The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E01 Sinhala Subtitle | අපි අකමැති අයට මොකද කරන්නෙ..? | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දැන් ඔයාලට තවත් ලස්සන කතා මාලාවක් බලන්න පුළුවන්.

“weightlifting fairy kim bok joo”
බර උසුලන සුරගන කිම් බොක් ජූ.

මේක 2016 MBC එකේ විකාශන වුන එපිසෝඩ් 16ක් දිග කතාමාලාවක්. ප්‍රධාන කාන්තා චරිතය රගපාන්නේ Dr. romantic 2. cheese in trap, doctors කතා මාලා වල රගදක්වපු Lee Sung Kyung. ප්‍රධාන පිරිමි චරිතය රගපාන්නේ school 2015, Moonlovers වගේම මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කතාමාලවක් වන Start Up කතාමාලාවේ රගදක්වන Nam Joo Hyuk.

විශ්වවිද්‍යාල ළමයි පිරිසක් ගැන තමා මේ කතාවෙන් කියවෙන්නේ. සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් නෙමේ, ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්. හන්ල් ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ බර උසුලන අංශයේ ඉගෙන ගන්න කිම් බොක් ජූ තමා අපේ කතා නායිකාව. පිහිණුම් අංශයේ ඉගෙන ගන්න ජොන් ජුන් යොන්ග් තමා කතා නායකයා.

කිම් බොක් ජූගේ ජීවිතයේ කවදාවත් පිරිමි ළමයින්ට ඉඩක් නෑ. ඒකට එක හේතුවක් වෙන්නේ එයා බර උසුලන කෙනෙක් වුන එක. බර උසුලන ගෑණු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමා මේක. බර උසුලන ගෑණු ළමයි හැඩි දැඩි ශක්තිමත් අය නිසා එයාලා පිරිමි ළමයි අතර එච්චර ප්‍රසිද්ධ නෑ. ඉතින් ඒ නිසා එයාලා පිරිමි ළමයින්ට අවධානය දෙන්නෙත් නෑ. ජුන් යොන්ග් දක්ෂ පිහිණුම් ශූරයෙක් වුනාට, තරගයකට ගියාම නිතරම වැරදි විදිහට තරග ආරම්භ කරන නිසා හැම වෙලේම එයාව තරගයෙන් ඉවත් කෙරෙනවා. ඉතින් මෙහෙම වෙන්න හේතුව දැනගන්න එයා මානසික ප්‍රතිකාර සදහත් යොමු වෙනවා.

බර උසුලන අංශයේ කෙල්ලෝ ජිම්නාස්ටික් අංශයේ කෙල්ලෝ එක්ක තරහයි. මේකට ප්‍රධාන හේතුව ජිම්නාස්ටික් අංශයේ ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ගේ අවධානය වැඩි නිසා වගේම, ජිම්නාස්ටික් අංශයට බර උසුලන අංශය පාවිච්චි කරපු ගොඩනැගිල්ලක් දෙන්න වෙන නිසා. බර උසුලන අංශයේ, පිහිණුම් අංශයේ සහ ජිම්නාස්ටික් අංශයේ ඉන්න ළමයි ගැන තමා මේ කතාවෙන් කියවෙන්නේ.

එහෙනම් ඉතින් ඉතුරු ටික කතාව බලලම දැනගන්න. අළුත් එපිසෝඩ් එකකින් ඉක්මනටම හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

8 comments

  1. අනේ සිස් web-Dl එකට දෙන්ඩ බැරිද?මම download කරල ඉවරයී ඔක්කොම..😥😥😥🤗

  2. සබ් එකට ස්තූතියි සිස්🤘🤗

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  5. අනේ මේ ඩ්‍රාමා එකේ සිංහල සබ් google search කරාම වෙන site එකකින් දාලා තියෙනවා නේ. පුලුවන් නම් සිංහල සබ් හොයා ගන්න බැරි ඩ්‍රාමා එකකට සබ් දෙන්නකෝ please

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඒ සබයි මේකයි සන්සන්දනය කරන්න එපා සහෝ. අපි දෙන් ලස්සන සබ් කොහේවත් ඒ කොලිටියෙන් නම් නෑ

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පුලුවන් නම් සබ් ටික වෙබ්‍ රිප් වලට දෙන්නකෝ. කොලිටිය හොඳයි එතකොට.

  7. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login