Roberrt (2021) Sinhala Sub
Roberrt (2021) Sinhala Sub
6.7
91%

Roberrt (2021) Sinhala Subtitles | ” මංග්ලූර් මැරයා ” | සිංහල උපසිරැසි සමඟ 

(Roberrt (2021) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ හැමෝම බලාගෙන ඉදපු කන්නඩ චිත්‍රපටයක සිංහල උපසිරැසි.මේ වසරේ නිකුත් වුන දැවැන්තම කන්නඩ චිත්‍රපටය තමයි මේකපාන්දර තමයි Amazon Prime Video හරහා ඔර්ජිනල් පිටපත් නිකුත් වුනෙ.ඉතින් පුළුවන් ඉක්මනට තමා මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ.

චිත්‍රපටය ගැන කතා කලොත් මේ  අවුරුද්දේ මාර්තු 11 තමයි චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කලේ.ඉන්දියානු රුපියල් කෝටි 50 ක වියදමක් දරල නිශ්පාදනය කරපු චිත්‍රපටය.බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 102.7 ක ආදායමක් උපයගන්න සමත් වුනා.මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නෙ Tharun Sudhir විසින්.පැය දෙකයි විනාඩි 45 ක් වැනි ලොකු ධාවන කාලයකුත් තියෙනවා.

කන්නඩ සිනමාවේ Challenge Star කියන නාමයෙන් හඳුන්වන Darshan තමයි ප්‍රධාන නලුව විදියට රංගනයෙන් එක් වෙන්නේ.ප්‍රධාන නිලිය වෙන්නෙ Asha Bhat..ඊට අමතරව
•Jagapathi Babu
•Ravi Kishan
•Devaraj
•P. Ravi Shankar

යන නලුවොත් රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් , රාගවා කියන්නෙ තමන්ගේ පුතා එක්ක සාමකාමී ජීවිතයක් ගෙවන කෙනෙක්.මේ දෙන්නම වචන ගොත ගහන අය.රාගවා වැඩ කරන්නෙ කේටරින් එකක ප්‍රධාන කෝකියා විදියට.ඉතින් මේ රාගවා MLA අපේක්ෂකයෙක්ව ඝාතන සැලසුමකට අහු වෙලා ඉන්නකොට බේරගන්නවා.ඕකෙන් මරන්න ඕඩර් එක දුන්න හිටපු ඇමතිට රාගවා එක්ක කේන්ති යනව.එයාව හොයන්න ගන්නවා.නමුත් රාගවා හරියට එයාල දැකල නෑ.එයා හනුමාන් වගේ ඇදගෙන හිටිය නිසා.

ඉතින් මේ හැමෝම එක්ක සාමකාමී විදියට ඉන්න රාගවාගේ අතීතේ ලොකු රහසක්.මේ හැමදේම එලිවෙන්න ගන්නෙ අර සිද්ධිය එක්ක.ඉතින් මේ ආරම්භය විතරයි.කතාව තව ගොඩක් තියෙනව.එහෙනම් අරගෙන බලන්න සිංහල උපසිරැසි එක්කම.පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න..ගිහින් එන්නම්

ඔබට ජය !

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
Download|2068

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


216
Total Subtitles

7 comments

  1. Shehan
    Cineru Family Member

    බලන් හිටියේ තැන්ක් අයියේ සබ් එකට

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. CHATHUSHKA NIRMAL

    SUB ekata thanks තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ Girlfriend (2020) / Lawless Lawyer (2018) TV SERIES දෙකකට SUB දෙන්න පුළුවන්ද?

  5. ප්‍රනීත් මැක්ස්x

    සබට ස්තුතිය ….ජයවේවා ✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *