The title of the page
Warrior Nun (2022) S02E02 Sinhala Subtitles
Warrior Nun (2022) S02E02 Sinhala Subtitles
6.9

Warrior Nun (2022) S02E02 Sinhala Subtitles | “රණශූර කන්‍යා සහොයුරියන්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවනේ, කොහොමද? ඔන්න කාලෙකින් සුපිරිම සිංහල උපසිරැසියක් එක්ක ආවා එහෙනම් මම. ඉතින් ඔයාලා හොඳින් නේද? ගොඩ කාලයක් සයිට් එක පැත්තෙ එන්න බැරි උනා. සයිට් එක අලුත් වෙලා,අපේ ඇප් එක ඇවිල්ලා, අලුත් පුතාලා දුවලා ගොඩක් එකතුවෙලා සයිට් එක ගොඩක් දියුණුවෙලා. ඒගැන සතුටෙන් වගෙම මෙන්න බොලේ අපේ සෙට් එකේ අය 250 සීමාව පහුකරන් එනවා පේනකොට මට හීං දාඩියක් දැම්මා. මොකෝ මං මේ 294ක් ගහලා ඉන්නේ. ඉතින් 300ට තව පොඩි දුරයි. මම මුලින්ම ඒ කඩයිම පයින්න ඕනේ නිසා මේක බාරගත්තා අපේ ලොකු ලොක්කා එක්ක

නෑ එහෙම නෙවෙයි, මම ගහන්න හිටිය සීරීස් එක වෙන කෙනෙක් පටන් අරන්. ඉතින් අපේ සමිත මල්ලී යෝජනා කරා මේක දෙමු කියලා. පොඩ්ඩක් බලද්දී සුපිරියක්. ඉතින් දෙයියනේ කියලා “හා”කියලා පටන් ගත්තා. මේකේ එපි 4ක් මම කරන්නෙ. මෙ එපි 4න් පස්සේ මම දෙන්නේ ෆිල්ම් 2ක්. 300ට දෙන එකට සබ් එක ගහලත් ඉවරයි. ඒත් මේ ටික ඉවර වෙනකල් ඉන්න එපැයිනේ?

මෙහෙමයි, ක්‍රිස්තියානි / කතෝලික දහමත් එක්ක යන කතාවක් මේක. මේකේ සමහර චරිත අසීමිතව යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ දෙවියන්ගේ පුතා, පාප් වහන්සේ එහෙම අපි නොහිතන විදිහට ය්දාගෙන තියෙනවා. හැබැයි ඒරටවල විරෝධයක් එහෙම නෑ. කතාවත් පට්ටම පට්ට. අපේ රටෙ එහෙම ඉතින් හැදුවා නම් “ආගම ආගම” ගගා මැරෙන්න දඟලයි කට්ටිය. ඒ නිසා මෙහෙමවත් නිර්මාණයක් බලලා මුන්ගේ මොලේ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අරන් බලන්න, කියන්න දෙයක් නෑ, සුපිරිම කතාවක්. මම ආයේ එන්නේ 4වෙනි එපියෙන් එහෙනම්. එතකල් ආයුබෝවන්!

ආ මතක් නොකරම බෑ, සදහම් මගේ පුතාව සහ මගේ බිරිඳ ලක්ෂ්මීව. ඒ දෙන්නා අදටත් එදා වගේම මට මේ වැඩේට උදව් කරනවා. ඒ වගේම මේ සබ් එක නිකන්ම බාගෙන යන අයටත්, කමෙන්ට් එකකින් අපිට පට්ට ගැම්මක් දෙන දේව පුත්‍රයන් සහ දියනිවරුන් ටිකටත් බොහෝම ස්තූතියි කියන්නත් ඕනේ. එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

3 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. thanks ……………….

  3. Thanks a lot saho sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login