The title of the page
5.5
87

Transformers Combiner Wars (2016) Complete Season Sinhala Subtitles | ඔප්ටිමස් හා මෙගාට්‍රෝන් ගේ එකමුතුව | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් යාලුවනේ චූටි චූටි එපිසෝඩ් ටිකකින් හැදුනු අපි ආදරේ කරන මිනි සීරීස් එකක් අරන් ආවා. මේක මම ගේන්න හිටියේ අප්‍රේල් 19! එදා විශේෂයි, ඔව් මොකද දන්නවද? මම සිනෙරූ පවුලට ඇවිල්ලා හරියටම අවුරුද්දයි. අවුරුද්දෙන් මම ලිස්ට් එකේ උඩටම ඇවිල්ලා. ආඩම්බරයකුත් තියෙයි. ඒ වගේම ඉතින් මම මේ සබ් කෙරුවාවේ ම්ච්චර දුරක් ආවේ සයිට් එකේ ලොකු මහත්තයා හෙවත්  සමිත රමේශ් මල්ලී ගේ සහයෙන් තමයි. ඒ වගේම සිනෙරූ සියලුම දෙනා මට මාර උදව්වක් දුන්නෙ මේ ගමනට. ඉතින් හැමෝටම ගොඩක් ස්තූත්‍යි ඒ කරපු උදව් හැම එකකටම. ඊ ලඟට මගේ සදහම් පුතා සහ මගේ ලක්ෂ්මී නෝනා, මෙයාලා නැත්නම් මම පිස්සු කෙලින, සෑහෙන නරක වැඩ කරන කෙනෙක්. ඒවගෙන් ගැලවිලා මේ ගොඩට එන්න ලැබුනේ ඉතින් එයාල නිසයි. එයාලටත් ගොඩක්ම ස්තූත්‍යි පස්සෙන් ඉඳන් දුන්න ඒ හයියට.

හරි මෙහෙමයි ඉතින් මම මේ දෙන්නේ මගේ ආසම චරිත ටික ඉන්න මිනි සීරීස් එකක්. මිනි එකක් කියලා අතාරින්න එපා. මේක මාර කතාවක්. හොඳම සහ ආසම හිතෙන දේ තමා මේකේ සටන තියෙන්නේ අපි දන්න ඩිසෙප්ටිකෝන් කෙනෙක් එක්ක. ඒත් මෙගාට්‍රෝන් නෙවෙයි! මෙගාට්‍රෝන් ඉන්නේ ඔප්ටිමස්ගේ පැත්තේ! ඈ දෙයියනේ ඒක වෙන්න පුලුවන්ද? එහෙම හිතුනනැඑ? ඔව් මටත් මුලදී හිතුනා, ඒත් වගකීමෙන් කියන්නේ මේ පාර මෙගාට්‍රෝන් හොඳ වෙලා! අනික ඔප්ටිමස්ට වඩා වීරයෙකුත් ඉන්නවා මේකේ. ලොකුම කොටස කරන්නේ ඔප්‍ටිමස් නෙවෙයි. පලවෙනි එපියේ ඉඳන්ම කුතුහලය, සටන් සහ ලස්සන කතාවක් ඇදී යනවා දිගටම. මේකෙත් සීසන් තුනක් එනවා කියලයි ආරංචිය. බලමු, ආවොත් දෙන්නම්. ඉතින් එහෙනම් හරිනේ…… මතක් කරලා බාගෙන යනකොට කමෙන්ට් එකක් ලියලම යන්න. මොකද ඒක වටිනවා ගොඩක්ම. මම ඊලඟට ගේන්නේ “සුපර් මෑන් සහ ලොයිස්” එකේ හතරවෙනි එපිසෝඩ් එක. ඒකට පස්සේ හැමෝම බලන් ඉඳපු “ද එක්ස්පන්ස්” අවසාන එපිය දෙන්නම්. ඒ අත්‍රේ ඉතින් සමහර්විට ෆැල්කන් සහ වින්ටර් සෝල්ජර් අවසාන එපියත් දෙන්න වේවි. එහෙනම් ඉතින් ඔන්න අපි යනවා, කමෙන්ට් එකක් ලියලා, ෆේස්බුක් එකේ ශෙයාර් පාරක් දාලා යන්න ඈ!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

12 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thanks jayawewa……!

  3. Netflix පිස්සා

    මචන් දර්ශන ඔයා මගේ ඉල්ලීම කරේ නැහැ

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Netflix පිස්සා සහෝ, ඔයාගේ සීරීස් එකක් පටන් ගත්තා. ඉක්මනින් දෙන්නම්. කලින් බාරගත්තු ගොඩක් තියෙන නිසයි අමාරුව. කොහොමහරි මැයි මාසේ ඇතුලත කම්ප්ලීට් සීරීස් 1ක් දෙනවා

  5. Netflix පිස්සා

    පට්ටනේ… Netflix Spanish සීරීස් එකක් නේද සහෝදරයා??? මොකද්ද නම ??

  6. Netflix පිස්සා

    පට්ටම පට්ට මොකද්ද සීරීස් එකේ නම , Netflix spanish එකක් නේද

  7. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Netflix පිස්සා, ඔයා දීපු සීරීස් තුනම ගත්තා. දෙන එක ඔයාම බලන්නකෝ. ඒක පුදුමයක්නේ එතකොට

  8. who killed sara 2021 tb series ekatath sub dennako machan

  9. Netflix පිස්සා

    අනිවාර්යයෙන්ම තද තද මචන් ගොඩක් ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට සහෝදරයා , ගොඩක් පින් කාලය කැප කරල මහන්සි වෙලා කරන දේට spanish tv series වලට godak aya අතදාන්නේ නෑනේ, ඒකයි ඉල්ලුවේ මම Netflix ලගේ spanish ඒව පට්ට, ඉතින් korean සිංහල උපසිරසි kiyapuwama මතක් වෙන්නේ cineru.lk එක, මොකද korean tv series තැනකට ගෙනාවේ ඔයාල, korean tv series කියපුවම මතක් වෙන්නේ cineru.lk එක, ඔයාල ඔයාලට ආවේනික නමක් හදාගෙන ඉන්නවා, ගොඩක් රසිකයෝ ඉන්නවා ඔයාලට, ඉතින් සුබ පතනවා ඔබ ඇතුලු cineru team එකට, බොහොම ස්තුතියි 🙏🙏
    Netflix පිස්සා

  10. Behind her eyes 2021 tv series

    Who killed sara 2021 tv series

    Sub oni, oyala sub idx walin denna horunta ganna bane ethakota

  11. Sub ekata thanx

  12. චානක තිලංක

    නියමයි දර්ශන අයියා මරු ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login