The title of the page
8.9
93
97

K.G.F Chapter 2 (2022) Sinhala Subtitles | “අධිරාජ්‍ය යලි ගොඩ නැගීම…! ” | සිංහල උපසිරැසි සමඟ

“ඉතිහාසය අපට පවසන්නේ  මිනිස්සු බිහිවෙන්නේ බලවත් තැන් වලින් කියලයි,

නමුත් ඉතිහාසය වැරදියි…

බලවත් මිනිස්සු විසිනුයි බලවත් තැන් නිර්මානය කරන්නේ…”

මුළු ඉන්දියාව වගේම අපේ රටේ සිනමා ලෝලින් වගේම මුළු ලෝකෙම අවුරුදු තුනක් තිස්සෙ බලන් උන්නේ රොකීගේ කතාව බලන්න.. එනම් KGF chapter 1 2018 වසරේ තිරගත වීමත් එක්කයි. එහි අවසානයත් එක්කම දෙවන කොටස වෙනුවෙන් තැබූ ඌනපූර්ණයත් එක්කම කුතුහලය දෙගුණ තෙගුණ වුණා.. අවුරුදු තුනක් ගත වීමට ප්රධානතම හේතුව කොවිඩ් වසංගතය යි. චිත්රපටය රූගත කිරීම වලට අමතරව අවුරුද්දක්ම වගේ ඒ වෙනුවෙන් අපිට බලන් ඉන්න සිදු වුණා..

කෙසේ හෝ 2022 අප්රේල් 14 වන දා ලොව පුරා සිනමා ශාලා විශාල ගණනක imax තිරයේ ලොව පුරා තිරගත වුණා අති විශාල ආදායම් වාර්තා සමගින්… මාසයක් පමණ කාලයක් තිරගත වූ මෙය කෝටී 1200කට අධික මුදලක් ඉපයීමට සමත් වුණා… ප්රශාන්ත් නීල්ගේ නිර්මාණයක් වන මෙය ප්රධාන රංගනය රොකින්ග් ස්ටාර් යශ් වනවා. KGF1 2018දී තිරගත වන්නෙ කන්නඩ භාශව ප්රධාන භාශාව ලෙසිනුයි. වැඩිම ආදායමක් ලැබූ පලමු කන්නඩ චිත්රපටය ලෙස වාර්තා අතරට එන්න එවර KGF1 සමත් වෙනවා. කෝටී 100ක වියදමක් දරමින් නිෂ්පාදන කළ KGF2 මෙවර එම ආදායම් වාර්තා කුඩු කරමින් කෝටී 1000ඉක්ම වූ ප්රථම කන්නඩ චිත්රපටය ලෙසත් වැඩිම ආදායමක් ඉපයූ ඉන්දීය චිත්රපට 4 අතරට ඒමටත් සමත් වෙනවා. (ඉන්දීය වැඩිම ආදායම් වාර්තා තැබූ සෙසු චිත්රපට නම් Dangal, Bahubali2, RRRවේ…) ඒ වගේම වැඩිම ආදායමක් ලැබූ දකුණු ඉන්දීය චිත්රපට අතරින් දෙවන තැන ගන්නටද සමත් වුණා. (බාහුබලී 2 තමා පලමු චිත්රපටය වන්නේ ඒ කෝටී 1800+ ක ආදායමක්) ප්රධාන බස කන්නඩ වන අතර දමිල, හින්දි, තෙලුගු හා මලයාලම් භාශාවෙන් හඩ කැවීම් සිදු වුණා.

KGF කියන්නේ Koral Gold Field. ඒ කියන්නෙ රත්රං පතලක ඉතා දුෂ්කර ජීවීකාවක් ගෙනියන අහිංසක දුප්පත් මිනිස්සුන් පිරිසක් වටා ගෙතුණ කතාවක්. මේ මිනිසුන්ට එන පීඩන හමුවේ ඔවුන්ගේ ගැලවුම්කාරයා ලෙස කරලියට එන්නෙ රොකී නම් වූ තරුණයෙක්. ගරුඩා නම් වූ කෲර පාලකයෙකු මරා දමමින් සිය අනසක පතුරවන්න KGF1 හි රොකී සමත් වෙනවා. තවම නොබැලූ අය සිටී නම් දැන්ම අරන් බලන්න. ඒක බැලුවට පස්සෙ තමා මේක බලන්න ඕනේ. නැත්තන් තේරුම් ගන්න ගොඩක් අමාරු වෙයි. දෙවන දිගහැරුමේ ඔහුගේ බල සම්පන්න ශක්තිය බලය හා කැපවීම තමා මේ කතාව පුරාම පැතිර තිබෙන්නෙ. දෙවන කොටසේ අපිට රොකිගේ ධනය හා බලය ගැන බලාගන්න පුලුවන්.

  • ※ ඉන්දීය අගමැතිට එරෙහිව සටන් ප්රකාශ කිරීම.
  • ※ රීනාගේ අසීමාන්තික ආදරය හමුවේ රොකී ජීවිතයම කැප කිරීම.
  • ※ අධීරා නම් වූ දැවැන්ත දුශ්ටයාගේ නොනවතින කෲරත්වය.
  • ※ අතීතයෙන් සිහි ගැන්වෙන අම්මගේ මතකය,
  • ※ නොනවතින ප්රචණ්ඩත්වය.
  • ※ බලසම්පන්න මිනිහෙක් විදිහට බලවත් ස්ථානයක සිට පැමිණ තමන්ගේ ස්ථානය බලවත් කරන්න රොකී මේ කතාව තුළ සමත් වෙනවා.

KGF chapter 2 හි ප්රධාන රංගනය රොකින්ග් ස්ටාර් යශ් රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව ප්රධාන නිළිය ලෙස ශ්රිනිධි ශෙට්ටි දායක වෙනවා. සෙසු නළු නිලි පිරිස අතරට, ✧ Sanjay Datt ✧ Raveena Thandon ✧ Prakash Raj ✧ Archana Jois ✧ Achyuth Kumar ✧ Malavika Avinash ✧ Rao Ramesh ✧ B. S. Avinash ✧ Eswari Rao ✧ T. S. Nagabharana ✧ Saran Shakthi යන නළු නිළි දායක වෙනවා. KGF2 හි සංගීතය ගැන විශේෂයෙන් ම කිව යුතුයි. මොකද ඒක ඒ තරම්ම ඇගට හදවතටම දැන්නෙන්න තිබුණ නිසයි. මෙහි සංගීතය Ravi Basrur විසින්ය. නිල බෙදා හැරීම Lahari music හා T serise විසින් දකුණු ඉන්දීය භාශා සංගීතයට අනුග්රහය දැක්වූ අතර හින්දි භාශාව වෙනුවෙන් MRT දායක වුණා.. අතිශයින් ම ලස්සන හා හරිම සංවේදි ඒ වගේම ප්රේමණීය ඒ වගේම රොකීගේ බලය හා ජවය දැනෙන ලෙසට ගීත 4ක් මෙහි ඇතුලත ය. එනම්,

  •  Toofan 
  • Mehebooba
  • Gaganani
  • Sulthana

මේ සියලුම ගීත කන්නඩ බස වගේම දමිල, හින්දි, තෙළුගු හා මලයාලම් බසින් ගායනා වුණා.. ගීත හතරම එකිනෙකට වෙනස් හරිම ලස්සන ය.මග නොහැර ඒවද නරඹන්න… ශ්රී ලංකාවේ එක දිගට මසයක් වගේ කාලයක්ම සිනමාශාලා විශාල සංඛ්යාවක මෙය තිරගත වුණා. ඒ සෑම දිනකම වගේ හවුස් ෆුල් මට්ටමේ තමා තිබුණේ. සෑහෙන විශාල ආදායමක් ලංකාවෙත් හෙව්වා කියලා තමා ආරංචි වුණේ. කෙසේ හෝ අවසානෙට කියන්න තියෙන්නෙ KGF කියන්නේ ලේ වලින් ඉතිහාසය ලිව්ව කතාවක්. ඒ ඉතිහාසය වෙනස් කරන්න නම් ආයේ ලේ වලින්ම ලියන්න වෙනවා. ප්රශාන්ත් නීල් මාස්ටර් KGF Chapter 3 නැවත අරන් එනවා කියලා අපිට පොඩි බලාපොරොත්තුවක් ද දුන්නා. අපි ඒකත් එනකන් බලාපොරොත්තු දල්වන් බලන් ඉමු. Chapter 2 බලනවා නම් අනිවාර්යයෙන් chapter 1 බලලම ඉන්න. නැත්නම් පැහැදිලි අදහසක් ගන්න ඔයාලට බැරි වෙයි.

KGF – Chapter 2 [Hindi] Box Office Trends Day 4: Yash starrer witnesses 70% occupancy on Sunday; all set to clock Rs. 50 cr. :Bollywood Box Office - Bollywood Hungama

මේ වන විට අපිට අන්තර්ජාලයට ඔරිජිනල් පිටපත නිකුත් වෙලා තියෙනවා. කලින් කොපියක් හොරෙන්ම අන්තර්ජාලයට නිකුත් වුවත් එයටද සිනෙරූ අපි උපසිරැසි ලබා දුන්නා. මෙවරද ඊට වඩා සාර්ථක ලෙස සිංහල උපසිරැසිය දැන් රැගෙන ආවා..බලන්න කියලා ආරාධනා කරනවා

‘මේක ලේ වලින් ලියවුනු කතාවක්…
තීන්ත වලින් ලියන්න බැහැ…
මේ කතාව දිගටම ලියවෙනවනම්
ඒ ලියවෙන්නෙත් ලේ වලින්මයි ‘ ✍️

He is not Gangster … He Is MONSTER
So.. He Will Back As a Biggest MONSTER 

 

  • සිනෙරූ වෙනුවෙන් මම
  • – නිත්‍යා රූපසිංහ –
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

68 comments

  1. සබට තෑන්ක්ස් සගෝ..❤️

  2. සුපිරි වැඩක්!

    • මේ සයිට් එක මරු සහෝ.. ෆිල්ම් එක ආද සබ් එක එතන. 🖤🖤🖤

  3. Thankz brother

  4. KGF 1 st ekth දෙන්නකෝ

  5. sago mata kiyanawada kohenda sinhala sub link eka ganna thiyenne kiyala mata hoyaganna bane 🤨

    • samitha
      Cineru Family Member

      නිල් පාට ලයින් එකක් යන බටන් එකක් තියෙන්නේ එකෙන්

  6. kannada eka newed me

    • කන්නඩ එකේ සවුන්ඩ් කොලිටි නෑ..

    • Me theligune kanda kiyla dla tynaneka

      • දීලා තියන වීඩියෝ කොපි සේරම කන්නඩ වීඩියෝ කොපි..මම හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා..

  7. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  9. Thank you broo

  10. kannada eka ned da?

    • ඇවිත් තියන කන්නඩ එක Line Audio..ඒකේ ඕඩියෝ පැහැදිලි නෑ..HDRip රිලීස් වෙද්දි එයි හොඳ ඕඩියෝ එකක් එක්ක..

  11. Supun Sadeepa
    Cineru Family Member

    Thnx chutiya ❤

  12. mta balnna be ne bn pita pata kiyna tena den ne nebn

    • plz hetuwa kiynnako

      • samitha
        Cineru Family Member

        විපින් දාගෙන නම් ඔෆ් කරලා බලන්න

      • Shehan Sachintha (කොටා)
        Cineru Family Member

        සබට තෑන්ක්ස්😜🤩 චූටියෝ😍

    • samitha
      Cineru Family Member

      විපින් දාගෙන නම් එක ඔෆ් කරලා බලන්න එහෙම නැත්නම් අපේ ටෙලිග්ර්ම චැනල් එකට සෙට් වෙන්න එකෙත් ලින්ක් තියෙනවා

      • ane ne bn vpn dala ne mn dubai wala inne iye dawl
        Idan try krnwa balnna be vediyo pitapat kiyna trna den ne anik serma denwa teligrem use krnna be wena vidhak attema nedda modiroter dila nethi nisada balnna beri

        • samitha
          Cineru Family Member

          අපේ FB පේජ් එකට මැසේජ් එකක් දාන්න , අපි උදවු කරන්නම් .

  13. Shehan Sachintha (කොටා)
    Cineru Family Member

    සබට තෑන්ක්ස් චූටියා😍😘

  14. Kannada language eken dannko

  15. සුපුන් රන්දික

    මේකෙ වෙබ් රිප් එක ආවම , ඒක දැනගන්න විදියක් නැද්ද… 🙄

    • ආව දවසට ඒකට අප්ඩේට් කරනවා කොහොමත්..සයිට් එකේ නෝටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න.

  16. Thank You….👍👍👍

  17. Me video copies deke wenasa mkkd dekama 720p eth ekakt 700mb anikt 1.4 Gb ai mkkd wenasa mewge?

    • Sachith Vidura
      Cineru Family Member

      දෙකම 720 p නෙවෙයි සහෝ එකක් 720p X264 1.4 Gb හා අනික 720p නෙවෙයි . ඒක නෝමල් x264-700MB කොපියක් .

  18. Bro meka cam copy da?

  19. balanna bahane.. Komda balanne link eka pennanne naha sub link eka witharai pennanne

  20. Kgf 2 kanda video එක තියනවද

  21. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Kashmir Files (2022) Hindi HQ HDRip

  22. Thama kannada audio eka awe nedda

  23. Pattaaaaaaaaaaaaaaaaa

  24. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  25. එලම බන් නියමයි

  26. umesh maduranga
    Cineru Family Member

    Original එනකම් බලන් හිටියේ ❤️‍🔥💎 thank you

  27. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …

  28. ස්තුතියි සහෝ සබ් එකට ❤️❤️❤️❤️❤️❤️

  29. WEB-DL|720p|X264|1.7 GB eka kannada ekada?

  30. බොහොම ස්තූති සහො සබට

  31. Meka original kannada ekada

  32. Thanks. Niyamai👏💯

  33. Tamil eka thama awilla nadda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login