ඔන්න දැන් 9වෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්.
ජුන් යොන්ග් නිසා බොක් ජුට කරදර වුන නිසා, ජුන් යොන්ග් බොක් ජූව ෆිල්ම් එකක් බලන්න එක්කගෙන යන්නයි හදන්නේ. ඒත් ඒකටත් සී හෝව බාධාවක් වෙනවා. මොනවා වුනත් සී හෝ ගැනත් දුක හිතෙනවා. එයාගේ ජීවිතේ හරිම කටුක එකක්. ඒත් එහෙමයි කියලා එයා අනිත් අයට රිද්දවන එක හරි නෑනෙ. කොහොමහරි, ෆිල්ම් එක බලන්න වුනේ නැති නිසා ජුන් යොන්ග්ට බොක් ජුට හොදට කන්න අරන් දෙන්න වෙනවා. සොන් ඔක්ව යාළු කරගන්නත් පුළුවන් වෙනවා. ඒ කොහොම වුනත් එපිසෝඩ් එක ඉවර වෙන්නේ නම් ඩොක්ටර් ජොන් බොක් ජුව දකින තැනින්.
අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,
බොක් ජූගෙ බර උස්සන කෙනෙක් කියලා දැනගත්තම ඩොක්ටර් ජොන් පුදුම වෙනවා. එයාට ලොකු කුතුහලයක් ඇති වෙනවා ඇයි බර උස්සන කෙනෙක් බර සායනයට ආවෙ කියලා. ඉතින් ඩොක්ටර් බොක් ජු බර සායනයට ආව ඇත්තම හේතුව දැනගනීද? ඩොක්ටර් ඉස්සරහා බොරුකාරයෙක් වුන එකට බොක් ජූ ගොඩක් දුකෙන් ඉන්නේ. ඉතින් හැමදාම වගේ බොක් ජුගෙ හිත හදන්නෙ ජුන් යොන්ග්. ජුන් යොනුයි බොක් ජුයි එකතු වෙලා ගොඩක් විනෝද වෙනවා. ඒ කොහොම වුනත් කතාව ඉවර වෙන්නේ නම් අනපේක්ෂිත විදිහට.
එහෙනම් එපිසෝඩ් එක බලලම ඉතුරු ටික දැනගන්න
ඊළග කොටසෙන් හම්බවෙමු
බුදුසරණයි!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 2, 2020
thank broo
😊😊
තෑන්ක්ස් සබ් එකට
Welcome 😊😊
Thank you 💖💐