The title of the page
You Sinhala Subtitles
You Sinhala Subtitles
7.7
91
87

You (2021) S03E04 Sinhala Subtitles | “මැඩ්රේ ලින්ඩා” | සිංහල උපසිරැසි සමඟ

(You (2021) S03 Sinhala Subtitles) (You Sinhala Subtitles)

You ඔබ වෙනුවෙන්

අද අරගෙන ආවේ ලංකාව තුළ වැඩිය ප්‍රසිද්ධ නැති සීරීස් එකක්. YOU තමයි සීරීස් එකේ නම. සීරීස් එක නිකුත් වෙන්නෙ Netflix හරහා දැනට සීසන් 3 ක කතාංග 30 නිකුත්වෙලා තියෙනවා. ඒ වගේම සීසන් 4 ක් දක්වා කතාමාලාව දීර්ඝ කරල තියෙනවා. Psychological thriller, Crime සහ Romance කියන කැටගරි වලට අයත් වන සීරීස් එක IMDB 7.7 ක හොඳ අඟයක් ලබා ගෙන තියෙනවා. සීරීස් එකට Warner Horizon Television සහ Warner Bros. Television නිෂ්පාදනයෙන් දායක වෙල තියෙනවා.

සීරීස් එක නිර්මාණයට යොඳාගෙන තියෙන්නෙ Caroline Kepnes ගෙ You නවකතාමාලාව,

01. You
02. Hidden Bodies
03. You Love Me

කතාව මෙහෙමයි..

SEASON 01 (2018 දෙසැම්බර් 26)

Joe Goldberg කියන්නෙ වෙනස්ම චරිතයක්. තනියම ඉන්න කැමතිකෙනෙක් වගේම උමතු මිනීමරුවෙක්..ජෝ වැඩ කරන්නෙ New York වල පොත් කඩයක. දවසක් ජෝ දකිනව අහම්බෙන් පොත් කඩයට ආපූ ලස්සන ගෑණු ලමයෙක්ව. ඇයගෙ නම Guinevere Beck. ජෝට ඇය කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. ජෝ බෙක් ගැන හොයන්න ගන්නවා. ජෝ ඇගේ අසල් වැසියො ඇගෙ සමාජ මාධ්‍ය ගිණුම් පවා පරික්ෂා කරන්නෙ ඇය තමාගෙ කර ගැනීමේ අරමුණින්.. ඒ වෙද්දිත් බෙක්ට ප්‍රේමවන්තයෙක් ඉන්නවා. බෙක්ව තමාගෙ කරගන්න ජෝ කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා. කොහොමද ජෝ බෙක්ව තමාගෙ කරගන්නෙ.? පළමු කතාසමයෙන් ඔබට නරඹන්න පුළුවන්

SEASON 02 ( 2019 දෙසැම්බර් 26)

සීසන් 1 නැරඹුව නම් සීසන් 2 කතාවත් පොඩ්ඩක් මතක් කරගමුකො.තමාගෙ අතීතයෙන් පැනල යන අරමුණින් Joe Goldberg New York ඉඳල Los Angeles වෙත පැනයනව. ඒ වගේම ඔහුගෙ නම පවා ඔහු වෙනස් කරගන්න වා. අලුත් රැකියාවක්ද හොයාගන්නවා. ඔහු රැකියාව කරන තැනදි තමයි Love Quinn ව මුන ගැහෙන්නෙ.. ඔන්න ඉතින් හිමින් හිමින් පරණ ජෝ ආයේත් මතුවෙන්න ගන්නෙ පරණ මතකත් එක්කමයි.. තමන්ගෙ ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ජෝ ආයෙත් පටන් ගන්නවා… ජෝගෙ සහ ලව්ගෙ ආදරකතාව දෙවන කතාසමයෙන් බලන්න පුළුවන්..

SEASON 3 (2021 ඔක්තෝබර් 15)

දෙවන කතසමය ඉවර උනේ ජෝ සහ ලව් නව නිවසකට තමන්ගෙ පවුල් ජීවිතය ආරම්භ කරන්න පිටව යෑමත් එක්කයි. ජෝ කරපු සේරම වැරදි අමතක කරල තමන්ගෙ දරුව සහ ලව් වෙනුවෙන් ජීවීතය ගත කරන්න තීරණය කරනවා. අසල්වැසි කාන්තාවක් අන්තිමට අපිට සීසන් 2 අන්තිම කොටසෙන් පෙන්නුව නේ. සතා සතාමනෙ කොහොමත් කියනව වගේ ජෝ මේ කතාසමයෙත් නැවතත් සුපුරුදු රිද්මයට එනවා. ඉස්සෙල්ලම අසල්වැසි කාන්තාව ගැන තමයි ජෝ හොයන්න ගන්නෙ. සීසන් 2 දි ලව්ගෙත් සැබෑ ස්වරූපයත් අපිට පෙන්නුව මතකනෙ ඇයත් මේ සීසන් එකේ තම පවුල රැකගන්න ඕනම දෙයක් කරනවා.. ජෝ සහ ලව් තම පවුල රැකගෙන මේ අලුත් නගරයේ ගතකරන ජීවීතය සීසන් 3 න් අපිට බලාගන්න පුලුවන්..

සටහන :- SaNdArU HaSaRaNgA

(You S03 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

4 comments

  1. සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Tharushi Hemamali

    ada episode eka denne nadda

  4. Tharushi Hemamali

    🙁 ane dennako😥😥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login