The title of the page
Virus-32 (2022) Sinhala Subtitles
Virus-32 (2022) Sinhala Subtitles
5.7
94

Virus-32 (2022) Sinhala Subtitles | “සොම්බි” | සිංහල උපසිරැසි සමඟ

(Virus-32 (2022) Sinhala Subtitles) (Virus-32 (2022) Sinhala Sub)

VIRUS:32

IMDb: 5.7/10
Rotten Tomatoes: 94%
Release Date: April 21, 2022
Director: mr.Gustavo Hernandes

Language: Argentinaඔන්න මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් වුන සුපිරි සොම්බි ෆිල්ම් එකක සින්හල උපසිරසය අරගෙන මම ආවා😉.මේක මගේ දෙවනි උපසිරසය . ඒ නිසා මොනවා හරි අඩුපාඩු තිබුනොත් ඒවා පහලින් කමෙන්ට් කරගෙන යන්න 👇❤️.

අපි එහෙම නම් කතාව පැත්තට යමු…..

“සොම්බි” කියන්නෙ මොක්කුන්ට ද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑනෙ. Film Industry එක ඇතුලේ Zombie Concept එක කියන්නෙ හරි ජනප්‍රිය දෙයක්නෙ.ඒ නිසා කාලෙන් කාලෙන් විවිධාකාරයේ සොම්බි පාදක කරගත්ත ෆිල්ම්ස් , ටීවී සීරිස් රිලීස් වෙනවා.ඒවගෙ ඉන්න ගොඩක් සොම්බි එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් Zack Snyder ගේ ” Army of the Dead” ෆිල්ම් එකේ ඉන්න සොම්බි නෙවෙයි ලෝක ප්‍රසිද්ධ ” The Walking Dead “සීරිස් එකේ ඉන්නෙ.ඊට හාත්පසින්ම වෙනස් ජාතියක්.

ඒ වගේම ” Zombieland” , ” World War Z” , ” Train to Busan” , මෑත කාලයේ රිලීස් වුනු සුපිරි කොරියන් සීරිස් එකක් වන ” All of Us are Dead” මේ වගේ හැම එකකම ඉන්න සොම්බි එකෙනකට වෙනස්.

ඉතින් ඒ වගේම ” Virus:32″ කියන මේ ෆිල්ම් එකේ ඉන්නෙත් ටිකක් වෙනස් සොම්බි ජාතියක්. උන්ට  වේගෙන් එහා මෙහා යන්න පුලුවන් .ඒ වගේම මෙයාලට වහලා තියෙන දොරවල් අරින්න පුලුවන්.ඒ වගේම පීනන්නත් පුලුවන්. හැබැයි මේ සොම්බින්ගෙ තියෙන විශේෂම ලක්ෂණය තමයි,

හැම ප්‍රහාරයකටම කලින් මෙයාලා තත්පර 32ක් සන්සුන් වෙලා ඉන්නවා. ඒ කියන්නෙ ඒ කාලය ඇතුලත මෙයාලා කිසිම විදිහකින් හෙලවෙන්න නෑ.කොටින්ම කිව්වොත් කිසිම දෙයක් කරන්නෙ  නෑ.බලාගත්ත අත බලාගෙන ඉන්නවා.ඉතින් මේ සොම්බින්ගෙන් ආරක්ෂා වෙන්න මනුස්සයෙකුට තියෙන්නේ තත්පර 32ක කාලයක් විතරයි. ( දැන් තේරෙනවා නේද ෆිල්ම් එකේ නම හැදුන විදිහ 😉)

මේකෙ ප්‍රධාන චරිතය තමයි “ඉරිස්” මේ වෛරස් එක නගරය පුරා පැතිරිලා මිනිස්සු හැමෝම ඇවිදින මලමිනී බවට පත් උනාට පස්සෙ ඉරිස් එයාගෙ පුන්චි දුවත් එක්ක (දුවගෙ නම ටාටා) පරණ ක්ලබ් එකක් ඇතුලෙ හිර වෙනවා.ඇත්තටම ඉරිස්ගෙ රස්සාව තමයි මේ ක්ලබ් එක මුර කරන එක.මුලදි හැමදේම වෙනදා වගේ සාමාන්‍ය විදිහට සිද්ධ උනත් ටික වෙලාවක් ගියාට පස්සෙ මුළු ක්ලබ් එකම සොම්බින්ගෙන් පිරිලා යනවා.

* මේ සොම්බි ඉන්න ක්ලබ් එක ඇතුලෙ ඉරිස් එයාගෙ දුවත් එක්ක හිර උනාට පස්සෙ මොකද වෙන්නෙ?
*ඉරිස්ට එයාගෙ දුවගෙ ජීවිතය මේ ලේ පිපාසිත මෘගයන්ගෙන් බේරගන්න පුලුවන් වෙයිද?
* ඉරිස්ට ක්ලබ් එක ඇතුලෙද් හම්බවෙන අමුත්තා කවුද?
*එයාගෙ අරමුණ මොකද්ද ?
*අන්තිමේදි ඉරිස්ට කිසිම කරදරයක් නැතුව දුවවත් බේරගෙන බෝට්ටුවක නැගලා මුහුදට යන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. තමන්ගෙ දරුවගෙ ජීවිතයට අනතුරක් කියලා දැනුනම අම්මා කෙනෙක් හැසිරෙන විදිහ මේ ෆිල්ම් එකෙන් අපිට නියමෙට පෙන්නලා දෙනවා.අම්මා කෙනෙක් තමන්ගෙ දරුවා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි.අන්තිම විනාඩි කීපයේදී අපිව සන්වේදී කරන්නත් මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේක ඉවර වෙන විදිහට අපිට දෙවන ෆිල්ම් එකක් ගැනත් පොඩි පොඩි ඉගි ලබා දෙනවා.බලමු අපි ඉස්සරහට වෙන්නෙ කියලා .

එහෙනන් මම හැමෝටම අරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා.❤️

තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් ජයසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන් ජයසිංහ

April 24, 2022


10
Total Subtitles

14 comments

  1. Asitha Deshan
    Cineru Family Member

    නියමයි අයියේ…දිගටම සබ් දෙමු!!!

  2. Senior Year
    The Essex Serpent
    පුලුවන්නම් සබ් දෙන්නකො

  3. ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ…

  4. Elama bro ftttt

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. supiri digatama new films me wage upload karanna.. api hamadama cineru.lk ekath ekka.. adarei. digu gamanak yanna labewaa !! 🙂

  7. danata lankawe thiyena user friendly ekama site eka.. ads mala jarawa mokuth na. patta jaya wewa cineru.lk 🙂 🙂

  8. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…d

  9. Thanks Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login