The title of the page
7.8
88
91

You (2019) S02E04 Sinhala Subtitles | “හොඳ සහ නරක” | සිංහල උපසිරැසි සමඟ

(You (2019) S02E04 Sinhala Subtitles) (You (2019) S02 Sinhala Subtitles)

ඔන්න අදත් සිනෙරූ අපි තවත් ජනප්‍රිය කතාමාලවක දෙවනි කතා සමයට සිංහල උපසිරැසි අරගෙන ආවා..ඒ තමයි ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වෙන You කතාමාලාවේ දෙවනි කතා සමය…පලවෙනි කතා සමයට සිංහල උපසිරැසි මීට ටික කාලයකට ඉහතදි තමයි අපි ලබා දුන්නේ..ඒත් මේ කතාමාලාව සිංහල උපසිරැසි ගන්වන්න භාර ගත්ත සහෝදරයට හදිස්සියේ සිංහල උපසිරැසි නිර්මාණයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා..ඒ නිසා අපට පලවෙනි කතා සමයට විතරයි සිංහල උපසිරැසි ලබා දෙන්න හැකි වුණේ..කොහොම හරි ගොඩ දෙනෙක් අපෙන් දෙවනි කතා සමයටත් සිංහල උපසිරැසි ඉල්ලුවා නිසා අපේ උපසිරැසි කණ්ඩායමේ සහෝදරයෝ කීපදෙනෙක් එකතු වෙලා මේ දෙවනි කතා සමයත් සිංහල උපසිරැසි ගන්වන්න හිතුවා..ඒකෙනුත් ලොකු කොටස් භාර වුණේ උදිත ඩිල්ෂාන් සහෝදරයට…ඉතින් එයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා…ඒ වගේම අනිත් සහෝදරයන්ටත් ස්තූතිවන්ත වෙනවා මේ කතා සමයත් උපසිරැසි ගන්වන්න එකතු වුණාට…මේ කතා මාලාවේ රේටින්ග් පැත්තට හැරුණොත් IMDb දර්ශකයේ 7.7/10 ක් වගේ ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 90% ක් වගේම ගූගල් පරිශිලක දර්ශකයේ 86% අගයකුත් අරගන්න සමත් වෙලා තියනවා..

ඉතින් කතා මාලාව බලපු අය දන්නවනේ මේ කතා මාලාව විකාශය වුණේ නෙට්ෆ්ලික්ස් හරහා කියලා…පලවෙනි කතා සමය නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒ කතා සමයත් අපේ සයිට් එකෙන්ම සිංහල උපසිරැසි ලබා ගෙන නරඹන්න පුලුවන්..පලවෙනි කතා සමයේ හිටපු පෙන් බැඩ්ග්ලි සහ ඇම්බිර් චයිල්ඩර්ස් එයාලගේ චරිත ඒ විදියටම මේ කතා සමයෙත් ඉදිරිපත් කරනවා..ඊට අමතරව නව නළු නිළියන් අතර වික්ටෝරියා පේද්‍රෙට්ටි, ජේම්ස් ස්කලී, ජෙනා ඔර්ටෙගා සහ කර්මෙලා සුම්බාඩෝ කියන අය එකතු වෙලා ඉන්නවා..කථාංග 10 කින් යුත් දෙවන කතා සමය කැරොලයින් කෙප්නස්ගේ නවකතාව මත පදනම්ව තමයි නිර්මාණය කරලා තියෙන්නේ.. ඒ වගේම මේ කතා සමය ම්පූර්ණයෙන්ම නෙට්ෆ්ලික්ස් හරහා 2019 දෙසැම්බර් 26 දින නිකුත් කරලා තියනවා…

ඉතින් You කතා මාලාවේ රසිකයන්ට සුබ ආරංචියක් ලබා දෙමින් You S03 ලබන ඔක්තොම්බර් 15 වෙනිදා නෙට්ෆිලික්ස් හරහාම නිකුත් වෙන්න නියමිත වෙලා තියනවා…මීට වැඩිය විස්තර මුකුත් කියන්න යන්නෑ..එහෙනම් ඊළඟ කතාංගයේ සිංහල උපසිරැසියෙන් හමුවෙමු..❤ 

(You Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

8 comments

  1. ගොඩක් ස්තුතියි උපසිරසියට.

  2. digatama sub dandoo

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. බොහොම ස්තුතියි සබ් එකට

  5. Ko ane ada dunne nane episode eka.😓

    Me tikata ikmnt denna puluwnda.plz…

  6. Thanks……..good luck……….

  7. Thamisha
    Cineru_users

    Machan download link ekak danawada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login