The title of the page
Varisu (2022) Sinhala Subtitles
Varisu (2022) Sinhala Subtitles
6.9
84

Varisu (2023) Sinhala Subtitles | “උරුමක්කාරයා” | සිංහල උපසිරැසි සමඟ

(Varisu (2023) Sinhala Subtitles) (Varisu (2023) Sinhala Subtitle) (Varisu Sinhala Subtitle) (Varisu Sinhala Sub)

සුභ දවසක් වේවා කියලා පිළිගන්නවා හැමෝටම ඉතිං ඔන්න ටික දවසකට පස්සෙ ආයෙත් ආවා අලුතින්ම තිරගත උන දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන . Varisu | Tamil | 2023

IMDb 6.9/10 

Action | Drama 

2hrs 45 mins

Thalapathy Vijay | Rashmika

” Thee Idhu Thalapathy

Pera Kettaa Whistle Adi

Thee Idhu Thalapathy

Unga Nenjin Adhipathi … 

තලපති විජෙයි රංගනයෙන් දායක වූ 66 වන චිත්‍රපටය හෙවත් අලුත්ම චිත්‍රපටය තමයි ” වාරිසු” කියන්නේ.. සිංහල තේරුම  “උරුමක්කාරයා” කියලයි. මේ අවුරුද්දේ තෛපොංගල් වෙනුවෙන් ජනවාරි 11 වෙනිදා ලොව පුරා සිනමා ශාලා විශාල සංඛාවක තිරගත වුණා.

ආදායම් වාර්තා බිද හෙලමින් අති සාර්ථකව තිරගත වූ වාරිසූ මේ වන විට කෝටී 200 -250ක ආදායමක් ලබමින් තවමත් තිරගත වෙමින් පවතී.. (මම මේ ලිපිය ලියන දා සිට) කෙසේ හෝ එදිනම තල අජිත්ගේ ” Thunivu” චිත්‍රපටයද තිරගත වූ අතර දෙකටම මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් කරට කර තරග කරන්න සිදු වුණා.. ඉන්දියාවේ වගේම සෙසු රටවලද ඒ වගේම ලංකාවේ ද අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් කෝටී 9 ක ආදායමක් ලබා ඇති බවයි වාර්තා වෙන්නෙ..  Thunivu තිරගත වීමත් සමග  මදක් පලමු දිනයේ ආදායම් අතින් තමිල්නාඩුවේ පහත් බැස්සද දෙවන තුන්වන දිනවල එය නැවතත් ප්‍රවේගකාරී ලෙස Thunivu අභිබවා යෑමට පටන් ගත්තා. හයිඩ්‍රාබාද් වල කේරලේ වගේ ඉහල ප්‍රතිචාර ලැබීම සිදු වුණා..  කෙසේ හෝ අවසානයේ මේ වන තෙක් Thunivu අභිබවා ආදායම් වාර්තා තබන්නට වාරිසු සමත් වූ බවයි පෙනෙන්නේ… 

කතාව පැත්තට හැරුනොත්,

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රාජේන්ද්‍රන් පලනිසාමිගේ බාල පුත්‍රයා වන විජේ රාජේන්ද්‍රන්, ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීම නිසා පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව නිවසින් එළියට පන්නලා දානවා. වසර හතකට පසු, රාජේන්ද්‍රන් අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා ගන්නා අතර ඔහුට ජීවත් වීමට ඇත්තේ තවත් මාස කිහිපයක් පමණයි.  ඔහුගේ  තත්ත්වය හෙළි කිරීමටත් ඔහුගේ මරණයට පෙර ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනාගෙන් කෙනෙකු වන ජායි හෝ අජේ සමාගමේ සභාපති ලෙස පත් කිරීමට ඔහු තීරණය කරනවා. මේ කාරණාව පවුලේ සියලු දෙනාටම කියන්න ඕනේ නිසා  රාජේන්ද්‍රන් සිය 65 වැනි උපන්දිනය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට සැලසුම් කරන්නේ, සැමරුම අතරතුර කරුණු දෙකම ප්‍රකාශ කිරීමේ අදහසිනි. විජයට ද ආරාධනා ලැබෙන්නේ ඔහුගේ මව වන සුධාගේ ඉල්ලීම පරිදි වන අතර ඔහු තවමත් තම පුතා ලෙස සලකමිනි.. විජය පැමිණෙන්නේ ඔහුගේ නිවස අවුල් වී ඇති බව දැනගෙන. විජෙයිගේ බාල සොහොයුරා වන ජයි තවත් කාන්තාවක් වන ස්මිතා සමඟ ඔහුගේ බිරිඳ වන ආතිට වංචා කරන අතර ඔහුගේ නව යොවුන් වියේ දියණිය වන රියා ඇතුළු ඔහුගේ පවුල නොසලකා හරිමින් සිටිනවා. ආතිගේ නැගෙනිය වන දිව්යා සමග සමීප ඇසුරක් එය ආදරයක් කිව්වොත් හරි විජේ ගොඩ නගා ගන්නවා. අජේ මුදල් සම්පාදකයෙකු වන මුකේෂ්ට විශාල මුදලක් ණයයි. ඔහුට මුදල් ආපසු ගෙවීමට නොහැකි වූ විට, ඔහු තම පියාගේ ව්‍යාපාරික ප්‍රතිවාදියා වන ජයප්‍රකාශ් “ජේපී” වෙත තම සමාගමේ රහස් හෙළි කිරීමට ඉදිරිපත් වෙනවා. මෙය දුර දිග යෑම නිසා වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම එකිනෙකා සමඟ කතා නොකරන අතර පවුලෙන් ද පිටව යෑමට පටන් ගන්නවා.. අන්තිමට සියලු බර කරට අරන් සියලු දෙනාගෙම යහපත සැලසීමේ වගකීම පවුලේ බාලයා වන විජෙයි බාර ගන්නවා. ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ..  පවුලේ කතාවක්.  

ඒකාකාරී මසාලා කතාවලින් මිදිලා වෙනස් චරිතයක් වාරිසූ තුලින් තලපතිගේ දැක ගන්න පුලුවන්. විජෙයි සමග රංගනය රශ්මිකා මන්දනා තමා මෙවර තේරීම. රශ්මිකාගේ දෙවන දමිල නිර්මාණය මෙයයි. පලමු එක කාර්ති සමග රග පෑ “සුල්තාන්” ඔයාලට මතක ඇති. රශ්මිකාගේ කැමැති ම නළුවා වගේම “Crush” එක ද තලපති විජෙයි කියලා තමා ඇය කීපවරක්ම මාධ්‍යයට කිව්වෙ. ඒ වගේම ඇය ගොඩක් ආසාවෙන් වගේම ගොඩක් ගෞරවයෙන් විජෙයි සර් එක්ක රංගනයෙන් යෙදුනා කියලා ඇය කියලා තිබුණා.  මෙවරත් 2009 න් පසු දුශ්ටයා විදිහයට ප්‍රකාශ් රාජ් එකතු වෙනවා තලපති තලපතිත් සමග. ඒ  Villu, Athi, Pokkiri, Sivakasi, Gilli යන චිත්‍රපටවල මේ සංයෝගය අති විශිෂ්ටයි. ඒ වගේම යෝගී බාබුත් ඉන්නවා නොනවතින සිනහා රැල්ලක් අරන්.. මීට අමතරව සෙසු චරිත ලෙස මෙසේ පෙල ගස්වන්න පුලුවන්,

❃ R. Sarathkumar as  Rajendran Palanisamy

❃ Prabhu as Dr. Anand Padmanabhan

❃ Jayasudha as Sudha Rajendran

❃ Prakash Raj as Jayaprakash “JP”

❃ Srikanth as Jai Rajendran

❃ Shaam as Ajay Rajendran

❃ Yogi Babu as Kicha

❃ Sangeetha Krish as Aarthi Jai

❃ Samyuktha Karthik as Ajay’s wife

❃ Sanjana Tiwari as Ria

❃ Nandini Rai as Smita

❃ Ganesh Venkatraman as Mukesh

❃ Sriman as Thambi Durai

❃ VTV Ganesh as Velraj

වාරිසූ අධ්‍යක්ෂක Vamshi Paidipally වෙනවා. මොහු තෙලුගු අධ්‍යක්ෂකවරයෙක් වන අතර මෙය මොහුගේ දෙවන දමිළ නිර්මාණයයි. පලමු එක කාර්ති හා නාගාර්ජුනා රංගනය යෙදුන “තෝලා” වෙනවා.. මෙහි නිෂ්පාදනය Dil Raju, Pearl Potluri, Param Potluri, Sireesh වෙනවා. T serise ලේබලයෙන් මාධ්‍ය සහය ලැබුණා. සංගීත අධ්‍යක්ෂණය S.Thaman වෙනවා. හරිම ලස්සන ගීත 5ක් ඇතුලත් වෙනවා.

🎶 Thee Thalapathy 

🎶 Rajithame 

🎶 Jimiki Ponnu 

🎶 Vaa Thaleiva 

🎶 Soul of Varisu 

මෙහි ” Rajithame” ගීතය තලපතිගෙ හඩින් අහන්න පුලුවන්. ඒ වගේම “Thee thalapathy” ගීතය සුපිරි නළු STR හෙවත් සිම්බු විසින් ගායනා කරයි. ඒ වගේම “Jimiki ponnu” අනිරුද් හා ජොනීටා විසින් ගායනා කරනවා.  ( බීස්ට් හි Halamathi Habi bo ගීතය ගායනා කළ දෙපල)

කෙසේ හෝ මේවන විටත් තවම මෙය සිනමාශාලා වල සාර්ථක ලෙස තිරගත වෙනවා. තලපති හා රශ්මිකා රංගනය බොහෝ දෙනා පහත් මට්ටමින් කතා කරලා තිබුණා. කෙසේ හෝ වැඩි අවස්තාවක් ඇයට මෙහි රංගනය යෙදීමට අවස්තාවක් නෑ. ගීත ටික වගේම නර්තනය ද ඇය මෙවර සාර්ථක වෙලා තියෙනවා. මතක් කරලා කියන්න ඕනේ තලපතිගේ එදා වගේම අදටත් ඒ නර්තනය නම් අති විශිෂ්ටයි. ඒ පෞරුෂය වගේම ඒ ශක්තිය කිසි අඩුවක් නෑ.. හරිම අපූරු රංගනයක් වගේම කඩවසම් පෙනුමකින් මෙවරත් තලපති වාරිසූ තුලින් හමුවෙනවා..

බලන්න කියලා ආරාධනා කරනවා සිංහල උපසිරැසියත් සමග.. 

සිනෙරූ වෙනුවෙන් ලිපි සැකසුම: 

✍️නිත්‍යා රූපසිංහ ෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

49 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චූටියා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Original aapugaman update one macho..
      mahansiyata kepakireemata godak pin…!

  2. sub penne naha ne…

    • සබ් එක ඩවුන්ලෝඩ් කරලා ඇඩ් කරගන්න..වීඩියෝ කොපි වලට සබ් එක HC කරලා නෑ..

      • Me original copya nemeda?

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
        උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
        ඔබතුමා ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
        මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
        …….මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි……..
        සියලු කටයුතු සාර්ථක වේවා..!!
        … බුදු සරණයි – දෙවි පිහිටයි …

  3. Ikmanata varisu orginal eka dennako

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. supri copy ekak danakan api balan innooooo

  6. vedio file ekt adala sub eka neweda meeka wada nanee bn sub

    • සබ් එකත් වැඩ..දීලා තියන වීඩියෝ කොපිත් වැඩ..සබ් එක ඩවුන්ලෝඩ් කරලා zip file එක unzip කරගෙන වීඩියෝ එකට ඇඩ් කරගන්න..

  7. බොහොම ස්තුතියි නියම වැඩක්

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    update ekata thanks chootiya…….
    HD awahama update karadoooo…

  9. ⛔HC HDRip සඳහා යාවත්කාලීන කර ඇත.⛔

  10. hdrip kiyana eka qoulity da?

  11. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  12. ජය වේවා සහෝ!

  13. සුපිරි thank u subtitles akata ❤🔥❤🔥

  14. ඇයි “Ranjithame”song එකට sinhala sub දාලා නත්තේ🙄

  15. sasanka sathyajith

    Thanks for the sub

  16. Malli original enne nadda damma?thanks mekata.❤️💪💪

  17. meke movie eka download karanna bane? movie eka no longer available

    • ක්ලවුඩ් හතරකින් දීලා තියනවනේ..වෙන ක්ලවුඩ් එකක් යූස් කරන්න..G Driver ලින්ක් එහෙම හොඳට වැඩ..

  18. Thama meke original eka awe nedda…

  19. 1080p nedda copy eka

  20. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update Chootiya……..!

  21. Original HDRip/WEB-DL සඳහා යාවත්කාලීන කර ඇත.

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Pinwathuni…..Araadhnaaaaaaaaa………!!

      Kranti (2023)

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Knock at the Cabin (2023)

  22. Thanks Update

  23. සබට බොබොහෝම ස්තුතියි ❤ දිගටම කරගෙන යමු
    Michael Tamil movie එකටයි
    Missing Telugu movie එකටයි ඉක්මනින්ම සබ් බලාපොරොත්තු වෙනවා ✌️

  24. horror movie ekak gennko

  25. meka movie hall ekedi record karapu ekakda

  26. ස්තුති මල්ලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login