The title of the page
Wolf Pack (2023) Complete S01 Sinhala Subtitles
Wolf Pack (2023) Complete S01 Sinhala Subtitles
9
42
85

Wolf Pack (2023) Complete S01 Sinhala Subtitles | විශේෂ බලයන් | සිංහල උපසිරැසි සමඟ

මේ උපසිරැසි නිර්මාණය කරලා තියෙන්නේ Wolf Pack රූපවාහිනී කතාමාලාවට. 2023 දී තමයි මේක විකාශය වෙන එක ආරම්භ වුණේ. ත්‍රාසය උපරිමයෙන්ම තියෙන මේ කතා මාලාවේ සමහර අවස්ථාවල ඇත්තෙන්ම බිය දනවන අවස්ථා කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා.

ඒ වගේම IMDB අගය 6.4 ලබා ගෙන තියෙනවා. Armani Jackson, Bella Shepard, Rodrigo Santoro, Chloe Rose Robertson, Sarah Michelle Gellar, Tyler Lawrence Gray වගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා වගේම මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ නවකතාවක් පාදක කරගෙනයි. සමහරවිට ඔබ කලින් නරඹපු Teen Wolf  කතා මාලාව වගේ මේ රූපවාහිනී කතා මාලාවත් අතිශය මනරම් පිටපතක් යටතේ නිර්මාණය වූවක්.

සාමාන්‍ය දරුවන් දෙදෙනෙකුට විශේෂ බලයන් ලැබීමෙන් පසු ඔවුන්ට මුණ ගැසෙන තමන් වැනිම වෘක මිතුරන් දෙදෙනෙකු සමඟ දරුණු වෘකයෙක් සමඟ කරන සටනක් මේ කතා මාලාවට අඩංගු වෙලා තිබෙනවා. ඒ වගේම නොහිතපු විදියට මුහුණ පාන්න වෙන ලැව් ගිනි, අභිරහස් වගේ සුපිරිම රසාස්වාදයක් අනිවාර්‍යෙන්ම මේ කතා මාලාවෙන් ලබා ගන්න පුළුවන්.

විශේෂයි: මේකේ උපසිරැසි වල “Pack” කියන වචනය වෙනුවට මම සිංහලෙන් “කණ්ඩායම, බලය” කියන වචන දෙක තමයි පාවිච්චි කරේ, මොකද කියනවනම් Pack  කියන වචනේ තේරුම “පැකේජය” කියන ඉංග්‍රීසි සිංහල වචනයයි. සිංහල උපසිරැසියක අඩංගු වෙන්න අවශ්‍ය වෙන්නේ සිංහල විතරක් නිසාත් රසය තියා ගන්න අවශ්‍ය නිසාත් තමයි එහෙම කරේ. ඒ වගේම සමහරවිට ඔබ නොදන්න වචන වල තේරුමත් යටින් පැහැදිලි කරලා තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

6 comments

  1. niyamai broo//
    keep it up……
    thank you…

  2. බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  3. සබ් දෙනකන් හිටියෙ ❤❤❤

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිර්මාණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Please approve the access to download video files.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login