The title of the page
Web Sinhala Subtitle
Web Sinhala Subtitle
6
63

Web (2023) Sinhala Subtitles | “මකුලු දැලක පැටලුණු සුරූපිණියෝ” | සිංහල උපසිරැසි සමඟ

(Web (2023) Sinhala Subtitles) (Web (2023) Sinhala Subtitle) (Web (2023) Sinhala Sub) (Web Sinhala Subtitle)(Web (2023) Tamil Movie Sinhala Subtitle) (Web Sinhala Sub) (Web 2023 Sinhala Subtitle

සුබ දවසක් හැමෝටම…

ඔන්න අදත් සෑහෙන කාලෙකට පස්සේ ලැබුණ විවේකයත් එක්ක ඔයාලා වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ආවා..

අද මම උපසිරැසිය අරගෙන එන්න තෝරගත්තේ පහුගිය අගෝස්තු 4 වෙනිදා තිරගත වීම ආරම්භ වෙලා සැප්තැම්බර් 22 OTT රිලීස් වුණ WEB (2023) කියන දමිළ චිත්‍රපටය..

Upcoming Thriller Movies 2023 | Thriller Movies Releasing in Honnavara

ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ N.Haroon කියන අධ්‍යක්ෂකවරයා..ඒ වගේම මේක V.M. Munivelan ගේ නිෂ්පාදයක්..මේකේ Cast එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන වශයෙන් Natarajan Subramaniam සහ Shilpa Manjunath ඇතුලුව Rajendran, Shaashvi Bala සහ Subha Priya වගේ නලු නිළි කැලක් එකතු වෙලා තියනවා..රේටින්ග්ස් ගැන බැලුවොත් මේ චිත්‍රපටියට 6/10 IMDb අගයකුත් 63% ක ගූගල් පරිශීලක මානප ප්‍රතිශතයකුත් ලැබිලා තියනවා..ඊට අමතරව මේ චිත්‍රපටය Psychological Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක් විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ..

Web Tamil Movie (2023): Cast | Trailer | Songs | OTT | Release Date - News Bugz

දැන් එහෙනම් අපි ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඉතින් මේ චිත්‍රපටය ගෙතෙන්න පටන් ගන්නේ මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වුණු ගෑණුළමයි තුන්දෙනෙක් වටා..මේ තුන්දෙනා නමින් අභී, නිශා සහ මහා..ඉතින් මෙයාලා හොඳම යාලුවෝ වගේම වැඩ කරන්නෙත් එකම IT කම්පැනියක..මෙයාලා තමන්ගේ දෙමව්පියෝ කියන දේවල්වත් තකන් නැතුව තමන්ට ඕන විදියට විනෝද වෙවී කාලය ගත කරන එක තමයි කරන්නේ..දවසක් මෙයාලා පාර්ටියකින් පස්සේ වෙරිමරගාතේ වාහනෙත් අරන් යන වෙලාවක එයාලා කවුරුවත් නොහිතන විදියට මනෝව්‍යාදිකයෙක් විදියට හැසිරෙන පුද්ගලයෙක් විසින් මෙයාලව පැහැර ගන්නවා..ඒ පැහැරගැනීමත් එක්ක තමයි මේ කතාව හරියටම ආරම්භ වෙන්නේ..ඉතින් ඇයි මෙයාලව පැහැරගන්නේ..? ඇත්තටම කවුද මේ ⁣මනෝව්‍යාදිකය ? මොකද්ද මෙයාලව පැහැරගත්ත එක පිටිපස්සේ තියන ඇත්තම කතාව කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

ෆිල්ම් එක ගැන තවත් දෙයක් කිව්වොත් මේක Psychological Thriller එකක් නිසා මුල් භාගෙදි අපිට මොකද්ද මේ වෙන්නේ කියලා පැහැදිලි අදහසක් ගන්න අමාරුයි..ඒ නිසා මේක හරියටම තේරුම් ගන්නනම් අවසානය වෙනකන්ම ෆිල්ම් එක නරඹන්නම වෙනවා..ඒ වගේම ඉන්දියන් ෆීල්ම් වල ආවේණික ගැටලුවක් වෙන E Sub වල තියන අඩු පාඩු අඩුවක් නැතුව මේ චිත්‍රපටයට නිකුත් වෙලා තිබුණු E Sub එකෙත් තිබුණා..ඒවත් මට හැකි උපරිමයෙන් නිවැරදි කරලා තමයි මේ උපසිරැසිය අරගෙන ඇවිත් තියෙන්නේ.. එහෙනම් සිංහල උපසිරැසිය එක්කම WEB (2023) නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා..

තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්නම මුණගැහෙමු..ඔයා⁣ලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..

එහෙනම් හැමෝටම බුදු සරණයි..🧡

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

5 comments

  1. Supiri niyamai ramabanam eketh sub ona

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    film ekaka sampoorna rasaswadaya apata labadeemata
    oya karana me sevayata mage gowrawaya……!!!!

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට Kazhuvethi Moorkan (2023) sub plzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login