Tomb Raider King (2026) S01 E01 Sinhala Subtitles
Tomb Raider King (2026) S01 E01 Sinhala Subtitles
7.2

Tomb Raider King (2026) S01 E01 Sinhala Subtitles | “ සොහොන් කොල්ලකාර රජා ” | සිංහල උපසිරැසි සමඟ

ලෝකයේම බලය තමන්ගේ අතට ගන්න එන අනුකම්පා විරහිත සොහොන් කොල්ලකරු: ‘Tomb Raider King’

ඔයාලා කවුරුත් දන්න Solo Leveling ඇනිමේ එකේ සහෝදරයෙක් විදියට නැත්නම් අයියා විදියට මේ ඇනිමේ එක හදුන්වා දෙන්න පුළුවන්.Action, Fantasy සහ Magic කියන දේවල් එකට එකතු වුණාම හැදෙන සුපිරිම වයිබ් එකට ආස කරන අයට 2026 අවුරුද්දේ ජූලී 08 වෙනිදා ආපු සුපිරිම තෑග්ගක් තමයි Tomb Raider King කියන්නේ.Manhwa කියවපු අයට නම් මේ නම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.දැන් මේ කතාවේ සුපිරිම ඇනිමේ (Anime) එක තමයි මේ විදියට අපෙන් සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට ලැබෙන්නේ.

කතාව පැත්තට හැරුණොත්?

හිතන්න, එකපාරටම ලෝකය පුරාම අද්භූත සොහොන් (Tombs) මතු වෙනවා. මේවා නිකම්ම සොහොන් නෙවෙයි, මේවා ඇතුලේ තියෙනවා පුරාණ දෙවිවරුන්ගේ, වීරයන්ගේ සහ මිථ්‍යා සත්ත්වයන්ගේ බලයන් ගැබ්වෙලා තියෙන “අද්භූත පුරාවස්තු”. මේ පුරාවස්තු හොයාගන්න අයට ලැබෙන්නේ ලෝකයම පාලනය කරන්න පුළුවන් තරමේ අසාමාන්‍ය සුපිරි බලයන්. මේ බලය නිසාම ලෝකයේ නීතිය, පාලනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

වීරයෙක් නෙවෙයි, මුල ඉඳන්ම පවර්ෆුල් ‘Anti-Hero’ කෙනෙක්!

කතාවේ ප්‍රධාන චරිතය (MC) තමයි ගෝරිකි රියෝගා. පොර badass චරිතයක්,ඒ වගේම තමන්ට ඕනේ දේ කොහොමහරි ලබාගන්න කෙනෙක්.

රියෝගා කියන්නේ මේ පුරාවස්තු හොයන්න ගිහින් දරුණු පාවාදීමකට ලක්වෙලා මැරෙන්න යන කෙනෙක්.මෙයාව පාවා දෙන්නේ කවුද ? ඒවගේම මෙයාට උදවු කරන්නෙ කවුද ? මෙයාගේ එකම අරමුණ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න , සෙට් වෙන්න පළවෙනි episode එක බලන්න..

ඔයාට මේක බලද්දී , කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් යන්න පුළුවන් සුපිරිම කතාවක් තමයි Tomb Raider King කියන්නේ.

ඊළග එපියෙන් සෙට් වෙමු…….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
S.K සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
S.K

July 17, 2026


1
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login