The title of the page
6.8
86
74

Vivo (2021) Sinhala Subtitles | “වීවෝගේ ගමන” | සිංහල උපසිරැසි සමඟ

(Vivo 2021 Sinhala Sub)

යාළුවනේ👋👋 අද නම් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා වෙන මොකුත් නෙමෙයි ඇනිමේෂන් එකක්😎😎

මුලින්ම කියන්න ඕන මේක මම බාරගන්න හිටපු එකක් නෙමෙයි,හිතුවෙ වෙන කවුරුත් මේකට සබ් හදයි කියලා. එහෙම නෑ කියලා දැනගත්ත ගමන් තමා මම ඊයේ පටස් ගාලා එඩිට් කරන්න ගත්තේ,ඒ නිසයි මේක පරක්කු ටිකක්

වැඩි කතා නැතුව මූවි එක ගැන කිව්වොත් මේ මූවි එක තමයි VIVO කියන්නෙ,මේ ජූලි 30 තමයි Netflix එකෙන් රිලීස් කළා කියලා තිබ්බෙ.කිව්වත් වගේ Netflix එක්ක sony animation එකතු වෙලා තමා මේක හදල තියෙන්නේ.

මේක හරි ලස්සන කතාවක් අන්ද්‍රේසුයි විවෝයි කියන්නේ සංගීතයත් එක්ක ඉන්න හරි හොඳ යාළුවො දෙන්නෙක්,යාලුවො කිව්වා ට මේ විවෝ කියන්නේ වදුරෙක්.ඒ වුනාට අන්ද්‍රේස් එක්ක තියෙන යාලුකම ගොඩක් ඉහළයි.😍😍 ඉතිං දවසක් මෙහෙම ඉන්නකොට එයාලට ලියුමක් එනවා අන්ද්‍රේස් ගෙ පරණ මිතුරියක ගෙන්,ඇත්තටම අන්ද්‍රේස් ගෙ හිතේ හිටියේ එයා දන්නවා නෙ,කතාව බලනකොට තේරෙයි.ඉතිං මේ අන්ද්‍රේස් මාර්තා ගෙ ආරාධනාවකට මියාමි වලට යන්න ලෑස්ති වෙනවා ඒත් අපේ වදුරු යාළු විවෝ ඒකට කැමති නෑ,ඒත් අන්ද්‍රේස් පෙරැත්ත කරල කරල විවෝම මේක තේරුම් අරන් යන්න කැමති වෙනවා,අන්ද්‍රේස් රෑ නිදි අතරෙ එයාම අන්ද්‍රේස් ගෙ ඇදුම් බෑග් එක පැක් කරනවා.පස්සෙ දවසෙ යන්න බැලුවම විවෝ දකිනවා අන්ද්‍රේස් වෙන ගමනක් ගිහින් කියලා 😔😔

ඉතිං මේ විවෝ අන්ද්‍රේස් ට යන්න තිබුණු ගමන එයාම යනවා,ඒ එක හේතුවකට,මම ඒක කිව්වෙ නෑ,ඔයාලම බලන්නකෝ,ඉතිං මෙ ගමන යන්න විවෝට තව යාළුවෙක් මුණ ගැහෙනවා,මොකටද කොහෙද යන්නෙ කියලා ඔයාලම බලන්න

ඉතිං කියන්න තියෙන්නේ පවුලත් එක්ක වුනත් බලන්න පුලුවන් ලස්සනම ලස්සන කතාවක් තමා මේක.😊😊

එහෙනම් අදට මම යනවා සබ ගැන අදහස් පොඩි තත්පරයක් දෙකක් වැය කරල කොමෙන්ට් එකක් දාන් යන්න.මොකද ඔයාලගෙ සතුටට අපිත් පොඩි පොඩි කැපකිරීම් කරනවා,ඒ ඔක්කොම කරන්නෙ ආත්ම තෘප්තිය ට 👍👍,අනික් අයත් එහෙමයි ❤️❤️
එහෙනම් අදට මම යනවා පරිස්සමින් ඉන්න,බුදු සරණයි 🙏🙏

© සදමින් හර්ෂණ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Dineth Blackpink

    el kollo digatama karamu .
    jaya wewa!

  3. Dineth Blackpink

    el kollo digatama karagena yamu
    jayawewa!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Kammli kamk ntywa balanna puluwwn lassna movie ek hadwathata danunu kathwak sub ekt niyamatsma tybba thnk you very much..

  6. sandun pradeep amarasinghe

    subtitel km player eke pennanne nedda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login