The title of the page
Warning Do Not Play 2019 Sinhala Sub
Warning Do Not Play 2019 Sinhala Sub
5.1
71

Warning Do Not Play (2019) Sinhala Subtitles |අවවාදයයි:සෙල්ලම් කරන්න එපා| සිංහල උපසිරැසි සමඟ

(Warning Do Not Play (2019) Sinhala Sub)ඔන්න ඉතිං ආයෙත් මම ආවා ටිකක් විතර වෙනස් විදිහෙක සිංහල උපසිරැසියක් අරගෙන හැමදාම ටැමිල් , තෙලිඟු ,හින්දි ම කරන නිසා මට හිතුනා ටිකක් වෙනස් විදිහෙ එකක් කරන්න ඉතිං අද මම අරගෙන ආවේ කොරියන් චිත්‍රපටයක් තමා..මේක මගෙ පලවෙනි කොරියානු සිංහල උපසිරැසිය අඩුපාඩු ඇත්නම් සමාවත් ඉල්ලමින් අපි යමු ෆිල්ම් එක පැත්තට……..

2019 සැප්තැම්බර් මස 18 වෙනිදා ඉන්දුනීසියාවේ දී තිරගතවූ මෙම සිනමා සිත්තම මේ වන විට IMDB දර්ශකයේ 5.1/10 වැනි අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම මේ සදහා ගූගල් පරිශීලක මනාප 74% කුත් ලැබිලා තියෙනවා . ඉතිං Jin-won Kim අධ්‍යක්ෂනය කරන ලද මෙය Lee Yoon-jin, Won Jeong-shim මහතුන් විසින් නිෂ්පාදනය කරන ලදී……. Horror/Mystery යන කැටගරියට අයත් මෙම සිනමා පටය පැය 1 කුත් විනාඩි 26 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් ගලාගෙන යනවා…….

මේ සදහා ප්‍රධාන රංගන ශිල්පියෙක් නෙමේ ශිල්පිනියන් තමා අපේ කතාවේ නායිකාව එනම් “පාර්ක් මී ජන්ග්” යන චරිතයට පන පොවන Seo Ye-ji ය..ඒ වගේම මේ සදහා..

🌟 kim-bo ra
🌟Jin Seon-kyu
🌟Ji Yoon-Ho
🌟Shin So-yi
🌟Cha Yub
🌟Kim Do-geon

යන රංගන ශිල්පී ශිල්පිනියන් ද රංගනයෙන් එකතු වෙලා තියෙනවා ..

කතාව පැත්තට ගියොත්………

මී-ජන්ග් කියන අපේ කතා නායිකාව චිත්‍රපට අධ්‍යක්ශකවරියක් , ඉතිං මෙයාට ඕන වෙනවා හොල්මන් ෆිල්ම් එකක් හදන්න…….ඉතිං මේ ෆිල්ම් එකේ වැඩකටයුතුවලට කරුණු කාරනා හොය හොයා ඉන්නකොට මෙයාට දැනගන්න ලැබෙනවා අවුරුදු 10 ට කලින් තහනම් කරපු භයානක හොල්මන් චිත්‍රපටයක් ගැන…..ඉතිං ඊට පස්සේ මෙයාට ඕන වෙනවා , මේ චිත්‍රපටය මොකද්ද ? ඇයි මේ චිත්‍රපටය තහනම් කලේ ? කවුද මේකෙ අධ්‍යක්ෂක ?

ඉතිං ඔන්න ඔහොම මගේ කතාව මම අවසන් කරන්නම් මොකද කුතුහලයක් තියෙන්නත් ඔනනේ .* විශේෂයෙන් කියන්න ඕනා මේක අවධානයෙන් බලන්න ඕන චිත්‍රපටයක් නැත්තන් අවසානෙ මොනා වෙනවද කියලා හිතා ගන්න බැරි වෙයි*

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා මම අශේන් මදුරංග (චූටියා )

බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම …

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

4 comments

  1. නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login