයි අවුල තියෙන්නේ ඔයා අරන් තියන වීඩියෝ කොපියේ..සබ් එකට සෙට් වෙන වීඩියෝ කොපිය මොකද්ද කියලා දාලත් තියනවා..අපි ඩවුන්ලෝඩ් කරගන්න දීලත් තියනවා මචං..අනික සබ් එකේ ටයිම් Adjust කරන්නත් පුලුවන් මේක Srt සබ් එකක්..

  16. Niyamay..tnq mcn..meka x265 deela thiyena eka thama hodama.hoda quality ekakin balanna puluvan.puluvannan anith film daddinuth x265 danna 720p valin.loku udawwak.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *