Zootopia 2 (2025) Sinhala Subtitles
Zootopia 2 (2025) Sinhala Subtitles
8.7
92
94

Zootopia 2 (2025) Sinhala Subtitles | “ සර්පයොන්ට තහනම් සූටෝපියාව ” | සිංහල උපසිරැසි සමඟ

(Zootopia 2 (2025) Sinhala Subtitles) (Zootopia 2 (2025) Sinhala Subtitle) (Zootopia 2 (2025) Sinhala Sub) (Zootopia 2 Sinhala Subtitles) (Zootopia 2 Sinhala Subtitle) (Zootopia 2 Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම ❤️

ඔන්න පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩන්ටයි දෙගොල්ලොටම හරහරියේ බලන්න පුළුවන් ෆිලුමක් අරගෙනයි අපි අද ආවේ.. බලන්න මතක නමක් ද කියලා 🤭❤️

“Zootopia 2” (සමහර රටවල Zootropolis 2) කියන්නේ මේ 2025 අවුරුද්දේ Walt Disney Animation Studios එකෙන් ගෙනාපු අළුත්ම ඇනිමේෂන් චිත්‍රපටිය.. 2016 ආපු පළමු චිත්‍රපටියට පස්සේ කවුරුත් ආසාවෙන් බලන් හිටපු දෙවෙනි කොටස තමයි මේ. මිනිත්තු 108ක් පුරාවට ඔයාව Zootopia ලෝකෙට අරන් යන්නත්, හිනාවෙවී කුතුහලයෙන් ඇස් ඇරවන් ඉන්නත් පුළුවන් සුපිරි වැඩක්.. බලමු විස්තර..

“Zootopia 2” මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 972ක් හොයලා 2025 අවුරුද්දේ වැඩිම ආදායමක් ගත්ත චිත්‍රපටි අතරින් තුන්වෙනි තැන දිනාගන්න සමත් වෙලා තියෙනවා. Jared Bush සහ Byron Howard අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකට Ginnifer Goodwin (ජූඩි), Jason Bateman (නික්) වගේම ශකීරා (Shakira) ඇතුළු පරණ සෙට් එකම හඬකැවීමෙන් එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි Ke Huy Quan වගේ අළුත් අයත් මේකට එකතු වෙලා තියෙනවා..

කතාව මෙහෙමයි.. ජූඩි සහ නික් දැන් ZPD එකේ නිල වශයෙන්ම ‘පාට්නර්ස්ලා’.. හැබැයි මේ දෙන්නගේ වැඩ කරන විදිය නම් තාම ගැළපෙන්නේ නෑ.. ප්‍රශ්න ගොඩයි. මේ අතරෙදි ජූඩිට හෝඩුවාවක් ලැබෙනවා Zootopia වල සර්පයෙක් (Snake) සැරිසරනවා කියලා.. කවදාහරි Zootopia වල උරගයෝ ඉන්නවා දැකල තියෙනවා ද.. මේ අභිරහසේ අග මුල හොයන්න යන ජූඩි නික්‌ දෙන්නට Zootenial Gala උත්සවයේදී මුණගැහෙනවා අද්භූත චරිතයක්..ඒ තමයි ගේරි (Gary De’Snake).. ගේරි ජූඩිට කියනවා එයාගේ පවුල බේරගන්න ඕන නිසා තමයි මේ දේවල් කරන්නේ කියලා..

ඉතින් මෙතනින් එහාට මොනවා වෙයිද?
Zootopia වලට උරගයන්ට එන්න ඉඩ ලැබෙයිද?
Zootopia හොයාගෙන තියෙන්නේ උරගයෝ වෙන්න බැරිද?

සේරටම උත්තර දැනගන්න මේක බලන්නම වෙනවා.. මිනිත්තුවෙන් මිනිත්තුව කුතුහලය වැඩිවේවි.. පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් සුපිරිම නිර්මාණයක් 🔥

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.. ජය වේවා 🥰❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


712
Total Subtitles

9 comments

  1. Era Boy
    Cineru Family Member

    මරු ඈ.. ❤️🫶

  2. taxi driver S3 sub denna puluwanda

  3. මේකට සබ් දුන්නට තෑන්ක්ස් මචං….
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ……

  4. ” Tomb Raider: The Legend of Lara Croft ” මේ සීරිස් එකටත් සබ් දෙන මෙන් සිනෙරු ඇඩ්මින් මඩුල්ලෙන් ඉල්ලා ස්ටිමි… ස්තූතියි…

  5. Chathura Wageeswara
    Cineru_users

    සුපිරී❤️❤️

  6. කොපි එකක්නම් discreption එකේ දානවනම් වටිනව.නැත්නම් අපරාදෙ නිකන් ඩේට

  7. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා

  8. සිනේරු කන්ඩායම කියල තිබ්බ හින්ද සබ් එක ඩැහැගත්තා…. 😍 quality එක ❤️❤️

  9. අප්ඩේට් එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login