The title of the page
Tillu Square Sinhala Subtitle
Tillu Square Sinhala Subtitle
7
92
92

Tillu Square (2024) Sinhala Subtitles | “රෑ වැටුනු වලේ දවල් වැටුනු ටිල්ලු” | සිංහල උපසිරැසි සමඟ

(Tillu Square (2024) Sinhala Subtitles) (Tillu Square (2024) Sinhala Subtitle) (Tillu Square (2024) Sinhala Sub) (Tillu Square Sinhala Subtitle) (Tillu Square Sinhala Sub) (Tillu Square 2024 Sinhala Subtitle) (Tillu 2 Sinhala Subtitle)

සුභ දවසක් හැමෝටම,

ඔන්න ආයෙමත් අවුරුදු සීසන් එකේ වැඩත් එක්ක හිරවෙලා ඉදලා ඔන්න කොහොමින් කොහොමහරි දවස් දෙක තුනකින් නිදිමරාගෙන ගහලා ඉවර කරලා ෆිල්ම් එක දෙන්න පුළුවන් උනා. මේ ෆිල්ම් එක බලද්දි ටිල්ලුගේ කට මොනවගේද.. මං මේ සබ කරන්න මොන කට්ටක් කන්න ඇතිද කියල හිතාගන්න පුළුවන් වෙයි.. හරි හරි.. මගේ කයිවාරු ඇති..

සිද්ධු එහෙමත් නැත්නම් හැමෝම දන්න ඩිජේ ටිල්ලුගේ තවත් පරිච්ඡේදයක් පසුගිය මාර්තු 29 වෙනිදා තිරගතකිරීම් අරඹනු ලැබුවා.. ඉතින් කලින් චිත්‍රපටියට වගේ මේ ෆිල්ම් එකටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙන්න ගත්තා. ඩිජේ ටිල්ලු (2022) අධ්‍යක්ෂනය කරන්නේ විමල් ක්‍රිෂ්ණා උනාට Tillu Square (2024) අධ්‍යක්ෂනය කරන්නේ මලික් රාම් කියලා කෙනෙක්.. ඉතින් අධ්‍යක්ෂකවරු දෙන්නෙක්ගෙන් එකම කතාවට නියම සාධාරණයක් ඉෂ්ට වෙනවා. මේ වෙද්දිත් Tillu Square ෆිල්ම් එක IMDB:7/10ක තරම් ඉහල තැනක රැදිලා තියෙනවා. 2024 වර්ෂයේ මේ වෙනකන් තිරගත වූ තෙලිගු සිනමාපට වලින් තෙවෙනියට වැඩිම ආදායමක් ලබගන්න Tillu 2 සමත් උනා

මුල් ෆිල්ම් එකේ [ඩිජේ ටිල්ලු 2022] ආභාෂයෙන් හැදෙන මේ දෙවෙනි ෆිල්ම් එක 100%ක්ම වගේ පළවෙනි ෆිල්ම් එකත් එක්ක සම්බන්ධයි.. ඒ නිසා Tillu Square ෆිල්ම් එක බලන්න කලින් ඉස්සෙල්ලම DJ Tillu 2022 ෆිල්ම් එක බලලා ඉන්න

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Siddhu Jonnalagadda – [ඩිජේ ටිල්ලු]
Anupama Parameswaran – [ලිලී]
Murali Sharma – [ෂෙයික් මෙහ්බූබ්]
Praneeth Reddy – [මාකස්]
Neha Shetty – [‍රාධිකා] – [CAMEO]
Brahmaji – [‍ඉක්ස්පෙක්ටර් රාඕ] – [CAMEO]
Kireeti Damaraju – [‍රෝහිත්] – [CAMEO]

පළවෙනි ෆිල්ම් එකේදී රාධිකා ආදරේ කරලා ටිල්ලුව රවට්ටලා ගියා.. දෙවනි එකේ ඒ රැවටීම කරන්න තව කෙනෙක් එනවා. ඉතින් ටිල්ලුත් රෑ වැටුනු වලේම ආයිමත් දවල් වැටෙනවා.. ටිල්ලු කියන්නේ පිස්සෙක් උනාට ඒ පිස්සට තියෙන්නේ මාස්ටර් මයින්ඩ් එකක්.. කලින් පාර වගේම මේ පාරත් මට්ටු වෙන්නෙ ඒ රවට්ටපු කෙනාම තමයි.. ඒවගේම මං ඉහත සදහන් කරපු ආරාධිත රංගනයන් ටිල්ලු පළවෙනි ෆිල්ම් එකට සම්බන්ධ අය.. ටිල්ලුගේ කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑ හොදේ..

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

ඒ වගේම කියන්න ඕන කාලරාමු සින්ක් කරන්න ශාන් සසංග සහෝදරයා උදව් කරා වගේම මේ වෙනුවෙන් තිරය පිටුපස ඉදන් උදව් කරපු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා !

එහෙනම් ගිහින් එන්නම් , තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


31
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Tharusha Rukshan

    බොහොම ස්තූටියි මේ ෆිල්ම් වලට හාඩ්කෝර් කරන සබ්ටයිට්ල්ස් ටික තව බෝල්ඩ් උනානම් පැහැදිලිව පේනව ස්තූටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login