Voicemails for Isabelle (2026) Sinhala Subtitles
Voicemails for Isabelle (2026) Sinhala Subtitles
7.3
88

Voicemails for Isabelle (2026) Sinhala Subtitles | “ පෙම්-බැඳි හඬ තැපැල් ” | සිංහල උපසිරැසි සමඟ

(Voicemails for Isabelle (2026) Sinhala Subtitles) (Voicemails for Isabelle (2026) Sinhala Subtitle) (Voicemails for Isabelle (2026) Sinhala Sub)

‘Voicemails for Isabelle’ 2026 අවුරුද්දේ නිකුත් වුණු ලස්සනම ලස්සන Romance චිත්‍රපටයක්… පැය දෙකක ධාවන කාලයක් හිමි, IMDb 7.3 ක හොඳ අගයක් වගේම LetterBoxd තුළ 3.5/5 ක අගයක් ලබාගත් මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ Leah McKendrick විසින්.. චිත්‍රපටය බෙදාහැරුණේ Netflix හරහා.. ප්‍රසිද්ධ හොලිවුඩ් නිළි Zoey Deutch මේ තුළින් ‘ජිල්’ නම් චරිතය හරහා ප්‍රේක්ෂකයා වෙත සමීප වෙනවා.

කතාව මෙහෙමයි.. ජිල් සහ ඉසබෙල් කියන්නේ එක කුස උපන් සහෝදරියෝ දෙන්නෙක්… දෙන්නට දෙන්නා හරිම ආදරණීයයි සහ ඔයාලා බලද්දි Confuse නොවෙන්න දෙයක් කියන්නම් මෙයාලා හිතන් ඉන්නේ මේ දෙන්නා සහෝදරයෝ කියලා.. නිතරම පිරිමි දෙන්නෙක් වගේ තමයි කතා කරන්නේ.. කොහොමහරි ඉසබෙල් නැත්තම් ඉසී කියන්නේ සිස්ටික් ෆයිබ්‍රොසිස් තියෙන ලෙඩෙක්.. එකතැන තමයි මෙයාට ඉන්න වෙලා තියෙන්නේ තමන්ගේ අක්කා ජිල් ලෝකේ වටේ යනකොට.. මෙහෙම තත්වයකදි මේ දෙන්නා පුරුද්දක් විදිහට කරන්නේ එකිනෙකාට වොයිස්මේල්ස් යවන එක… ජිල් හරිම ආදරෙන් තමන්ගේ නංගිගේ මේ වොයිස්මේල්ස් එකතු කරනවා..

කොහොමින් කොහොමහරි ජිල් යනවා ලෝක ප්‍රසිද්ධ චෙෆ් බැස්ටියන් කියන චෙෆ් ගේ කුකරි ක්ලාස් එකකට.. මේකෙදි තද නීති වගේම ලොකු පීඩනයක් අතරේ මෙයා චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙනගන්නවා.. මේ කාලෙදි මෙයාගේ නංගි ඉසබෙල් හදිසියේ නැතිවෙනවා… මානසිකව කඩාවැටෙන ජිල් ඒත් පුරුද්දක් විදිහට කරපු තමන්ගේ නංගිට වොයිස්මේල් යවන එක දිගින් දිගටම කරනවා.. නංගිගේ නම්බර් එක කාලයක් පුරාවට ඇක්ටිව් නැති නිසා ඒ නම්බර් එක ඉබේම වෙන කෙනෙකුට අයිති වෙනවා.. කවුද මේ කෙනා? දැන් එතකොට ජිල් යවන වොයිස්මේල්ස් දිගින් දිගටම ලැබෙන, ජිල් ගේ සිතුම් පැතුම් වගේම පෞද්ගලික තොරතුරු හොරෙන් අහන මේ අද්භූත මනුස්සයා කවුද? මේ ජීවිත දෙකේ අනාගතය කොහොම ලියවෙයිද? කියන කාරණා කීපයට ගැළපෙන උත්තර ඔයාට මේ හෝරාවන් දෙක අවසන් වෙද්දි හොයාගන්න ලැබෙනවා..

රසවිඳින්න! ජය!

අදහස සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


146
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login