The title of the page
White Elephant (2022) Sinhala Subtitles
White Elephant (2022) Sinhala Subtitles
2.2
57

White Elephant (2022) Sinhala Subtitles | “ගේබ්‍රියෙල්” | සිංහල උපසිරැසි සමඟ

(White Elephant (2022) Sinhala Subtitles) (White Elephant (2022) Sinhala Sub)

White Elephant යනු Jesse V. Johnson  විසින් අධ්‍යක්ෂණය කරන ලද Johnson සහ Erik Martinez විසින් රචනා කරන ලද Johnson ගේ කථාවක් පාදක කරගනිමින් නිර්මාණය වූ ඇමෙරිකානු Action | Adventure චිත්‍රපටයක්.එයට Michael Rooker, Bruce Willis, Olga Kurylenko, සහ John Malkovich ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වේ.මේක රිලීස් වෙලා ඒ හැටි දවසක් නෑ.මේ චිත්‍රපටය නිකුත් වුනේ මේ වසරේ (2022) ජුනි 3 වන දිනයි.චිත්‍රපටය රූගත කර ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට ජෝර්ජියා ප්‍රාන්තයේදීයි..White Elephant යනු ඇෆේෂියා රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන රංගනයෙන් ඉවත්වූ Bruce Willis රඟපෑ අවසන් චිත්‍රපටවලින් එකකි.ඉතින් මෙයාගෙ Action ෆිල්ම් වලට ආස අය අනිවාරෙන්ම බලන්න.

කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ…

ගේබ්‍රියෙල් කියන්නේ හිටපු මැරීන් භටයෙක්..මොහු වැඩ කරන්නෙ ලොකු මැරයෙක් වුන ආර්නෝල්ඩ් වෙනුවෙන්..ගේබ්‍රියල්ට ඉන්නවා අපරාධ සහකරුවෙක්.මේ මිනිහට වැඩක් පැවරෙනවා..ඒ ඝාතනයක්..ඒත් වැඩේ පොළිස් කාරයො දෙන්නෙක්ට මාට්ටු වෙනවා..එයින් එක් අයෙක් කාන්තා පොළිස් නිළධාරිනියක්.ඒ වෙලාවෙ එතනින් පැනගන්න නම් මිනිහට පුළුවන් වෙනවා.අපරාධකාරයාට පැනලා යන්න දුන්න නිසා පොළිස් නිලධාරින් දෙන්නගෙත් රස්සාව ගහලා යනවා..ඒත් මේ අපරාධයට එරෙහිව පොළිස් කාරයො දෙන්නෙක් සාක්ෂිකාරයො විදිහට ඉතුරු වුනු එක නම් ආනෝල්ඩ්ට ලොකු ප්‍රශ්ණයක්.මේ වෙලාවෙ තමයි ගේබ්‍රියෙල් ටැන්ක්‍රෙඩි ට ඔහුගේ අනුකම්පා විරහිත මැර ප්‍රධානියා ආනෝල්ඩ් සොලමන් ගෙන් නියෝගයක් ලැබෙන්නෙ.එයා කියන්නේ පොළිස් නිලධාරීන්ගෙ තර්ජනය තුරන් කරන්න කියලයි.ඒ කියන්නෙ ඉතින් මරලා දාන්න කියන එක තමයි.ඊට පස්සෙ ග්‍රේබියලුයි…සහයකයයි වැඩේට අත ගහනවා…ඉතින් මෙයාලා අර පොළිස් නිළධාරීන් දෙන්නව හොයන්න පටන් ගන්නවා.. හොයාගත්තට පස්සෙ මොනවයින් මොනවා වෙයිද කියලා දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

5 comments

  1. Thankz shawi ❤️❤️❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request:
      The Unbearable Weight of Massive Talent (2022)

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  4. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි…
    😊🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login