The title of the page
Varudu Kaavalenu Sinhala Sub
Varudu Kaavalenu Sinhala Sub
7.3
94

Varudu Kaavalenu (2021) Sinhala Subtitles | කෝල දෑසින් හද වසඟ කල ආඩම්බරකාරී | සිංහල උපසිරැසි සමඟ

(Varudu Kaavalenu (2021) Sinhala Subtitles ) (Varudu Kaavalenu (2021) Sinhala Sub )

ආයුබෝවන් යාලුවො හැමෝටම ! ගොඩ කාලෙකට පස්සෙ තමයි මම උපසිරැසියකින් ඔයාලව හම්බවෙන්න ආවේ.නොයෙකුත් දේවල් නිසා සබ් එකක් කරන්න පුලුවන් කමක් ලැබුනෙ නෑ. හරි එහෙනම් කෙලින්ම ෆිල්ම් එක පැත්තට යමු.

මේ චිත්රපටය නිකුත් උනේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ Suryadevara Naga Vamsi.තෙලිඟු ෆිල්ම් ගැන හෙවිල්ලෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ නම නිතර අහල ඇති.Sithara Entertainment බැනරය යටතේ තමයි මේක ඉදිරිපත් කෙරෙන්නේ.

ඉතින් තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරන්නේ කාන්තාවක් වීම.ඇය Lakshmi Sowjanya.ඉතින් සාමාන්යයෙන් අධ්යක්ෂකවරියන් අඩුයි වගේම ජනප්රිය පෙලේ නලුවො එක්ක ෆිල්ම් කරන්නෙම නැති තරම්.ඉතින් මේක ඇයගේ පලමු සිනමා නිර්මාණය.ඔන්න ඉතින් ඔයාලට බලල තීරණය කරන්න පුළුවන් කාන්තාවක් උනත් ඇය කොතරම් සාර්ථක දුරට තමන්ගේ කාර්යය ඉටු කරලද කියලා.

චිත්රපටයේ රංගනය දායකත්වය බැලුවොත් ප්රධාන නලුවා වෙන්නේ Naga Shaurya.මතක ඇතිනේ මම ගිය 2020 ගෙනාපු Aswathma ෆිල්ම් එක මෙයාගේ.ඒවගේම මම මගේ හතරවෙනි සබට කරපු Jadoogadu ෆිල්ම් එකත් මෙයාගෙ.ඉතින් ඒවත් එක්ක බලනකොට නලුවා මොන තරම් දුරට හැකියාව වර්ධනය කරගෙනද කියලා ඔයාලටම තේරෙයි. ප්රධාන නිලිය වෙන්නේ මමත් පුද්ගලිකවම ආස කරන චාම් හැඩකාර නිලියක් වෙන Rithu Varma.අපි ඇයව අන්තිමේ දැක්කෙ නානිගෙ Tuck Jagadish චිත්රපටයෙන්.ඊට අමතරව තව සුපුරුදු නලු නිලි රැසක් මේකේ රංගනයෙන් දායක වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

භූමි කියන්නෙ අලුතින් පටන් ගත්ත ව්යාපාරයක් කරගෙන යන කෙනෙක්.මෙයා ගැන කියනවමම් හරිම තද කෙනෙක් තමයි.සේවකයන් පවා ගොඩක් බයයි මෙයාට.ඉතින් මෙයාගෙ අම්මට ඕන මෙයාව බන්දල දෙන්න..ඒත් මෙයා නෙමෙයි කිසිම මනමාලයෙක්ට කැමති.එතකොට ආකාශ් කියන්නෙ ප්රසිද්ධ ආකිටෙක්චර් කෙනෙක්.මෙයත් ඉන්දියාවට එනවා පැරිස් වල ඉදන් ප්රොජෙක්ට් එකක් කරන්න.ඔහොම තමා ආරම්භෙ වෙන්නෙ.

ඉතින් මේ චිත්රපටිය නම් මගේ ටයිප් එකක් කියන්නම ඕන.මොකද අනිත්ව වගේ නෙමේ තෙලිඟු සිනමාවට තියෙනවා මේ නාට්යමය ස්වරූපයෙන් ගලා යන කතාවලට වෙනම අනන්ය ගතියක්.හරිම සම්ප්රදායික බවක්.ආං ඒකට මම ගොඩක් ආසයි.මේ කාලෙකින් ආව එහෙම එකක්.චිත්රපටය පුරාම අපූරු සාරියකින් හැඩ වෙලා ඉන්න නිලියක් දකින්නෙම මේ ගොඩ කාලෙකින්.ඉතින් තව Shreya Goshal , Sid Sriram වගේ අයගෙ සුමිහිරි හඬින් ගැයෙන අපූරු ගීත කිහිපයකුත් මේකේ ඇතුලත්.ඒවටත් සබ් දාල තියෙන නිසා රසවිඳින්න ඒවත් එක්කම.

එහෙනම් ආයි ඉක්මනටම සබකින් හම්බෙන බලාපොරොත්තුව ඇතුව සමුගන්නම්.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. Ado gm bro. Thnx MCN ❤ Bs.

  2. Arawinda Sunimal

    thanks fatta speed 10 weniyata mama bagaththa ahenam jayawewa……….

  3. Anushka Madhushan

    Ko nene film eka download kara ganna widiyak

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Bachelor (2021)

  5. එලම මචන්….

  6. thank bro sinhala sube ekata jail 2021 tamil film ekatath sube danna

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..

  9. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි මදුවෝ😍🤩

  10. බොහොම ස්තූතියි
    ජය වේවා!

  11. thnx bro.
    jaya veva!

  12. Secret N
    Cineru Family Member

    නියමයි.. ♥️♥️

  13. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  14. උපසිරැසියට ස්තූති ! ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login