The title of the page
Welcome to Samdal-ri (2023) E04 Sinhala Subtitles
Welcome to Samdal-ri (2023) E04 Sinhala Subtitles

Welcome to Samdal-ri (2023) E04 Sinhala Subtitles | “මම එදා ආදරය කරපු කෙනා..මගේ පිස්සු මෝඩයා” | සිංහල උපසිරැසි සමඟ

(Welcome to Samdal-ri (2023) Sinhala Subtitles) (Welcome to Samdal-ri Korean Drama Sinhala Subtitles) (Welcome to Samdal-ri Sinhala Subtitles) (Welcome to Samdal-ri (2023) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම..

දෙසැම්බර් මාසෙ ඔයාලා වෙනුවෙන් උපසිරැසි අරගෙන එන එක කතාවක් තමා Welcome to Samdalri” කියන්නෙ.. The Worst Of Evil උණුසුම පහවයත්ම Ji Chang Wook රංගනයෙන් දායක වෙන සහ jTBC, Netflix, TVING ඔස්සේ විකාශය ආරම්භ වෙන අලුත්ම කතාමාලාව තමයි Welcome to Samdalri”. මේකෙ රූගත කිරීම් වැඩියෙන් කරලා තියෙන්නෙ ජේජු දූපතේ කියලත් සඳහන් වෙනවා.

2023 ජුනි 13 වෙනිදා තමා Ji Chang-wook සහ  Shin Hye-sun එහෙමත් නැත්නම් අපේ Mr Queen මේ කතාමාලාවට රංගනයෙන් එකතුවෙනවා කියලා නිළ වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නෙ.

මෙතෙක් නිකුත් වුන ඩ්‍රාමා පොස්ටර් දිහා බැලුවමනම් මට මතක් වුනේම Hometown Cha-Cha-Cha.ඉතින් “Welcome to Samdalri” කතාමාලාවත් Healing Story එකක් වේවි කියලා මම හිතනවා.

තිර පිටපත් රචනය Hi Bye, Mama, Go Back Couple ආදී කතාමාලාවන් රචනා කළ Kwon Hye Joo විසින් වෙන අතර Forecasting Love and Weather,  When the Camellia Blooms, Are You Human Too?,Uncontrollably Fond කතාමාලාවන් අපිට දායාද කළ Cha Young Hoon මෙහි අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරනවා.

ඉතින්  ප්‍රධාන චරිතවලින් රංගන දායකත්වය සපයන ශිල්පීන් ගැන කතා කළොත්,

  • JI CHANG WOOK (JO YONG-PIL) [The Worst of Evil,If You Wish Upon Me,The Sound of Magic,Lovestruck in the City,Backstreet Rookie,Melting Me Softly,Suspicious Partner,The K2,Healer] 
  • SHIN HYE-SUN (JO SAM-DAL) [See You in My 19th Life,Mr. Queen, Angel’s Last Mission: Love,The Hymn of Death,Thirty But Seventeen, The Legend of the Blue Sea] 
  • මීට අමතරව,
  • KIM MI-KYUNG එහෙම නැත්නම් Healer කතාමාලාවේ හැකිං අජුම්මව මතකද? Ji Chang Wook සමඟින් නැවතත් ඇය එකම නාට්‍යකින් රංගන දායකත්වය ලබා දෙනවා.[Crash Course in Romance,Forecasting Love and Weather,18 Again,It’s Okay to Not Be Okay,Her Private Life,Go Back Couple,The Master’s Sun,I Hear Your Voice Faith] 
  • SEO HYUN CHUL [My Lovely Liar,Heartbeat,The First Responders1/2,Happiness,Melting Me Softly,Six Flying Dragons,Good Doctor,Moon Embracing the Sun]
  • Kang Mi-Na [Café Minamdang,Moonshine,My Roommate Is a Gumiho,Summer Guys,Hotel del Luna] 
  • YANG KYUNG WON [Big Mouth,One Ordinary Day,Vincenzo,Hi Bye, Mama,Crash Landing on You]

ජේජු දූපත් පසුබිම් කරගෙන මේ කතාව ගෙතීයන්නේ ළමා කාලයේ මිතුරන් දෙදෙනෙකු වෙන Jo Yong-pil (Ji Chang-wook) සහ Jo Sam-dal (Shin Hye-sun) අතරෙ. වැරදි කාලගුණ වාර්තාවක් නිසා යොං පිල්ගෙ අම්මා අහිමි වීමෙන් පස්සේ, යොං-පිල් තමන්ගෙ ගමේ වැඩිහිටියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කාලගුණ අනාවැකිකරුවෙක් වෙන්න තීරණය කරනවා.

 සම් දාල් සාර්ථක විලාසිතා ඡායාරූප ශිල්පිනියක වීමේ ඇගේ සිහින හඹා යෑම වෙනුවෙන් සෝල් බලා පිටත්ව යන අතරම ඇගේ ජීවිතයට එන කරදර බාධා හමුවේ ඇය නැවතත් සිය උපන් ගමට පැමිණීමට තීරණය කරනවා.

යොං පිල් වගේම සම් දාල් කියන්නේ පොඩි කාලෙ ඉදන්ම එකට හිටිය යාලුවෝ දෙන්නෙක්.. එක්තරා සිද්ධියක් හින්දා මේ දෙන්නාගෙ සම්බන්ධය නැතිවෙලා යනවා සෝල්වල ඉදන් සම් දල් උපන් ගමට ආවට පස්සෙ එයාලගෙ ආදා කතාව කොහොම දිඟහැරේවිද

එහෙනම් වැඩි විස්තර මොකටද? කතාව කොයි වගේ වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

ස්තූතියි!!!

__මම උචිනි පෙරේරා__

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login