Wrong Turn 2 Dead End (2007) Sinhala Subtitles
Wrong Turn 2 Dead End (2007) Sinhala Subtitles
5.5
67
88

Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | “ මිනී කන්නන්ගේ වනාන්තරය මැද දරුණු දඩයම ඇරඹෙයි! ” | සිංහල උපසිරැසි සමඟ

(Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles) (Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitle) (Wrong Turn 2: Dead End (2007) Sinhala Sub)

ආයුබෝවන් යාලුවනේ!
Horror සහ Slasher වර්ගයේ චිත්‍රපට බලන්න ආස කරන අය වෙනුවෙන්ම, ඔන්න මම අද අරගෙන ආවේ ලෝක පප්‍රකට Wrong Turn චිත්‍රපට මාලාවේ දෙවැනි දිගහැරුමයි. පළමු චිත්‍රපටයට වඩා ලේ වැගිරීම් සහ තිගැස්ම වැඩියෙන් තියෙන මේ චිත්‍රපටය ඔයාලට දැන් සිංහල උපසිරැසි එක්ක රසවිඳින්න පුළුවන්.

ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ? (Storyline)
කතාව පටන් ගන්නේ රියැලිටි ෂෝ එකක් (Reality Show) රූගත කරන්න බටහිර වර්ජිනියාවේ වනාන්තරයකට එන පිරිසක් වටා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ මේ වනාන්තරය මැද ජීවත් වෙලා ජයග්‍රහණය කරන එක. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ වනාන්තරය කියන්නේ විකෘති වුණු, මිනී මස් කන පවුලක දඩයම් බිමක් කියලා.

රියැලිටි ෂෝ එකේ කැමරා ඉස්සරහා රඟපාන්න ආපු පිරිසට, තමන්ගේ ජීවිතය බේරගන්න ඇත්තම සටනක යෙදෙන්න සිද්ධ වෙනවා. එකින් එකා ඉතාමත් දරුණු විදිහට දඩයම් වෙද්දී, ඉතිරි වෙන අයට මේ මිනී කන්නන්ගෙන් බේරිලා පලා යන්න පුළුවන් වෙයිද?

වැදගත් විස්තර:

IMDb අගය: 5.5/10 (Horror චිත්‍රපටයක් විදිහට මේක හොඳ මට්ටමක තියෙනවා)

වර්ගය (Genre): Horror, Slasher, Splatter

අධ්‍යක්ෂණය: Joe Lynch

ප්‍රධාන රංගනය: Erica Leerhsen, Henry Rollins, Texas Battle

මගේ අදහස:
Wrong Turn පළමු චිත්‍රපටයට පස්සේ ආපු සාර්ථකම සහ දරුණුම එක තමයි මේ දෙවැනි කොටස. Horror බලන්න ආස අය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්. සබ් එකත් එක්ක බලද්දී ඔයාලට ඒ අත්දැකීම තවත් දැනෙයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් ගගනක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් ගගනක

October 31, 2025


42
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login