The title of the page
Vikrant Rona (2022) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
7.2
40
86

Vikrant Rona (2022) Sinhala Subtitles | “යක්ෂයා” | සිංහල උපසිරැසි සමඟ

(Vikrant Rona (2022) Sinhala Subtitles) (Vikrant Rona (2022) Sinhala Sub)

හෙලෝ කොහොමද ඔයාලට.. මේක තමයි මගෙ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීම.. හැමදාම සිනෙරූ එකෙන් ෆිල්ම් අරන් බලන එකේ.. මටත් හිතුන sub එකක් ගහලා අපේ කොල්ලන්ට සපෝර්ට් එකක් දෙන්න 😁❤️වැරදි ගොඩක් ඇති, පලවෙනි එක නිසා සමාව දෙන්න.. 🥺❤️
වැඩි කතා ඕන නෑ අපි ෆිලුම ගැන බලමු…

දෙන එක සුපිරියක් දෙන්න ඕන කියලා හිතුන. ඇක්ෂන්, ත්‍රිලර් ඒවා බලන්න ආස අයට මෙන්න භාණ්ඩේ..🔥 ෆිලුමේ නම තමයි වික්‍රන්ත් රෝනා.. සමහර කට්ටිය බලලත් ඇති.. කමක් නෑ ආපහු පාරක් බලන්න..මේක මේ අවුරුද්දේ නිකුත් උන ෆිල්ම් අතරින් බොක්ස් ඔෆිස් ලේබල් එක කිසි ගින්නක් නැතුව අලවගත්ත තවත් සුපිරිම ෆිල්ම් එකක්..කෝටි 95ක් පමණ මුදලක් වැය කරල නිපදවූ මෙය සති 2ක්‌ පහුවෙද්දී මුළු ලොව පුරාම තිරගත කිරීමෙන් කෝටි 200යේ කඩයිම පසු කලා..විශේෂම කාරණේ තමයි මේක කන්නඩ සිනමාවෙන් බිහිවීම..ඉහළම අදායම් ගත් කන්නඩ චිත්‍රපට අතිරින් මේ චිත්‍රපටය තියෙන්නේ තුන් වැනි තැන.. ඒ KGF 1 හා KGF 2 යන චිත්‍රපට දෙකට පසුවයි..මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ අනූප් භන්ඩාරි අතින් වගේම ඔහුම තමයි කතාවත් ලියලා තියෙන්නේ.. මේකේ imbd අගය 8/10 වගේ ඉහළ අගයක් අරන් තියෙනවා.. ඉතින් හිතාගන්නකෝ ෆිලුමේ තරම..

ඒ වගේම මේකට මාරම පොසිටිව් රිවිව්ස් ගොඩක් හම්බෙලා තියෙනවා..ප්‍රධාන නළුවා ඉතින් කවුරුත් දන්න සුදීප් සංජීව් නොහොත් කිච්චා සුදීප්..2012 Eega Movie එකෙන් දකින්න ඇති නෙ මෙයාගේ වැඩ..මෙයාගේ ෆිල්ම්ස්, ඇක්ටින් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.. ගොඩක් අය මෙයාව ප්‍රතිවීර චරිතයෙන් මීට කලින් දැකල ඇත්තේ ඒත් මෙයාට ඕන චරිතයක් කිසිම අවුලක් නැතුව රගපාන්න පුළුවන් කියලා මෙයා අපිට මේ ෆිල්ම් එකෙන් පෙන්නලා දීලා තියෙනවා.. ඒ වගේම මෙයත් එක්ක මේ ෆිල්ම් එකේ කන්නඩ සිනමාවේ නළු නිළියන් වන නීතා අශෝක්, රවිශංකර් ගෞඩා, මුධුසුදාන් රාවෝ යන අයව යොදාගෙන තියෙනවා වගේම, අපේඅධ්‍යක්ෂකතුමාගේ සහෝදරයා වන නිරුප් භන්ඩාරි මේ චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය රගපානව.. ඒ වගේම මේකේ විශේෂ කොටස් ගානක් සදහා ජැක්‌ලීන් ෆර්නෑන්ඩස් එකතු වෙලා තියෙනවා.. මේකේ මරු සින්දු ටිකකුත් තියෙනවා..සැපට අහන්න පුළුවන් 😁ඔක්කොම sub කරලා තියෙන්නේ..

කතාව පොඩ්ඩක් කියන්නම්.. ලිපිය ගොඩක් දිග වෙන්න කලින්..

කමරොට්ටු කියන ගමේ දිගින් දිගටම සිද්ද වෙන මිනීමැරුම් වැඩි වෙනවා. මේ වෙන මිනීමැරුම් කුඩා ළමයින්ගේ වීම තමයි එතනින් විශේෂම කාරණේ.. පරණ පොලිස්කාරය මැරුණත් හරි මේ ගමට අලුතින් පත් වෙලා එන පොලිස් නිලධාරිය තමයි වික්‍රන්ත් රෝනා කියන්නේ.. මෙයා එන්නෙ තනියමත් නෙවෙයි. මෙයාගේ දුව එක්ක…

😈 මේ මිනීමැරුම් සිද්ද වෙන්නෙ ඇයි?
😈 මේ වික්‍රන්ත් රෝනා කියන්නේ කව්ද?
😈 මේ ළමයි මරණ මිනීමරුවා ගමේම කෙනෙක් ද?

ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඔයාලට මේක බලලම දැනගන්න පුළුවන්.. අන්තිම වෙනකම් බලන්නකෝ. අන්තිමට වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි.

අයෙත් සුපිරි sub එකකින් හම්බෙමු.. කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..ඒ කොමෙන්ට් එක තමයි වටින්නේ. එහෙනම් මං ගියා ..බුදුසරණයි හැමෝටම..😁❤️

යක්ෂයා.. 😈❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Palamuweni sub ekata suba pathu…….

      psa(dot)pm/category/movie/
      me site eke hoda aluth film thiyanawa..

      puluwannam……………

    • Shan Sasanga
      Cineru Family Member

      ස්තුතියි සහෝ❤️

  2. Thanks for sub❤️🔥😍
    Good job bro😎

  3. Prasanjith Ariyarathna

    thank bro. Niyama wadak macho.

  4. සුපිරි කොල්ලෝ… සබ් එක එක්ක මං බැලුවා..පළවෙනි එක කියලා කියන්න බැරි තරම් සුපිරියට කරලා තිබ්බා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login