The title of the page
The Trial Sinhala Subtitle
The Trial Sinhala Subtitle
8.4

The Trial (2023) Sinhala Subtitles | “මිනීමැරුම් චෝදනාව” | සිංහල උපසිරැසි සමඟ

(The Trial (2023) Sinhala Subtitles) (The Trial (2023) Sinhala Subtitle) (The Trial (2023) Sinhala Sub) (The Trial Sinhala Subtitle) (The Trial Sinhala Sub)

සුභ දවසක් හැමෝටම!

විවේකි සති අන්තයේ ඔන්න අරගෙන ආව තව සබක්.. වැඩේ බාරදුන්නු සමිත අයියවයි.. පිටිපස්සෙන් ඉදන් හැමදාම සප් එක දෙන අංජුල අයියවයි මතක් කරගෙනම ෆිලුම දිහාට යං..

මං ගොඩක් අරගෙන එන්නෙ Crime & Thriller කියන කැටගරියේ ෆිල්ම්ස් නේ.. ඔන්න එහෙනම් සුපුරුදු විදියට මේකත් ඒකක්‌.. තෙළිගු භාෂාවේ චිත්‍රපටියක් වෙන මේක අධ්‍යක්ෂණය කරන්නේ Raam Ganni කියන අධ්‍යක්ෂකතුමා… මේකෙ ධාවන කාලය නම් එච්චර නෑ.. පැයයි විනාඩි 37 ක්‌ වගේ තමයි ෆිලුම දුවන්නේ..

The Trial Review.. మూడు పాత్రల మధ్య క్రైమ్ డ్రామా.. ది ట్రయల్ మూవీ రివ్యూ | The Trial Telugu Movie Review and Rating - Telugu Filmibeat

මොන හේතුවක්ද මන්ද මට මේ ටිකේම මට සෙට් උනේ කාන්තාවක් ප්‍රධාන චරිත කරන ෆිල්ම්ස්.. හැමදාම බලන ප්‍රධාන නළු ෆිල්ම් රැල්ලෙන් පොඩ්ඩක් එහාට වෙලා මේවගේ ඒවාට සබ් ගේන්න වෙච්ච එකටත් මං ආසයි

ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙන්නෙ Spandana Palli කියන තෙළිගු සිනමාවට අලුත් නිලියක්.. රංගනය නම් ඉහළ මට්ටමක් තිබ්බ කියලා මට කියන්න අමාරුයි.. නෝමල් තමයි..එතකොට රංගනයෙන් දායක වෙන අනික් අය නම් තෙළිගු සිනමාවේ නිතර හමුවෙන අය නෙවෙයි.. ගොඩක් අය අලුත් වගේ.. එයාලගෙ නම් ගම් පහලින් දාන්නම්

Cast

Spandana Palli as Sub-Inspector Roopa
Yug Ram as Ajay, Roopa’s husband
Vamsi Kotu as Circle Inspector Rajeev
Udhay Pulime
Sakhi Uttada
The Trial" Movie's Teaser Grandly Launched - Telugu Rajyam

විස්තරේ පැත්තට එනකොට,

රූපා කියන්නේ උප පොලිස් පරීක්ෂකවරියක්.. මෙයාගේ මහත්තය තමයි “අජේ” කියන්නෙ.. මෙයාල දෙන්න බැදලා හරියටම අවුරුද්දක්‌ පිරීමේ සතුට නිසා මෙයාල දෙන්න දවසක් එපාට්මන්ට් එකකට ගිහින් සන්වත්සරේ සමරනවා.. ඒකත් මෙයාල දෙන්න විතරයි.. ඔහොම විනාඩි 5ක්‌ 10ක්‌ ඉන්නකොට අජේ හදිස්සියේම බැල්කනි එකෙන් පහලට වැටිලා මැරෙනවා.. අජේගේ ගෙවල් වල අය රූපාව සැක කරනවා මේ මරණෙට..මේ නඩුව විසදන්න ඒ බල ප්‍රාදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක් මෙයාගේ ගෙදරට ඇවිත් මෙයාව අත්අඩංගුවට ගන්නවා.. ඒවගේම රූපාගෙන් ප්‍රශ්න කරනවා..

  • ඇත්තටම රූපා මේ මිනීමැරුම කරලද.?
  • නැත්තම් මේක හදිස්සි අනතුරක්ද.?
  • අජේ කියන්නේ පිටට පෙන්නන තරම් හොද මිනිහෙක්ද.?
  • කව්ද මේ නඩුව බාරගත්ත උසස් පොලිස් නිලධාරියා.?

ඔන්න ඔය ප්‍රශ්න ටිකත් ඔළුවේ තියාගෙනම මේ ෆිලුම බලන්න ගන්නකො එහෙනම්..අදට ගිහින් එන්නම් හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

මගේ මහන්සිය නිමෙන කොමෙන්ට් එකක් කොටගෙනම යං.. 

Milagro Movies on X: "An Intense & Gripping investigation thriller #TheTrial now in cinemas near you ☑️ https://t.co/RpX9enjkEO" / X

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

14 comments

  1. එල එල…පහර ඔය වගේ ඒවට සබ් දෙනවට….පුලුවන් නම් කංගනාගේ ටේජස් එකටත් සබ් දෙන්න…

  2. Irugapatru දෙන්නකෝ

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. ප්‍රදීප්

    සුපිරියක්.‌බොහෙම ස්තුතියි සහෝ සබ් එකට.

  5. හේමන්ත

    Thank You Shan….

  6. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  7. Captain miller ගේන්නෙ කවද බ්‍රො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login