The title of the page
Unhuman (2022) Sinhala Subtitles
Unhuman (2022) Sinhala Subtitles
4.2
53
68

Unhuman (2022) Sinhala Subtitles | “සොම්බි?” | සිංහල උපසිරැසි සමඟ

(Unhuman (2022) Sinhala Subtitles) (Unhuman (2022) Sinhala Sub)

IMDb:  4.1/10
Rotten Tomatoes: 60%
Release Date:  June 3,2022
Director:  mr.Marcus Dunstan
Language:  English (USA)

ඔන්න මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් වුන තවත් සුපිරි සොම්බි ෆිල්ම් එකක සින්හල උපසිරසය අරගෙන මම ආවා😉.හැබැයි මම මේකට සොම්බි ෆිල්ම් එකක් කියලා කිව්වට තව කාටහරි කියන්න පුලුවන් මේක සොම්බි ෆිල්ම් එකක් නෙවෙයි කියලා.ඇත්තට ම ඒ තර්කෙත් හරි. ඒ මොකද කියලා ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරුම් යයි.✌️❤️

මම මීට කලින්  Virus: 32 කියන සොම්බි ෆිල්ම් එකේ සබ් එක දෙනකොටත් කිව්වනෙ මේ Zombie Concept එක film industry එක ඇතුලේ හරිම ජනප්‍රිය මාතෘකාවක් කියලා.ඒ වගේම කාලෙන් කාලෙට නිර්මාණය වෙන සොම්බි ආශ්‍රිත ෆිල්ම්ස් , ටීවී සීරිස් වල ඉන්න සොම්බි එකිනෙකට වෙනස් කියලත් මම කිව්වා ඔයාලට මතක ඇති . ඉතින් මගේ ඒ කතාව මේ ෆිල්ම් එක නිසා තවදුරටත් තහවුරු වෙනවා. ඒ මොකද මේ ෆිල්ම් එකේ ඉන්න සොම්බිත් වෙනස්.(ඇත්තට ම එයාලට හරියටම සොම්බි කියලා කියන්නත් බෑ.ඒකට හේතුව ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලට පැහැදිලි වෙයි❤️)

ඒ වගේම උපසිරැසියේ මොනවා හරි අඩුපාඩු තිබුනොත් ඒවා පහලින් කමෙන්ට් කරගෙන යන්න 👇❤️.

අපි එහෙම නම් කතාව පැත්තට යමු…..

ට්‍රිප් යන්න කවුද අකමැති?අපි හැමෝම ට්‍රිප් ගිහින් තියෙනවා. ඒ වගේම එ ගොඩක් ට්‍රිප් අපි පාසල් කාලයේ අපේ යාලුවොත් එක්ක ගියපු විනෝද චාරිකා❤️මේ ෆිල්ම් එක පටන් ගන්නෙත් ඒ වගේ විනෝද චාරිකාවකින්. හැබැයි මේකට සහභාගි වෙන හැමෝම යාලුවෝ නෙවෙයි.සමහරු ඉස්කෝලේ  මැරකම් කරන අය.ඒ කියන්නේ පාසලේ ඉන්න අහිංසක අයට හින්සා කරලා විනෝද වෙන අය.තවත් සමහරු පාසලේ කොන් වෙච්චි අය.ඒ වගේම බස් එකේ ඩ්‍රයිවර් නාහෙට අහන්නැති එකෙක්😅.මේ වගේ අය තමා මේ චාරිකාවට සහබාගී වෙන්නෙ .කෙටියෙන්ම කිව්වොත් මේ අය අතරෙ කිසිම එකමුතු කමක් නෑ.

කතාවේ මුල් විනාඩි කීපය සාමාන්‍ය විදිහට විහිලුවෙන් ගෙවිලා යනවා. ඒත් ඒ හැම විහිලුවක්ම නවතිනවා.ඒ මොකද එයාලා යන බස් එක නොසිතූ විදිහෙ අනතුරකට ලක් වෙනවා.එක පාරටම බස් එකේ ඉස්සරහ වීදුරුව රතුම රතු පාට ලේවලින් නෑවෙනවා.ඒ නිසා ඩ්‍රයිවර්ට මුකුත් නොපෙනී ගිහින් බස් එක පාලනේ කරගන්නෙ බැරුව කැලයක් අස්සට ගිහින් නතර වෙනවා.

මේ සිද්ධියෙන් පස්සෙ තමයි කතාව හරියටම පටන් ගන්නෙ.🔥

* මේ වගේ අනතුරක් වෙන්න හේතුව මොකද්ද ?

* අනතුරෙන් පස්සෙ බස් එකට එන අමුත්තා කවුද?

* සොම්බින්ගෙන් බේරෙන්න ගොඩනැගිල්ලක් ඇතුලට යන මේ අයට ඒ ගොඩනැගිල්ල ඇතුලෙදි මුහුන දෙන්න වෙන්නෙ මොන වගේ ප්‍රශ්න වලටද?

* ඇත්තට ම මේ ඉන්නෙ සොම්බිද?

*මේ ඉන්නෙ ඇත්තට ම සොම්බි නෙවෙයි නම් මේ හැම සිද්ධියකටම වගකියන්න ඕනි කෙනා කවුද?

*කිසිම එකමුතුකමක් නැති මේ අයට මේක හැමදේකටම මුහුණ දීලා තමන්ගෙ ජීවිතය බේරගන්න පුලුවන් වෙයිද ?

මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

ඒ වගේම මේක ඉවර වෙනකොට පොඩි ක්‍රෙඩිට් සීන් එකකුත් තියෙනවා . ඒකෙන් අපිට මේකේ දෙවන කොටසක් ගැන ඉගි ලබා දෙනවා.මේකෙ දෙවනි ෆිල්ම් එක ආවොත් ඒකේ සබ් එකත් මම ඔයාලට ඉක්මනට ම දෙන්නම්❤️

එහෙනන් මම හැමෝටම අරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා.❤️

අ තව දෙයක්.මේ ෆිල්ම් එකේ ගොඩක් අසභ්‍ය වචන භාවිතා වෙනවා.කොහොමත් ටීන් ඒජස්ලා බෝසත් වචන කතා කරන්නෙ නෑනෙ😅.ඒ නිසා සබ් එකෙත් මම ඒ වචන ඒ විදිහට ම දාලා තියෙනවා . ඒ ගැන වැඩිය හිතන්න එපා.ෆිල්ම් එක බලලා Enjoy කරන්න❤️

තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු..🙂✌️❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් ජයසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන් ජයසිංහ

April 24, 2022


10
Total Subtitles

2 comments

  1. Sub ekata thankx. Redeeming Love, මේකට සබ් දෙන්ඩ පුළුවන් ද.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login