The title of the page
8.5
81

Why Her (2022) E11 Sinhala Subtitles | “එයාගේ කැමතිම තැන” | සිංහල උපසිරැසි සමඟ

ඇයි ඔහ් සූ ජේ ? (2022) පාර්ක් සූ-ජින් විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවක්.. ඒ වගේම මේ කතා මාලාවේ පළමු කොටස 2022 ජූනි 3 වන දින SBS TV හි මංගල දර්ශනය වුණා.. ඒ වගේම කොටස් 16 කින් යුත් මේ කතා මාලාව ජූලි 23 වනතුරු තිරගත උනා.. මේ කතා මාලාවට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වන්නේ Hyeon-jin Seo සහ Hwang In-Yeop..

  1. රටේ කීර්තිමත්ම නීති ආයතනයක ලාබාලතම නීතීඥවරියක් තමයි ඔහ් සූ ජේ(Hyeon-jin Seo) කියන්නේ.. ඇයගේ ස්වයං-ධාර්මික ප්‍රතිපත්ති සහ ජයග්‍රහණය කිරීමේ නිමක් නැති ආශාවෙන් සූ ජේ TK නීති ආයතනයේ ඉහළම නීතිඥවරියක් වෙන්න හොඳින් ගමන් කරනවා.. නමුත් ඇයගේ එක නඩුවක් අනපේක්ෂිත හැරීමක් ගත්තට පස්සේ, ඇයගේ සියලු වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය ඇය වටා කඩා වැටෙන ආකාරය බලා ඉන්න සූ ජේට සිදු වෙනවා.. පසුව රැකියාවෙන් පහත හෙලන ලද, සූ ජේ ට ප්‍රාදේශීය නීති විද්‍යාලයක අතිරේක මහාචාර්යවරයෙකුගේ භූමිකාව භාර ගන්න සිද්ධ වෙනවා..

ඇයගේ ස්ථානය ආයේ දිනා ගන්න අධිෂ්ඨාන කර ගත් සූ ජේ ඇගේ නව භූමිකාවට පණ දෙන්න හැකි උපරිමය කරනවා. පහත හෙලීමේ වේදනාවෙන් ඉන්න සූ ජේ ට විද්‍යාල ශිෂ්‍යයෙකු වන ගොන් චාන්(Hwang In-Yeop) හමුවීමෙන් පස්සේ පමණක් ඒ වේදනාව අඩු වෙන්න පටන් ගන්නවා.

සූ ජේ ගේ අධිෂ්ඨානය සහ ගොන් චාන් ගේ සහය ඇයගේ තත්වය නැවත ලබා ගන්න ප්‍රමාණවත් වේවිද, එහෙම නැත්නම් බලවතුන් විසින් ඇයව පහත හෙලාවිද?

Female Lead කතා බලන්න කැමති අයට ගොඩක් ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්.. කතාව බලනකොට කතාවේ නමත් ඔයාලට හොදටම තේරේවි.. ඇයි හැම දෙයක්ම ඇයටම වෙන්නේ? ඒ වගේම මේ කතාවේ ලස්සන සින්දු ටිකකුත් තියෙනවා🥰 එහෙනම් පළවෙනි කොටසේ සිට කුතුහලයෙන් බලන්න පුළුවන් මේ ලස්සන කතාව බලන්න ඔයාලටත් ආරාධනා! 😊

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

3 comments

  1. . මන් බයේ හිටියෙ මේකට sub දෙන එකක් නෑ කියල. Thank you.

  2. ඉතුරු එපි වලටත් සබ් දෙන්නකෝ.කතාව හරිම ලස්සනයි ❤️

  3. Chinthaka Madhumal

    ithuru sub tika dennakoooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login