Twisted (2026) Sinhala Subtitles
Twisted (2026) Sinhala Subtitles
4.5
56

Twisted (2026) Sinhala Subtitles | “ නොසිතූ පෙරළිය ” | සිංහල උපසිරැසි සමඟ

 (Twisted (2026) Sinhala Subtitles) (Twisted (2026) Sinhala Subtitle) (Twisted (2026) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම!

අද අපේ Cineru.lk පවුලට මාරම විශේෂ දවසක්. අවුරුදු 6ක් තිස්සේ ලංකාවේ අපිට සුපිරිම ෆිල්ම් වලට සිංහල සබ් දීපු අපේ වෙබ් අඩවියේ 7 වෙනි සංවත්සරය (7th Anniversary) අදට යෙදිලා තියෙනවා.

ඉතින් මේ සතුට සමරන්න උචිනි අක්කා මටත් ආරාධනා කළා පොඩි වැඩක් කරන්න කියලා. ඒ නිසාම මේ පාර 7 වෙනි සංවත්සරය වෙනුවෙන් මගෙන් ලැබෙන විශේෂ උපහාරයක් විදිහට මේ අවුරුද්දේ එන සුපිරිම Thriller ෆිල්ම් එකක් වෙන “Twisted (2026)” එකට මම සබ් එකක් කළා.

කතාවේ මොකක්ද වෙන්නේ? (The Story):

මේකේ කතාව යන්නේ තමන්ට අයිති නැති නිව්යෝර්ක් වල ඇපාර්ට්මන්ට් හොරට විකුණන කෙල්ලො දෙන්නෙක් වටා. මෙයාලගේ මේ කපටි වැඩේ මරුවට කරගෙන යද්දී, එක ඇපාර්ට්මන්ට් එකක අයිතිකාරයෙක් හම්බවෙනවා පට්ටම අඳුරු රහසක් තියෙන. එයාගෙන් මේක අරන් හොරට වෙන කෙනෙක්ට කුලියට දෙන්න යද්දි වෙන දෙයක් නිසා මුළු සෙල්ලමම අනිත් පැත්තට හැරෙනවා. ඉතින් ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා ඇත්තටම මේක “Twisted” කියන නමට උපරිම සාධාරණයක් කරන ෆිල්ම් එකක්.

චිත්‍රපටය ගැන විස්තර:

IMDB අගය : 4.5

අධ්‍යක්ෂණය (Director): Darren Lynn Bousman

රචනය (Writers): Jonathan Bernstein සහ James Greer

ප්‍රධාන නළු නිළියන් (Cast): Djimon Hounsou, Lauren LaVera (මේ දෙන්නාගේ රංගනය නම් සුපිරි!)

අන්තිමට කියන්න තියෙන්නේ, අපේ සිනෙරු අඩවිය තවත් අවුරුදු ගණනාවක් මේ වගේම පට්ට විදිහට ඉස්සරහට යන්න කියලා මම සුබ පතනවා. ඒ වගේම මට මේ අවස්ථාව දුන්න උචිනි අක්කාටත් ගොඩක් ස්තූතියි! ඔයාලගේ අදහස් (Comments) පල්ලෙහින් දාගෙන යන්න අමතක කරන්න එපා.

එහෙනම් කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා…

SUBTITLE BY: ASHEN GAGANAKA
(සිනෙරු 7 වෙනි සංවත්සරය වෙනුවෙන් කරන විශේෂ ඉදිරිපත් කිරීමකි)

~ උපසිරැසිකරණය නවමු රැල්ල සිනේරු ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් ගගනක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් ගගනක

October 31, 2025


42
Total Subtitles

4 comments

  1. RaaaM
    Cineru_users

    සුභ පැතුම් හත්වැනි සංවත්සරයට සිනරු හැමදාම දිනේවා. සිංහල උපසිරැසි ලබා දෙන ඔබ සැමටම ස්තුතියි.. පුංචිම පුංචි ඉල්ලිමක් හැකි නම් ඉංග්‍රීසි ෆිල්ම් ලබාදෙන විට පවුලේ සැමට බලන්න පුළුවන්ද කියලා (Nude, Sex, warnnig) නෝට් එකක් දානවනම් ඇත්තටම වටිනවා

  2. සුපිරි tiger

  3. තෑන්ක්ස් අශේන් මල්ලි මේකට සබ් අරං ආවට……

  4. හිරාන් ශාරංග

    සත්වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම්…෴
    දිගටම උපසිරැසි දෙන්න. අපි පිලුමක් බලන්නෙ ඉතින් ඔයාලා සබ් දුන්නොත් තමා. ස්තුතියි…෴ ජයවේවා,,෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login