The title of the page
Top Gun Maverick Sinhala Subtitle
Top Gun Maverick Sinhala Subtitle
8.6
97
96

Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා” | සිංහල උපසිරැසි සමඟ

(Top Gun: Maverick (2022) Sinhala Subtitles) (Top Gun: Maverick Sinhala Subtitle) (Top Gun 2022 Sinhala Subtitle) (Top Gun Maverick Sinhala Subtitle) (Top Gun 2 Sinhala Sub) (Top Gun Sinhala Subtitle)

කොහොමද යාළුවනේ…ඔන්න ඉතිං අලුත්ම අලුත් උපසිරැසියකින් මම ඔයාලව හම්බවෙන්න ආවා.

ඉතිං ඔයාල දකිනවා වගේ අද මම ගෙනාපු චිත්‍රපටය,2022 දෙවන කාර්තුවේ තවත් බලාපොරොත්තුසහගත චිත්‍රපටයක්.ඒ වගේම Tom Cruise ෆෑන්ලටත් විශේෂ චිත්‍රපටයක්.

ඒ තමා Top Gun: Maverick චිත්‍රපටය,මේ චිත්‍රපටය මීට පෙර නිකුත් වුන Top Gun (1986) සුපිරි චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය වෙනවා,ඒ කියන්නෙ මේක නිකුත් වෙලා තියෙන්නෙ පළමු චිත්‍රපටයෙන් වසර 36 වගේ ලොකු කාලෙකට පස්සෙ…විශේෂත්වයක් තමා මීට සමාන සිද්ධියක් වුන කොලිවුඩ් චිත්‍රපටයකුත් පහුගිය කාලෙ නිකුත් වුනා..ඒ ඔයාල හරි ආසාවෙන් රසවිදපු Vikram චිත්‍රපටය,එහි පළමු චිත්‍රපටය නිකුත් වුනෙත් 1986 දී.හරි ඒ අමතර කරුණක්.

හරි කලින් කිව්වා වගේ මේ චිත්‍රපට දෙකේම ප්‍රධාන නළුවා සුපිරි හොලිවුඩ් නළු Tom Cruise තමයි..

ටොම් කෲස් එදා සහ අද.(තාම කොල්ලා වගේ ඉන්නවනෙ😍😎)

ඉතිං ඉස්සරහට මොහුගේ Film Franchise එකක් වෙන Mission Impossible හී අලුත් චිත්‍රපටය Mission Impossible: Dead Reckoning Part One චිත්‍රපටයත් ඉදිරියට 2023 පමණ බලාගන්න පුලුවන් වේවි.

Mission Impossible Dead Reckoning Part 1 චිත්‍රපටයේ දැනට නිකුත් වී ඇති ටයිට්ල් පෝස්ටරය.

තව මේකෙ ප්‍රධාන නළුවගෙ චරිතය කැප්ටන් මිචෙල් චරිතය ගොඩනගන්න උදව් වෙන චරිතය Tom Iceman වෙනුවෙන් රංගන දායකත්වය දෙන Val Kimler තවත් කලින් චිත්‍රපට Cast එකෙන්ම දකින්න පුලුවන් විශේෂ නළුවෙක්.

ඒ තමා Cast එක ගැන කතාකරන්න තිබ්බ විශේෂ දේවල්.

මේ චිත්‍රපටය දැනට ඩොලර් බිලියනයකට අධික වුන බොක්ස් ඔෆිස් වාර්තාවක් තියල තියනව කියලයි වාර්තා වෙන්නෙ.ඩොලර් මිලියන 170 පමණ පිරිවැයක් මෙය නිපදවන්න වැයවෙලා තියනව.ඒ වගේම මෙහි ජෙට් යානා දර්ශන,ගුවන් දර්ශන වෙනුවෙන් එක්සත් ජනපද නාවුක හමුදා සහයත් අරගෙන තියනව,ඒ වගේම තමා සමහර තැන් වල සදහන් වෙන්නෙ නළු නිලියන් විසින්ම මේ යානා පැදෙව්වා කියල,තව තැන් වල සදහන් වෙනවා දර්ශන වලදී ගුවන්‍ යානය පැදවූයේ නාවුක හමුදාවෙ අය විසිනුත් නළුවන් ගුවන් යානයේ සිටියා පමණක් ය කියලයි.මේ අදහසට තමා වැඩිපුර බර තියෙන්නෙ,මොකද ඒ කාරණේ ප්‍රායෝගිකව ඒ තරම්ම සංකීර්ණ නිසා.ටොම් කෲස් ට නම් P-51 යානාවලට තමා බලපත්‍රයක් තියනව කියන්නෙ,ඒක පුදුමයක් නෑ මොකද ඔහු ඇත්තටම ඒ වගේ ගොඩක් දේවල් වලට දක්ෂ නළුවෙක් නිසා,නමුත් මේ චිත්‍රපටයට ගොඩක් පාදක වෙන්නෙ F-18 වගේ නවීන ගුවන්‍ යානයි.

ඒ වගේම Top Gun කියන්නෙ තොරාගත් හොඳම නාවුක ගුවන් යාත්‍රිකයන්ට වැඩිදුර සංකීර්ණ පුහුණු සදහා වුන නියමු පාසලක් නැත්තම් එය හැදින්වුයේ United States Navy Fighter Weapon School කියල,එතකොට ඒකට කියන අන්වර්ථ නාමය තමා Top Gun කියන්නෙ.දැන් Top Gun වැඩසටහන හදුන්වන්නෙ United States Navy Strike Fighter Tactics Instructor Program කියලයි.

හරි කතාව පැත්තට යමු එහෙනම්,

කැප්ටන් මිචෙල් නාවික හමුදාවට අනුබද්ධ වුන අතිදක්ෂ ගුවන් යාත්‍රිකයෙක්,එයාගේ දක්ෂතාවට හා සේවා කාලයට අනුව එයා දැන් අද්මිරාල් තනතුරකටවත් උසස්වෙලා,ඒත් එයා ඉන්නෙ එයාට අයිති තැන කියල හිතල දිගටම කැප්ටන් කෙනෙක් වශයෙන් කටයුතු කරනවා,ඒ වගේම එයාට සිද්ධවෙලා තියෙන්නෙ ඔහුගේම වයසෙ ඉන්න අද්මිරාල්වරුන්ගෙ අණ පිළිපදින්න,තව එයා ඉන්නෙ එයාගෙ ඒ කාලෙ හොඳම යාළුවා වෙන ගූස් ගේ මරණයට හේතුව තමා පිට පටවගෙන,ඒ එයා ඒකට වැරදි නෑ කියල ඔප්පු වුන පසුබිමක.මෙහෙම ඉන්නකොට මෙයාට මිනිසුන් රහිත ගුවන් යානා අත් හදා බැලීමක නිරත වෙලා ඉන්නකොට,ඉතිං කැප්ටන් මිචෙල් මේ වැඩසටහන සම්බන්ධයෙන් හිතුවක්කාර වැඩක් කරල,ඒ යානය විනාශ කරනවා,ඒකෙ ප්‍රථිඵලය වෙන්නෙ එයාව ආපහු Top Gun වෙත ස්ථාන මාරුවක් කරනවා,ඇත්තටම එයාගෙ අතීත මතකයන් නිසා සහ තවත් කාරණයක් නිසා එයා ආපහු යන්න අකමැති වෙනවා ඒ වුනාට අණ පිළිපැදීම අත්‍යවශ්‍ය නිසා,ඔහු ආපහු ටොප් ගන් වෙත යනවා.එතනදී එයාට විශේෂ මෙහෙයුමකට ගුවන් නියමුවන්ව පුහුණු කරන්න රාජකාරියක් පැවරෙනවා,එතනදී ඇතිවෙන අභියෝග ගැන තමා මේ ෆිල්ම් එකේ තියෙන්නෙ,ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ අරගෙනම බලන්න.

ඔයාල කවුරුහරි Top Gun පළවෙනි චිත්‍රපටය බැලුවෙ නැත්තම් ඒක බැලුව නම් හොඳයි කියල මතක් කරනවා,මේක බලල ඒක බැලුවත් කමක් නෑ,නිකම් අලුත් ෆිල්ම් එකක් බැලුව වගේ තියේවි.

එහෙනම් අදට අපි යනවා,සබ් එක ඩවුන්ලෝඩ් කරන් චිත්‍රපටය රසවිදල,චිත්‍රපටය ගැන සබ ගැන,ඕන දෙයක් ගැන කොමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.එහෙනම් තවත් අලුත්ම උපසිරැසියකින් හමුවෙමු.

ඔබට ජය!

©සඳමින් හර්ෂණ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

21 comments

  1. hoda copyak enakal innawa bn

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks sub ekata..

  4. මල්ලි ඔයාගෙ සබ් එකක් මන් බැලුවෙ halloween kills” එකේ..සුපිරියටම තිබුණ…මේකත් එහෙමම ඇති..ඒ වගේම මන් මේ site එකට දාන පළවෙනි comment එක..ගුණාත්මක උපසිරැසියක් ලබා දීම වෙනුවෙන් ස්තුතියි..

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    (Sandamin Harshan)

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.fdfg

  7. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා….

  8. Web rip awa… update plz….❤️

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update bro ………….

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  11. thanks bro

  12. Thaks brother…❤️❤️

  13. නියමයි සහෝ.හොඳ කොපියක් ආපු ගමන්ම අරගෙන ඇවිත්.❤️
    ජය වේවා!

  14. Randilmanamperi
    Cineru_users

    Sub එකට තෑන්ක්ස් 👊😍🔥

  15. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  16. Top Gun Maverick 2022 IMAX WEB Net එකට අවිත් පැය ගානක් ඇතුුලත සිංහල උපසිරැසි යතවත්කකාලින ස්තුතිය !
    ජයවෙිවා !!

  17. Malinda Sadaruwan

    සුභ පැතුම් කොල්ලෝ 50ට❤

  18. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    DC League of Super-Pets (2022)
    Decision to Leave (Heojil kyolshim) (2022)

  19. Thanks for the sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login