Ikka (2026) Sinhala Subtitles
Ikka (2026) Sinhala Subtitles
5.5

Ikka (2026) Sinhala Subtitles | “ අපරාජිත නීතීඥයා ” | සිංහල උපසිරැසි සමඟ

(Ikka (2026) Sinhala Subtitles) (Ikka (2026) Sinhala Subtitle) (Ikka (2026) Sinhala Sub)

කොහොමද හැමෝටම!

ඔයා නීතිය, අපරාධ සහ කුතුහලය පිරුණු Courtroom Drama එහෙමත් නැත්නම් අධිකරණමය චිත්‍රපට බලන්න ආස කෙනෙක් නම්, මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම ඔයාගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන්න ඕනෙ එකක්. සාමාන්‍යයෙන් අපි දකින හීරෝස්ලා ඉන්න, එකම රාමුවක යන කතාවලින් මිදිලා, මිනිස් මනසේ තියෙන සංකීර්ණතා සහ සදාචාරාත්මක ගැටලු ගැන හරිම ලස්සනට මේ ෆිල්ම් එකෙන් කතා කරනවා. තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න ඉස්සරහා කොච්චර දක්ෂයෙක් වුණත් කොහොමද අසරණ වෙන්නේ කියන එකත්, බලය සහ සල්ලි ඉස්සරහා නීතිය කියන දේ කොච්චර දුර්වල වෙන්න පුළුවන්ද කියන එකත් මේ කතාවෙන් අපිට පෙන්වලා දෙනවා.

කම්මැලි නැතුව, කුතුහලයෙන් යුතුව මුල ඉඳන් අගටම එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. කතාවේ තියෙන ත්‍රාසජනක බව වගේම, හැඟීම්බර අවස්ථාත් ප්‍රේක්ෂකයාගේ හදවතටම කතා කරවන්න නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම කතාවේ එන කුතුහලය දනවන සිදුවීම් සහ අන්තිම මොහොතේ වෙන Plot twists ටික නම් ඇත්තටම නියමයි.

මේ කතාව ගෙතෙන්නේ අර්ජුන් මෙහ්රා කියන අති දක්ෂ නීතිඥයා වටායි. එයා කොච්චර දක්ෂද කියනවා නම් නීති ක්ෂේත්‍රයේ හැමෝම ඔහුට කියන්නේ “ඉක්කා” ඒ කියන්නෙ ආසියා – Ace කියලා.

ඒත් ඔහුගේ පෞද්ගලික ජීවිතේ නම් තියෙන්නේ ලොකු ඛේදවාචකයක්. අර්ජුන්ගේ ආදරණීය දියණිය, සමයිරා පිළිකා රෝගයකින් පීඩා විඳිනවා. ඇයව බේරගන්න නම් අනිවාර්යයෙන්ම ඇටමිදුළු බද්ධ කිරීමක් කරන්න වෙනවා. මේ අතරේ තමයි සෝමා මිත්තල් කියන තරුණියගේ අමානුෂික ඝාතනයක් ගැන කතාවක් කරළියට එන්නේ. මේ මිනීමැරුමට ප්‍රධාන සැකකරු වෙන්නේ ප්‍රබල දේශපාලඥයෙක් වෙන හර්ෂ්වර්ධන් ගෞර්ගේ පුතා, ශෝර්යමාන් ගෝර්. තමන්ගේ දුවව බේරගන්න තියෙන එකම අවස්ථාව වෙනුවෙන් අර්ජුන්ට සිද්ධ වෙනවා මේ දරුණු අපරාධකාරයාව නීතියෙන් බේරගන්න එයාගේ නීතිඥයා විදිහට පෙනී ඉන්න. පැමිණිල්ල මෙහෙයවන නීතිඥ මධුරා බැනර්ජි කොච්චර සාක්ෂි ගෙනාවත්, අර්ජුන් තමන්ගේ තියුණු මොළය පාවිච්චි කරලා ඒ හැමදේම බොරු කරනවා.

තමන්ගේ දුවගේ ජීවිතයද, නැත්නම් සාධාරණයද කියන දෙගිඩියාව මැද අර්ජුන් ගන්න තීරණය මොකක්ද?
සෝමාට සාධාරණයක් ඉටු වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


126
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login